රාජ්‍ය නිලධාරීන් නිසි පරිදි සිය රාජකාරි ඉටු නොකරන බවත් රට දිගින් දිගටම වංචා දූෂණ සිදු වෙමින් පවතින බවත් සමාජ සවිබල ගැන්වීම් නියොජ්‍ය අමාත්...
එහිදී අදාළ පස්මහල් ගොඩනැඟිල්ල කිසිදු ප්‍රමිතියකින් තොරව ඉදිකෙරෙන බවට ඒ මහතා රාජ්‍ය නිලධාරීන් වෙත චෝදනා එල්ල කළේය.
එහිදී අදහස් දක්වමින් රජයේ නිලධාරීන් නිසි පරිදි සිය රාජකාරිය ඉටු නොකරන බවත් වරද ඇත්තේ දේශපාලකයන්ගේ නොව රාජ්‍ය නිලධාරීන්ගේ බවත් ඒ මහතා ප්‍රකාශ කර සිටියි.
එසේම මරණ හොරකම් වංචා නැවැත්වීම සඳහා මරණ දඬුවම ක්‍රියාත්මක කළ යුතු බව පැවසු ඒ මහතා "හරියට එකෙක් එල්ලුවානම් හොරකම නවතිනවා" යනුවෙන් ප්‍රකාශ කර සිටියේය.
එක්සත් ජාතික පක්ෂයේ වත්මන් අර්බුදය පිළිබඳ අදහස් පල කළ ඒ මහතා, ජනාධිපතිවරණ අපෙක්ෂකයා ලෙස ඉදිරිපත් වීමට අපේක්ෂා කරන අය වටා වෙන වෙනම පිරිස් ඒකරාශී වෙමින් පවතින බැවින් එක්සත් ජාතික පක්ෂය කොටස්වලට කැඩී යන බවත් ප්‍රකාශ කළේය.
කෙසේ වුවද තමන් එක්සත් ජාතික පක්ෂයේ වත්මන් නායකයා සමඟ සිටින බවත් ඒ මහතා ප්‍රකාශ කර සිටියේය.
එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා මෙසේ පැවසීය.
"යු.එන්.පී කාරයෝ අසරණයි. දෙපැත්තට බැණ බැණ යනවා මං දන්නෑ මොනවා වෙයිද කියලා.
නායකතුමත් කියන දේ අහන මිනිහෙක් නෙවෙයි ගහන්න ගහන්න ඇට්ටර වෙනවා.
සජිත් ප්‍රේමදාස මහත්තයා ළඟ ඉන්න කට්ටියක් නායකතුමාට ගහනවා. නායකතුමා ළඟ ඉන්න කට්ටියක් සජිත්ට ගහනවා.
මටනම් පේන්නේ එජාපය දෙකට කැඩෙන සයිස් එකක් තියෙන්නේ.
අපිනම් එක්සත් ජාතික පක්ෂය දාලා යන්නේ නෑ.
රනිල් වික්‍රමසිංහ මහත්තයා තනියෙන් ඡන්දෙ ඉල්ලුවත් අපි ඡන්දයක් දීලා නිකන් ඉන්නවා."
COMMENTS