දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ආණ්ඩුව වෙනුවෙන් ඩිලාන් බෙල්ල තියයි... බාර් ඇරපු වගකීමත් බාර ගනී!
Homeප්‍රවෘත්ති

ආණ්ඩුව වෙනුවෙන් ඩිලාන් බෙල්ල තියයි... බාර් ඇරපු වගකීමත් බාර ගනී!

PropellerAds

බාර් විවෘත කිරීමේ වගකීම භාරගැනීමට කෙනෙක් නැත්නම් තමා එම වගකීම භාරගන්න බව ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහත...

පාලකයො දන්නෙ නෑ අපි කන විදිහ – හාල් ඇටයයි වතුර ලීටරයයි කන්නද කියන්නේ?
කැරලයින් ජූරිට වසර 10-20ක් අතර සිර දඬුවම් ?
රන්ජන් වෙනුවට මාන්නප්පෙරුම දිවුරුම් දෙයි
බාර් විවෘත කිරීමේ වගකීම භාරගැනීමට කෙනෙක් නැත්නම් තමා එම වගකීම භාරගන්න බව ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා පවසනවා.

බාර් විවෘත කිරීම ගැන කිසිදු ප්‍රශ්නයක් නොමැති බවත් බාර් ඇරියට සියලු දෙනාම බොන්න යැයි ආණ්ඩුව ප්‍රකාශ නොකල බවත් මන්ත්‍රීවරයා කියා සිටියා.

ඊයේ (23) බත්තරමුල්ල නෙළුම් මාවතේ පිහිටි ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ පක්ෂ මුලස්ථානයේ දි පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී ඔහු මේ බව සඳහන් කළා.

එහිදී මන්ත්‍රීවරයා මෙසේද පැවසුවා.

"ඊයේ එක්තරා නැගෙනහිර පළාතේ මන්ත්‍රිවරයෙක් රටේ නායකයාට තව මොහොතකින් හූ තියයි කියලා බලාගෙන ඉන්නවා කිව්වා. ඒ දේශපාලනඥයා දේශපාලන පිංපියෙක් නිසා රටක් රාජ්‍යයක් ගමක් නැති නිසා එයාට ඒක සන්තෝසයට කාරණයක් වුණාට රටක් හැටියට අපේ රටේ ඕනම කෙනෙකුට පිටරට ගියාම  ඒ තත්වය උදාවෙනවානම් ඒකට රටේ ලාංකිකයෝ කැමතිවෙන්නේ නෑ.  

ඥානසාර හිමිට එරෙහිව පරීක්ෂණයක්?

අපේ ඥානසාර හමුදුරුවෝ මෑතකදී නාලිකා 02 ට තවත් සහරාන් වර්ගයේ ප්‍රහාරයක් වෙනවාය යනාදි වශයෙන් ප්‍රකාශයක් කළා. හැබැයි උන්වහන්සේ මේ කියන කතා පිළිබඳව පරීක්ෂණයක් පවත්වන්න ඕන. මොකද උන්වහන්සේ කියන ඒකේ ඇත්ත අපි හෙළිදරව් කරගත යුතුව පවතිනවා. එහෙම නැත්නම් නැවත ප්‍රහාරයක් සිද්ධ වුණයින් පස්සේ උන්වහන්සේ අද කාදිනල් උන්වහන්සේට දික්කරන ඇඟිල්ල අපිටද දික් කරයි.

අද රටේ ආරක්ෂක තත්වය ඉතාම හොඳයි. එහෙම ප්‍රශ්නයක් ඇති නොවන ආකාරයට කටයුතු කරනවා කියලා ජනතාවට ගෝඨාභය මහතා විශ්වාසයි. එතුමා කොටි පරාජය කිරීම සඳහා තිරේ පිටුපස විශාල මෙහෙයුමක යෙදුණා. ඒ විශ්වාසය නැති කරන්න තමයි අද විරුද්ධ පක්ෂයේ ඇතුළේ ඉඳගෙනම විරුද්ධ පක්ෂ නායකතුමාට පිටිපස්සේ සිට පිහියෙන් ඇනගෙන ඊළඟ ජනාධිපති අපේක්ෂකයා වෙන්න හින්දෑරි උන්වහන්සේගේ කණ්ඩායම සූදානම් වෙන්නේ. ඔවුන් සිංහල සහ ක්‍රිස්තියානි පල්ලි අතර යම් ගැටුමක් ඇති කරන්න අවශ්‍ය කරන වැඩපිළිවෙල ද කරගෙන යනවා.

