තිස්සමහාරාම සඳගිරි උභය මහා විහාරයේ සියලු පිං පෙට්ටි මුද්‍රා තබා බෞද්ධ කටයුතු පිළිබඳ දෙපාර්තමේන්තුව අධීක්ෂණයට වහා ලක් කරන ලෙස විහාරාධිපති පූ...
පසුගිය අගෝස්තු මස 8 වනදා තිස්සමහාරාම සඳගිරි උභය මහා විහාරයට පැමිණි බෞද්ධ කටයුතු පිළිබඳ දෙපාර්තමේන්තුවේ විගණන නිලධාරීන් විසින් එම විහාරයේ විගණනයක් සිදු කිරීමෙන් අනතුරුව මෙම නියෝගය නිකුත් කර තිබෙනවා. ඒ පිං පෙට්ටිවලින් ලැබෙන මුදල් සහ අනෙකුත් ආදායම් පිළිබඳව මූල්‍ය වාර්තා විධිමත් පරිදි පවත්වාගෙන නොයෑම හේතුවෙන් බව පවසමින්.
ඒ අනුව විහාරයේ සියලු පිං පෙට්ටි මුද්‍රා තබා බෞද්ධ කටයුතු පිළිබඳ දෙපාර්තමේන්තුවේ අධීක්ෂණය යටතේ ගණනය කර භාරකාර ගිණුමට ඒවා බැර කළ යුතු බවටයි විහාරාධිපති පූජ්‍ය දේවාලේගම ධම්මසේන හිමියන්ට නියෝග කර ඇත්තේ.
කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් උන්වහන්සේ ප්‍රකාශ කළේ ආණ්ඩුව විහාරස්ථානවලින් බදු අය කර ගැනිමේ උත්සහයක නිරතවන බවට සැකයක් පවතින බවයි. එසේම අදාල සිදුවීම සම්බන්ධයෙන් උන් වහන්සේ මාධ්‍ය වෙත මෙලෙස අදහස් දැක්වුවා.
"පෙරහැර කරන්නේ ජනතා මුදලින් ඊට විශාල මුදලක් වැය වෙනවා. වාර්ෂිකව චෛත්‍යයේ හුණු පිරියම් කරන්න ලක්ෂ 50ක පමණ මුදලක් වැය වෙනවා. සේවකයින්ට කන්න බොන්න දෙන්න ඕනේ. පිං පෙට්ටිය අරින්න නිලධාරින් එනකම් මුරකාරයෝ දාන්න මට වත්කමක් නැහැ.
ඊට වඩා හොඳයි පිං පෙට්ටිය කැඩුවානම්. පල්ලියට අක්කර හාරසිය ගාණක් තියෙනවා.ඒවායේ මුදල් යන්නේ කොහෙටද? ඒවා ගැන විගණනයක් කරනවාද? මඩකලපුව විශ්ව විද්‍යාලයේ මුදල්වලට මොකද වුණේ?
රජය මේවාට විගණන කළාද? බෞද්ධ ජනතාවගෙන් ලැබෙන මුදල්වලට විගණනය කරන්නේ මොන පදනමින්ද? පඬුරු පෙට්ටි විගණනය කරන්න ඇවිත් අපි හොරු කියලා හිතනවාද දන්නේ නැහැ. මේවා සාංඝික දේපළක්. අපිට සැකයක් තියෙනවා පන්සල්වලින් බදු ගන්න උත්සහ කරන බව."
COMMENTS