ර ජයේ අදායමෙන් විශාල මුදලක් කොමිස් වශයෙන් බ්‍රොකර්වරුන්ට ගෙවීමෙන් රජයේ මුදල් රෙගුලාසි එනම් මු.රේ 135, 136,137,138, සහ 139 උල්ලංඝනය කිරිම යත...
රජයේ අදායමෙන් විශාල මුදලක් කොමිස් වශයෙන් බ්‍රොකර්වරුන්ට ගෙවීමෙන් රජයේ මුදල් රෙගුලාසි එනම් මු.රේ 135, 136,137,138, සහ 139 උල්ලංඝනය කිරිම යතාවත් කිරිමට ලක්සල අද 6 වෙනිදා සවස විශේෂ මණ්ඩල රැස්වීමක් කැදවා ඇත.
අවම වශයෙන් දින 3 කට කලින් මණ්ඩල රැස්වීමක් පැවත්වෙන්නේ නම් අදාළ මණ්ඩල පත්‍රිකාව අධ්‍යයක්ෂක මණ්ඩල සමාජිකයින් අතර බෙදාහැරිම මණ්ඩල ලේකම්ගේ වගකිම වුවත් එම සම්ප්‍රදායද උල්ලංඝනය කරමින් මෙම රැස්විම පැවත්වීමට අද පස්වරුවේ සුදානම් කොට ඇත.
රාජ්‍ය ආයතනයක් සඳහා සවිස්තරාත්මකව මුදල් පරිපාටියක් හා කාර්යය පටිපාටිය නිසි ලෙස සකස් කර යෝජනා සම්මත කරගෙන නොමැති අවස්ථාවක මහා භාණ්ඩාගාර නිසි අනුමැතියෙන් තොරව මෙසේ කොමිස් මුදල් තැරැව්කරුවන් වෙත ගෙවිම මුදල් රෙගුලාසි උල්ලංඝනය වන බව පලපුරුදු රාජ්‍ය නිලධාරියෙකු ලෙස වැ.බ. කලමනාකාර අධ්‍යක්ෂක ලිඛ්තව එසේ දන්වා සිටියත් නව සභාපතිවරයා විසින් එම තත්ත්වය අවබෝධ කොට නොගෙන මුදල් රෙගුලාසි උල්ලංඝනය කරමින් කෝටි ගනනක් තැරැව්කරුවන්ට දීම සහ ඊට අනුබල දෙමින් මෙසේ හදිසියේ මණ්ඩල රැස්විමක් කැදවා එය යතාවත් කරගෙනිමට උත්සහ කිරිම හරහා 21/01/2016 දින පැවති මණ්ඩල රැස්වීමේදි ගනු ලැබු තීරණය උල්ලංඝනය කිරිමකි. එමෙන්ම ඊට නිසි මහා භාණ්ඩාගාරයේ අනුමැතියකින් තොරව ක්‍රියාත්මක කිරිම අනිකුත් රාජ්‍ය ආයතනවලට ද නරක පූර්වාදර්ශයක් වනු ඇත.
එසේ රාජ්‍ය ආයතනයක් කොමිස් ලෙස මුදලක් තුන්වන පාර්ශ්වයක් සඳහා ලබාදීම මගින් ආණ්ඩුවට පාඩු සිදු කිරීම යටතේ ඊට අනුබලදීම, පෙලබවීම, සහ සහභාගි වීම මෙන්ම කොමිස් මුදලක් ලබාදීම මෙන්ම ලබා ගැනිම දඬුවම් ලැබිය හැකි වරදකි, මේ සම්බන්ධයෙන් අල්ලස් පනතේ 20 වෙනි වගන්තිය (i) (vi) සහ (vii) ප්‍රකාරව එය වරදක් බවත්, එහි කොමිස් මුදල් තුටු පඬුරු ලෙස අර්ථකථනය කොට ඇති බවත් (අල්ලස් පනත2005 සංශෝධනය,පිටු අංක 24) සඳහන් වේ. එම වරදට අල්ලස් පනත යටතේ වසර 7 කට නොවැඩි බරපතළ වැඩ සහිතව සිරදඬුවම් හිමිවේ,
එම නිසා මෙම වරදේ බරපතළ කම තේරුම්ගෙන රාජ්‍ය මුදල් හා පරිපාලන නිසි දැනුමක් සහිතව මෙවෙනි සුවිශේෂ අවස්ථාවක් සම්බන්ධයෙන් ගරු නීතිපතිවරයාගෙන් උපදෙස් අදාළ ආයතනය විසින් ලිඛ්තව ලබාගෙන කටයුතුවල යේදීම රාජ්‍ය නිලධාරින් වන මණ්ඩල සමාජිකයින් ගේ වගකීමකි.
අල්ලස් පනත මෙතනින්

COMMENTS