දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
Temples
Homeප්‍රවෘත්ති

Temples

PropellerAds

මි න් ඉදිරියට අනුරාධපුර නගර සභා බල ප්‍රදේශයේ බුදුපිළිම තැබීමට, පන්සල් ඉදිකිරීමට අවසර නොදෙන බවත් බුදු පිළිම තැබූවිට ඒ ස්ථානවල හාමුදුරුවනුත් ...

චම්පිකගේ රිය අනතුරු නඩුවට පුහුණු කළ සාක්ෂිකරුවෙක්!
අපේ අඩුපාඩු හොයන්නෙ උදේ නැගිට්ටම ඇඳේ රෙද්දවත් හදන්නෙ නැති අය – රෝහිත
පාස්කු ප්‍රහාරයේ සියලු චෝදනාවලින් හේමසිරි ප්‍රනාන්දු නිදොස් කොට නිදහස්!
මින් ඉදිරියට අනුරාධපුර නගර සභා බල ප්‍රදේශයේ බුදුපිළිම තැබීමට, පන්සල් ඉදිකිරීමට අවසර නොදෙන බවත් බුදු පිළිම තැබූවිට ඒ ස්ථානවල හාමුදුරුවනුත් පදිංචි වෙන බව අනුරාධපුර මහනගර සභාවේ නගරාධිපති එච්.පී. සේමදාස මහතා පැවැසීය. පෙරේදා (07දා) මහනගර සභාවේ පැවැති මාසික සැසිවාරයේදී නගරාධිපතිවරයා ඒ බව පැවසූ අතර අනුරාධපුර කාර්මික පෙදෙස පවිත්‍රපුර ප්‍රජාශාලාවේ තරුණයන් පිරිසක් බුදුමැඳුරක් ඉදිකිරීම සම්බන්ධයෙන් නාගරික මන්ත්‍රි සුසිල් තිලකරත්න මහතා විරෝධතාව පළ කළ අතර එහිදී නගරාධිපතිවරයා ඉහත තීරණය ප්‍රකාශ කළේය.

නාගරික මන්ත්‍රි සුසිල් තිලකරත්න මහතා එහිදී අදහස් දක්වමින් මෙසේ පැවසුවේය. අනුරාධපුර පවිත්‍රපුර ප්‍රජාශාලා භූමියේ පසුගිය පළාත් පාලන මැතිවරණය පැවැති සමයේ හදිසියේ නගර සභාවට ලිපියක් යොමු කොට අවසර ලබාගෙන බුදු මැඳුරක් ඉදිකරමින් පවතිනවා.

නගරාධිපති එච්.පී. සෝමදාස මහතා, බුදු පිළිමයක් තියන්න ප්‍රජා ශාලාවේ.

නාගරික මන්ත්‍රි සුසිල් තිලකරත්න මහතා, ප්‍රජා ශාලාව තුළ නොවෙයි ප්‍රජා ශාලා භූමියේ වැසිකිළියට යාබදව එය ඉදි කරන්නෙ.

නගරාධිපති, ඔයා කැමැතිද බුදු මැඳුරක් ඉදි කරනවට. නාගරික මන්ත්‍රි සුසිල් තිලකරත්න මහතා, අපි අකැමැති වැසිකිළිය අසල එය ඉදිකිරීම නිසයි. බුදුපිළිමයක් තැන්පත් කළ යුතු තැනක නොවෙයි බුදු මැඳුර ඉදි කරන්නෙ. වැසිකිළියට බඹ කීපයකට දුරින් බුදුමැඳුර ඉදි කරන්න.

නගරාධිපති, එහෙනම් බුදු පිළිමයක් තියන්න දෙන්නෙ නෑ. බුදු පිළිමෙත් ඕන නෑ. නැතිනම් හාමුදුරුවරු ඕකේ පදිංචි වෙයි.

නාගරික මන්ත්‍රි සුසිල් තිලකරත්න මහතා, මේ වගේ දේවල්වලට ඉල්ලීම් ඉදිරිපත් කරනවිට නගර සභාවේ ඉන්ජිනේරු අංශය ස්ථානීය පරීක්ෂාවක් සිදු කොට බුදු මැඳුරක් ඉදිකිරීමට සුදුසු ස්ථානයක් යෝජනා කිරීමට තිබුණා. නගරාධිපති, ආපසු කවුරුත් එකඟ වෙන්න එපා නගරයේ බුදුපිළිම තියන්නයි, පන්සල් ඉදිකරන්නයි. අනුරාධපුර නගරයේ පන්සල් විසි හතරක් තිබෙනවා.

නාගරික මන්ත්‍රි සුසිල් තිලකරත්න මහතා, මම කියන්නෙ සුදුසු තැනක ඉදි නොකරන නිසා එය ඉදි කරන්න දෙන්න එපා කියලා.

නගරාධිපති, අනුරාධපුර නගරයේ මින් පසු බුදු පිළිම තැන්පත් කරන්නෙත්, පන්සල් හදන්නෙත් නෑ. පුල්ලෙයාර් රූප තියන්නෙත් නෑ. අනුරාධපුර නගරයේ ඕවා හැදුව ඇති දැන්. නාගරික මන්ත්‍රි සුසිල් තිලකරත්න මහතා, දහයියාගම මංසන්ධියෙත් පුල්ලෙයාර් රූපයක් තැන්පත් කොට තියෙනවා. ඒක ඉදිරිපිට මස් කපනවා. ඒ සම්බන්ධයෙන් මේ වනතුරු පියවරක් ගෙන නෑ.

මහේෂ් විජේසූරිය


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29270,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: Temples
Temples
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiotfpdR_nZKFLZj4H8g_Zps1rMFSdsyw1_3F2jVH57gAJ5ARbMbBOLSwft7Hvr-cvpaPTf1lxt8O_a6UMmQ-5R-Hf_s2-BbOMth9pfkfL_hZK4btUoqzQ5JAlqHADbZhIcoUGRjCYoeOa9/s320/5d4c259799579_pansa.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiotfpdR_nZKFLZj4H8g_Zps1rMFSdsyw1_3F2jVH57gAJ5ARbMbBOLSwft7Hvr-cvpaPTf1lxt8O_a6UMmQ-5R-Hf_s2-BbOMth9pfkfL_hZK4btUoqzQ5JAlqHADbZhIcoUGRjCYoeOa9/s72-c/5d4c259799579_pansa.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2019/08/temples.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2019/08/temples.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy