එ ක්සත් ජාතික පක්ෂය ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන පක්ෂයක්. ඒ එජාපය එක පවුලකට සීමා වී නැති නිසා. ඒ නිසා පක්ෂය තුළ අදහස් මතවාද වැඩියි. පක්ෂයේ ඉ...
එක්සත් ජාතික පක්ෂය ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන පක්ෂයක්. ඒ එජාපය එක පවුලකට සීමා වී නැති නිසා. ඒ නිසා පක්ෂය තුළ අදහස් මතවාද වැඩියි. පක්ෂයේ ඉතාම හොඳ අභ්‍යන්තර ප්‍රජාතන්ත්‍රවාදයක් තිබෙන නිසා සියලු දෙනාගේම අදහස් ඉදිරිපත් කිරීමට අවකාශ තිබෙනවා යැයි එක්සත් ජාතික පක්ෂයේ ජාතික සංවිධායක වැවිලි කර්මාන්ත අමාත්‍ය නවීන් දිසානායක මතුගමදී පැවැසීය.
එහිදී හෙතෙම මෙසේද කීය.
1988දී එක්සත් ජාතික පක්ෂයේ දැවැන්තයෝ තිදෙනකුගේ නම් සඳහන් වුණා. රණසිංහ ප්‍රේමදාස, ගාමිණී දිසානායක සහ ලලිත් ඇතුළත්මුදලි මැතිතුමා ඒ අතර හිටියා. 1994දී එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා තේරීමේ තරගයට මගේ පියාත් ඉදිරිපත් වුණා. පක්ෂයේ රහස් ඡන්දයක් තිබුණා. මගේ පියා ඡන්ද දෙකකින් ජය ගත්තා. එහිදී රනිල් වික්‍රමසිංහ මහතාත් තරග කරන්න කැමැත්ත ප්‍රකාශ කළා. නමුත් ගාමිණි දිසානායක වැඩි ඡන්දයෙන් ජයගත්තා.
1994දී ජනාධිපති අපේක්ෂකයා වුණේ අවුරුදු 52ක් වූ නියෝජ්‍ය නායක වූ මගේ පියායි. ඇමැති තනතුරු දරල දේශපාලන පරිණතභාවයක් තිබුණා.
අපේ පක්ෂයේ තනතුරු දෙකක් නොව තනතුරු තුනක් තියෙනවා. ජනාධිපති අපේක්ෂක, අගමැති අපේක්ෂක සහ පක්ෂ නායක කියන තනතුරු තිබෙනවා. සාකච්ඡා කර මේ තනතුරු සඳහා සුදුසු අය පත්කර ගත හැකියි. හොඳම ක්‍රමය එයයි.
සුදුස්සාට සුදුසු තැන ලබාදිය යුතුයි. සුදුස්සා කවුද කියන එක ගැටලුවක්. සුදුස්සා තේරීම ගැටලුවක්. සැප්තැම්බර් මාසය වන විට පැවැත්විය යුතු ජනාධිපතිවරණයේ කාර්යභාරය එක්සත් ජාතික පක්ෂයේ ජාතික සංවිධායක ලෙස එම වගකීම භාරගෙන කටයුතු කරනවා.
මතුගම - වසන්ත කුමාර, අගලවත්ත - ප්‍රභාන් බුලත්සිංහල

COMMENTS