නී තීඥ සංවිධාන ජාතික එකමුතුව විසින් නිකුත් කරන ලද නිවේදනයක් මෙහි දැක්වෙයි. නීතීඥ මනෝජ් ගමගේට කොටුව පොලීසියෙන් කැදවීමක් අප සංවිධානයේ සභ...
නීතීඥ සංවිධාන ජාතික එකමුතුව විසින් නිකුත් කරන ලද නිවේදනයක් මෙහි දැක්වෙයි.
නීතීඥ මනෝජ් ගමගේට කොටුව පොලීසියෙන් කැදවීමක්
අප සංවිධානයේ සභාපති නීතීඥ මනෝජ් ගමගේ මහතා විසින් මාධ්‍ය හමුවකදී කරන ලද අදහස් ප්‍රකාශ කිරීමකට විරුද්ධව අපරාධ පරීක්ෂණ
දෙපාර්තුමේන්තුවේ අධ්‍යක්ෂ ෂානි අබේසේකර මහතා විසින් කොටුව පොලිස් ස්ථානය වෙත කර ඇති පැමිණිල්ලකට අදාළව ප්‍රකාශයක් ලබා දීම සදහා 2019-08-20 දින කොටුව පොලිසිය වෙත පැමිණෙන ලෙස දැනුම් දීමක් කර ඇත.
ශ්‍රී ලංකා ඉතිහාසයේ ප්‍රථම වරට නීතීඥවරයෙකු කරන ලද අදහස් දැක්වීමකට එරෙහිව පොලිස් පරීක්ෂණයක් ආරම්භ වී ඇති මේ අවස්ථාව ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 14 (1) වගන්තියෙන් සහතික කර ඇති භාෂණයේ හා අදහස් ප්‍රකාශ කිරීමේ මූලික අයිතිවාසිකම දැඩි අභියෝගයකට ලක් වී ඇති අවස්ථාවක් සේම ප්‍රජාතන්ත්‍රවාදය දැඩි ලෙස අභියෝගයට ලක් වී ඇති අවස්ථාවක් ලෙස අප සංගමය දකින අතර මේ සම්බන්දයෙන් අප සංගමයේ සභාපති නීතීඥ මනෝජ් ගමගේ මහතා විසින් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව වෙත HRC/2226/19 දරණ පැමිණිල්ල ඉදිරිපත් කර ඇති අතර ශ්‍රී ලංකා නීතීඥ සංගමය වෙතද ලිඛිතව පැමිණිලි කර ඇත.
මේ සමබන්දයෙන් කඩිනම් පරීක්ෂණයක් ආරම්භ කල බවට ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව දැනුම් දී ඇති අතර නීතීඥ මනෝජ් ගමගේ මහතාගේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය වෙනුවෙන් හා නීතීඥවරයෙකු ලෙස ඇති වෘත්තීය අයිතීන් වෙනුවෙන් පෙනී සිටීමට ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ විධායක සභාව ඒකමතිකව තීරණය කර ඇති බවද නීතීඥ මනෝජ් ගමගේ මහතාට දැනුම් දී ඇත.
නීතීඥ තුසිතා සිල්වා
ලේකම්
නීතීඥ සංවිධාන ජාතික එකමුතුව

COMMENTS