අහිංසක දෙමළ මිනිසුන් මරා දමන විට සතුටක් ඇති වූ බව පැවසූ ඇතැමුන් සමඟ අද ඒකාබද්ධ විපක්ෂය රැස්වීම් තබන තත්ත්වයට පත්වීම වීම කණගාටුදායක බව ඩි...
අහිංසක දෙමළ මිනිසුන් මරා දමන විට සතුටක් ඇති වූ බව පැවසූ ඇතැමුන් සමඟ අද ඒකාබද්ධ විපක්ෂය රැස්වීම් තබන තත්ත්වයට පත්වීම වීම කණගාටුදායක බව ඩිලාන් පෙරේරා මහතා කියා සිටියේය. ඒ අනුව කමල්ලාගේ හා විමල්ලාගේ වෙනසක් නොමැති බවයි ඔහු පෙන්වා දුන්නේ.
නැවත වරක් ජාතිවාදය, ආගම්වාදය කරපින්නාගෙන ගොස් රට ගිනි තැබීමට ඉඩ දිය නොහැකි බව රාජ්‍ය අමාත්‍ය ඩිලාන් පෙරේරා මහතා අවධාරණය කළේය. මෙරට දේශපාලන ඉතිහාසයේ සිංහල, දෙමළ, මුස්ලිම් සෑම දේශපාලකයෙක්ම ජාතිවාදය ආගම්වාදය අවුස්සමින් කටයුතු කර ඇති බවයි රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ.
ජාතික ප්‍රශ්නයත් සමඟ මෙරට ප්‍රධාන දේශපාලන පක්ෂ දෙක හැමදාමත් කළේ ෆුට් බෝල් ගැසීම බවයි හෙතෙම කියා සිටියේ. තවදුරටත් ජාතික ප්‍රශ්නය නොවිසදා එය පාවිච්චි කර ජාතිවාදය,ආගම්වාදය අවුස්සමින් කටයුතු කරන්නේ නම් එය අනාගත පරම්පරාවට කරන හානියක් බව රාජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළේය. ජාතික ප්‍රශ්නය විසඳා ගැනීමේ හොඳම අවස්ථාව වර්තමාන පාර්ලිමේන්තුවේ ගොඩනැගී ඇති හෙයින් නැවත එවැනි අවස්ථාවක් නොඑන බව අවධාරණය කළ ඔහු පෙන්වා දුන්නේ අන්තිම බස් එක මඟහරවා ගත යුතු නැති බවයි.
ආශිකා බ්‍රාහ්මණ
COMMENTS