සෑම වසරක් පාසාම, ගවයින් ඇතුළු තවත් අහිංසක සතුන්ගේ ජිවිත අමු අමුවේම බිලිගන්නා තිරස්චීන ආගමික උත්සවයක් අද හෙටම එළඹෙන්නට නියමිතය. දහස් ගණන් ස...
කාර්මික යුගයේ උච්ච ස්ථානයක සිටින යුගයක පවා තවමත් මෙවැනි ගෝත්‍රික සිරිත් විරිත් වලින් ඈත් නොවී ඒවා බදාගෙන ඉන්නා, සොබාදහමත් කම්පා කරවන, නොදියුණු ආගමික සංස්කෘතීන් තවමත් සමාජය තුළ ඉතිරිව තිබීම ඉතාම කණගාටුදායකය.
තම දරුවන්, බිරිඳ, ඥාතීන් ඉදිරියේ ඔවුන් බලා සිටියදීම ගෘහ මූලිකයා ගේ සියතින් අහිංසක සතුන්ගේ ගෙල සිඳ දමයි. මෙම කෲර දර්ශනය සහ සතුන්ගේ රුධිරය ගලායන අයුරු දකින දරුවන්ගේ මනසට ඇතිකරන බලපෑම නම් ම්ලේච්ඡත්වය සහ කෲරත්වය මිස වෙනකක් නොවේ.
අනේකවිධ වධ හිංසාකර පසුව බෙලි කැපී, ප්‍රාණය නිරුද්ධ වන තෙක් වේදනාවෙන් දඟලන සතුන් දෙස බලාසිටීම මෙන්ම තම දෑත් හා නිවෙස් රුධිරයෙන් දෝවනය කිරීම වැනි දෑ මිලේච්ඡත්වය මිස අන්කවරක්දැයි විමසිය යුතුව තිබේ.
පුරාතනයේ පටන් උතුම් සංස්කෘතික ගුණාංගවලින් හෙබි මෙම පින්බිම තුළ මෙවන් ම්ලේච්ඡ ආගමික චාරිත්‍ර හෝ සංස්කෘතියක කොටස් ඔවුන්ගේ උතුම් සංස්කෘතියක් ලෙස, දේශපාලනික උවමනාවම මත අප පිළිගත යුතුදැයි ප්‍රශ්ණ කළ යුතුය. ලක්ෂ සංඛ්‍යාත සතුන්ගේ ජිවිත බිලිගන්නා මෙවැනි ආගම් හා ඔවුන්ගේ උත්සව කොතෙක් දුරට ශිෂ්ට සම්පන්නද? සාදාචාරාත්මකද? මිනිසත්කමට ඔබිනවාදැයි බුද්ධිමත් ඔබ සිතා බලන්න.
එබැවින්, ඉදිරි දින දෙක තුන, විශේෂයෙන්ම ගව සම්පතට ඉතා අනතුරුදායක කාලයකි. ගවයින් හොරකම් කිරීම, වෙනත් ක්‍රමවලින් පැහැර ගැනීම, නීති විරෝධී ලෙස ප්‍රවාහනය කිරීම හා සගවා ගැනීමට ඉඩඇති කාලයකි. ගෙවීගිය දින කිහිපයේත් වැඩුණු ගවයන් මෙන්ම, වසු පැටවුන් හොරකම් කිරීම් පිළිබඳව දසතින් පුවත් වාර්තා විය.
එම නිසා ඉදිරි දින දෙක තුන තුළ තම නිවෙස් වල, ගව පට්ටිවල, තම ගම්බිම් වල නිදැල්ලේ සැරිසරන ගවයින් හා එළුවන්ගේ ජිවිත ආරක්ෂා කර ගැනීම සඳහා දැඩි අවධානය යොමු කරන ලෙසත්, අහිංසක සතුන්ගේ ජිවිත හානිය වළක්වා ගැනීම සඳහාත් ගතහැකි සෑම පියවරක්ම ගන්නා ලෙසත්, සත්ව අවිහිංසා ජාතික එකමුතුව ආචාරධර්ම හා ශිෂ්ටත්වය අගයන රටවැසියන්ගෙන් ඉල්ලා සිටී.
සත්ව අවිහිංසා ජාතික එකමුතුව විසින් නිකුත් කර ඇති මාධ්‍ය නිවේදනයක් ඉහත දැක්වෙයි.
ආචාර්ය ටිකිරි බණ්ඩාර ඇටිපොළ
සම ලේකම්
සත්ව අවිහිංසා ජාතික එකමුතුව
COMMENTS