දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
හිස්බුල්ලා කියන්නේ සහරාන්ගේ ගෝඩ් ෆාදර් - සද්ධාතිස්ස හිමි
Homeප්‍රවෘත්ති

හිස්බුල්ලා කියන්නේ සහරාන්ගේ ගෝඩ් ෆාදර් - සද්ධාතිස්ස හිමි

PropellerAds

හි ස්බුල්ලා කියන පුද්ගලයා බොරුවක් කරනවා නමට හිස් බුල්ලා කිවාට එකවුන්ට් එක හිස් වේලා නැහැ එකවුන්ට් එකේ හොඳට සල්ලි තියෙනවා යැයි ඉත්තෑකන්දේ සද...

රන්ජන් ඇමතිකමින් ඉවතට..?
හේමසිරි කට අරී.. පාස්කු බෝම්බයේ රහස් රැසක් හෙලි කරයි
ජනාධිපතිවරණයට කලින් පලාත් සභා මැතිවරණය.. ජනපති නියෝගයෙන් නීතිපති ශ්‍රේෂ්ඨාධිකරණයට
හිස්බුල්ලා කියන පුද්ගලයා බොරුවක් කරනවා නමට හිස් බුල්ලා කිවාට එකවුන්ට් එක හිස් වේලා නැහැ එකවුන්ට් එකේ හොඳට සල්ලි තියෙනවා යැයි ඉත්තෑකන්දේ සද්ධාතිස්ස හිමියන් 31 මාවනැල්ල අලූත්නුවර දැඞ්මුණ්ඩ දේවාලය වැද පුදා ගැනිමෙන් අනතුරුව මාධ්‍යවේදින්ට අදහස් දක්වමින් පැවසිය.
උන් වහන්සේ මෙන්ම පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන්ගේ නායකත්වයෙන් යුතුව තවත් භික්ෂුන් වහන්සේලා විශාල පිරිසක් මෙන්ම කලාකරුවන් විද්වතුන්ගේ එකමුතුවෙන් සකස් කර ගෙන ඇති රට රකින ජනහඬ ලෙස නම් කර ඇති සංවිධානය මගින් රථ පෙරහැරක් කොළඹ සිට අලූත්නුවර දැඞ්මුණ්ඩ දේවාලය වැද පුදා ගෙන වර්තමානයේ රට පත්ව ඇති අර්බුදකාරි තත්වයෙන් රට බේරා දෙන ලෙස දෙවියන්ට පූජාවක් සිදු කරන ලදි.

එම පූජාවෙන් පසුව මාධ්‍යවේදින් හමුවේ අදහස් දැක්වු ඉත්තෑකන්දේ සද්ධාතිස්ස හිමියන් මෙසේ පැවසිය.

හිස්බුල්ලා ඇතුලූ මේ පුද්ගලයෝ දිගින් දිගටම කරන්නේ රටට විනයක් අපි මුල හිදන් කිවා සහරාන් ප‍්‍රහාර එල්ල කරාට පස්සේ මේ රටේ සහරාන්ට වග කිව යුතු මුලිකයෝ කිප දෙනෙක් ඉන්නවා කියලා. හිස්බුල්ලා කියලා කියන්නේ එකේ ගොට් ෆාදර්ලා හැටියට තමයි අපි දකින්නේ එගොල්ලන්ට සල්ලි ආවේ සෞදි ආරාබියේ එක්තරා තහනම් සංවිධානයකින්. තහනම් සංවිධානයකින් කොහොමද ලංකාවට සල්ලි ගෙන්නේ අනික් එක තමයි මහ බැංකුවේ තියෙනවා පිට රටකින් සල්ලි එනකොට එය ලැබිය යුත්තේ ද මහ බැංකුව හරහායි. නමුත් එවාට විරුද්ධව යමින් තමයි මේවා සිදු වන්නේ. ඒ නිසා හිස්බුල්ලා කියලා කියන්නේ සියල්ල වහමින් පවතින පුද්ගලයෙක් ඔහුගේ දරුවෝ දෙන්නා තමයි මේ විශ්ව විද්‍යාලයේ කොටස් බාරව ඉන්නේ.

එක නිසා අපි කියන්නේ කරුණාකරලා හිස්බුල්ලා අත්ඩංගුවට ගන්න අත්ඩංගුවට අරන් ඔහුගේ දුරකථනයත් අත්ඩංගුවට අරන් ඒ පිළිබඳ විමර්ශනයක් කරන්න. එතකොට ඔප්පු වෙයි සහරාන් එක්ක හිටියාද ? ආණ්ඩුව එක්ක හිටියාද නැතිනම් වෙන කාත් එක්කද සම්බන්ධතා තිබුණේ කියන එක පැහැදිලිව දැන ගැනිමට හැකි වෙයි. එහෙම කරාන්ම්.

හැබැයි මේ ආණ්ඩුව එහෙම කරන්නේ නැහැ එකට හේතුව තමයි ඔවුන්ගේ ජන්ද වලට සහ බලයට යටත් වෙච්ච පරගැති ආණ්ඩුවක් තියෙන්නේ මේ ආණ්ඩුව තියෙනතාක් කල් මේක සිද්ධ වෙන්නේ නැහැ. හැබැයි අලූතෙන් ආණ්ඩුවක් ආවොත් අපි ඒ ආණ්ඩුවට දෙන පළමු ඉල්ලිම වන්නේ හිස්බුල්ලා සහ රිෂාඞ් බදුල්දීන්, ෂාපිලා වාගේ අය සාපයක් හැටියට මේ රටට කරපු විනාශයට එරෙහිව පැමිණිලි තමයි ඉස්සරලාම ගන්න කියලා කියන්නේ නිතීය ඉදිරියට ඒවා ක‍්‍රියාත්මක වෙනවාද කියලාත් බලනවා. අපි කියන්නේ එක රටක් එක නිතීයක් තියෙන්න ඔනෑ.