බැසිල් ගැන බලාපොරොත්තුවක්

ඇත්තටම මේ රටට අවශ්‍ය කරන්නේ අවුරුදු 10 – 15 ට ජාතික න්‍යාය පත්‍රයක්. සියලුම පක්ෂවලට සියලුම ජනකොටස්වලට පිළිගන්න පුළුවන් ජාතික න්‍යාය පත්‍රයක් හදන එකයි අවශ්‍යය. ඒ න්‍යාය පත්‍රය මොන ආණ්ඩුව ආවත් මොන ජනාධිපති පැමිණියත් ක්‍රියාත්මක වෙන තත්වයකට ගේන්න ඕන. එතනට තමයි මේ රට ගමන් කළ යුතුව පවතින්නේ. එතනට මේ රටට ගමන් කරන්න අවශ්‍යකරන ආර්ථික පැත්ත පිළිබඳ යම් දිශාවක් , දර්ශනයක් අලුත් මුදල් ඇමතිතුමා ඊළඟ අයවැයෙන් පෙන්වයි කියා අපි හිතනවා. මුදල් ඇමතිතුමාගේ ඉලක්කය එතුමාගේ මුදල් ඇමතිධුර කාලය තුළ අවුරුදු ගණානවක් තිස්සේ පැවති අපේ රටේ ආදායම අඩුවීම හා වියදම වැඩිවීම නැති කර අයවැයක් නිර්මාණය කිරීමයි.

මේ වෙලාවේ අපි සියලුදෙනා එකතුවෙලා රට ගැන හිතලා බොරදියේ මාළු බාන්නේ නැතිව රටක් හැටියට අපි කටයුතු කරන්නයි අවශ්‍ය. සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රවරු මමත් ඇතුළුව අපි අපි ගැනම ස්වයං විවේචනයක් කරගෙන මිනිස්සු හැටියට අපි එකතුවෙලා මනුෂ්‍යයෝ හැටියට ගතින් හා හිතින් පිරිසිදුවෙලා කටයුතු කරනවානම් හෙට හොඳ දිනයක් නිර්මාණය කරන්න අපිට අමාරු වෙන්නේ නෑ.

අතිගරු ජනාධිපතිතුමා ඇමරිකාවට ගිය අවස්ථාවේ ඉතා වැදගත් ප්‍රකාශයක් කළා. එතුමා මේ රටේ ජාතික සමඟිය වෙනුවෙන් දෙමළ ඩයස්පෝරාව සමඟ සාකච්ඡා කරන්න සුදානම් කියලා.  මෙයත් සමහර අයට විහිලුවක්. දෙමළ ඩයස්පෝරාව කියන්නේ එල්ටීටීඊ ඩයස්පෝරාව නොවේ. ඒ නිසා එතුමා දෙමළ ඩයස්පෝරාව සමඟ කතා කිරීම සඳහා ගත් තීන්දුව විශිෂ්ඨ ගණයේ නායකයෙක් ගත්ත තීන්දුවක්. " යැයි මන්ත්‍රීවරයා වැඩිදුරටත් පැවසුවා.


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29291,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ආණ්ඩුව වෙනුවෙන් ඩිලාන් බෙල්ල තියයි... බාර් ඇරපු වගකීමත් බාර ගනී!
ආණ්ඩුව වෙනුවෙන් ඩිලාන් බෙල්ල තියයි... බාර් ඇරපු වගකීමත් බාර ගනී!
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEi3Sb9XaV-QX7StKNWYXc1jUzn-2SKcXdAgobe8e5nj-xVlcsD3DDo2a2ga3ibLTrCsL5jyuzd13oJVOUBsaFlHpR-9Hge-D_2bS2LrLhAMO8Pgzy3wC5jIJXUGZzly8gDuFL3pLJjn6aO6/s320/dilan-perera.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEi3Sb9XaV-QX7StKNWYXc1jUzn-2SKcXdAgobe8e5nj-xVlcsD3DDo2a2ga3ibLTrCsL5jyuzd13oJVOUBsaFlHpR-9Hge-D_2bS2LrLhAMO8Pgzy3wC5jIJXUGZzly8gDuFL3pLJjn6aO6/s72-c/dilan-perera.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2021/09/blog-post_408.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2021/09/blog-post_408.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy