‘අග්‍රාමාත්‍යතුමාගේ හදිසි කැදවීමක් නිසා කොළඹ බලා යන්න තියෙන මොහොතක නියමිත න්‍යාය පත්‍රයට අනුව උත්සව කටයුතු කරන්න බැරීවීම ගැන මම පන්සලේ හාම...
ඊයේ (29) දා සවස ඇඹිලිපිටිය සංඛපාල රජමහා විහාරස්ථානයේ ඉදිකල නව දහම්පාසල් ගොඩනැගිල්ල විවෘත කිරීමේ උත්සව අවස්ථාවට පැමිණි සජිත් පේමදාස මහතා තම කතාව ආරම්භයේම මේ ආකාරයෙන් ප්‍රකාශ කරන ලදී.
මෙම අවස්ථාව සංඛපාල රජමහා විහාරස්ථානයේ කොකාවල කෝසල හිමියන්,සහ කොළඹගේ ආර නාගිත හිමියන්ගේ මූලිකත්වයෙන් සංවිධානය කර තිබිනි.
මේ සදහා රත්නපුර දිස්ත්‍රික් එ ජා ප පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ, කොලොන්න එ.ජා.ප ප්‍රධාන සංවිධායක පී.අබේනායක, හිටපු පලාත් සභා මන්ත්‍රී බී.ආරියවංශ,යන මැති ඇමතිවරුන් සහභාගී වී සිටින ලදී.
ඒ අනුව කතා දෙකකින් උත්සවය නිමකල සජිත් පේමදාස මහතා එම ස්ථානයෙන් ඉතා ඉක්මනින් පිටත්ව යන ලදී.
– ඇඹිලිපිටිය ප්‍රගීත් ජනක
COMMENTS