මෙහිදි මාධ්‍යවේදියෙකු ස්වාමින් වහන්සේගෙන් මෙසේ ප‍්‍රශ්නයක් කලා.

ජනාධිපතිතුමා කියනවා රටේ කිසිම ප‍්‍රශ්නයක් නැහැ මාධ්‍ය මගින් තමයි රටේ ප‍්‍රශ්න තියෙනවා කියලා කියන්නේ කියලා එක ඇත්ත ?

ජනාධිපතිතුමාට ප‍්‍රශ්න නැහැ කන්න බොන්න හම්බ වෙනවා ගාඞ් එක හම්බවෙනවා එහේ මේහේ යන්න පුළුවන් කියවන්න පුළුවන් ප‍්‍රශ්නයක් නැහැ. රටේ ජිවත් වෙන්නේ අපි ඒක දන්නවා දැඞ්මුණ්ඩ දෙවියන් හිටියා බෝධිසත්වයන් බුදු වන වේලාවේ අනික් දෙවිවරු පලා යද්දි හිටියා දැඩි සිතක් ඇති කරගෙන බුදු හාමුදුරුවන් වෙනුවෙන් දැන් අපි රටක් හැටියට අසරණ වේලා ඉන්නවා දැන් පන්සල් වල පිං පෙට්ටි සීල් තිබ්බා ඒ වාගේම පුරා වස්තු චෛත්‍ය ඩෝසර් කලා හැමුදුරුවරු හිරේ දැම්මා. මේ රට ආරක්ෂා කරපු රණවිරුවන් හිරේ දැම්මා, බුද්ධි අංශ හිරේ දැම්මා ඒ නිසා දැඞ්මුණ්ඩ දෙවියෝම මේ නායකයන් දිහා බලන්න ඔනෑ කියලා තමයි කියන්න තියෙන්නේ.

පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන්

2015 ජනතාව මුලා කරලා යහපාලන ආණ්ඩුවක් මේ රටේ ඇති කර ගත්තා. නමුත් යහපාලන ආණ්ඩුව පත් වුනු දවසේ ඉදන් ස්භාව ධර්මය පවා වෙනස් වුනා. කුණු කන්දල් පෙරලූනා වහින වැස්ස හමන සුළග පවා වෙනස් කම් ඇති වුනේ. ඒ නිසා රටේ තිබ්ච්ච ඒ නිසා යම් තරමක් මේ රට හොඳ මාර්ගයේ ගමන් කරානම් ඒ සියලූම මාර්ග ඇහිරිලා මේ රට නැවත ගොඩගන්න බැරි තත්වයකට පත් වේලා තියෙනවා ඒ නිසා රටට විපත්තියක් කරදරයක් ඇති වෙච්ච හැම මොහොතකම අපේ ඉතිහාසය බලපුවාම මේ රට ආරක්ෂා කරන ලද මුරදේවතාවෝ වහන්සේලා තමයි මහ සංඝරුවන දැන් අද එහෙම නම්. රට අගාදයට පැමිණෙච්ච මොහොතේ මහ සංඝරුවන පාරට බැහැලා ජනතාව දැනුවත් කිරිමේ බලාපොරොත්තුවක් අපි ඇති කරගෙන තමයි රට රකින ජන හඩ සංවිධානය ගොඩ නැගුවේ.

ඒ රට රකින ජන හඩ සංවිධානය මගින් අපි ජනතාව දැනුවත් කරමින් බුද පූජා බෝධි පූජා අශිර්වාද පූජා යනආදිය පවත්වලා ඊළගට අපි දෙව්වරුන්ටත් කන්නලව් කරමින් කියා සිටිනවා මේ රට බේරා දෙන්න කියලා. ඇත්තෙන්ම අද රට විනාශයි එක හැම පැත්තෙන්ම සිදු වෙමින් පවතිනවා. ඔබගේ ¥ දරුවන්ට රටක් නැති තැනට රට පත් වේලා තියෙනවා.

එහෙමනම් අපේ එකම ඉල්ලීම තමයි. අද මාවනැල්ල අලූත් නුවර දැඞ්මුණ්ඩ දේවාලයට ඇවිල්ලා. අපි පසුගිය දින වල විශ්ණූ දේවාලයට ගිහිල්ලා විශ්ණු දෙවියන්ට කරුණු පහදා දී විභිෂණ දෙවියන්ට පණිවිඩ දීලා අද අලූත්නුවර දැඞ්මුණ්ඩ දේවාලයට ආවේ දැඞ්මුණ්ඩ දෙවියන්ගෙන් ඉල්ලීමක් කරන්නට මේ රට විනාශයි තව දුරටත් මේ රටේ පාලකයෝ හිටියොත් අන්න ඒ නිසා මේ පාලකයෝ ටික පලවා හැරලා ඉක්මනින්ම මේ රට කරන්නට පුළුවන් මේ රට බබලන්නට පුළුවන් මේ රට ගෙනයන්නට පුළුවන් අවංක අභීත වීනයගරුක හොඳ නායකයෙක් පත් කර ගැනිමේ අපේ බලාපොරොත්තුව නිසා අපේ හදවත් වල තිබෙන හැගිම් සියල්ලක්ම දෙවියන්ගේ බලයෙන් හෝ වේවා දෙවියන්ගේ ආශිර්වාදයෙන් හෝ වේවා ජයග‍්‍රණය බලාපොරොත්තුවෙන් යුක්තව තමයි අද මේ දැඞ්මුණ්ඩ දේවාලයට ඇවිත් දෙවියන්ට පුද පූජාවන් කරලා පිං දිලා මේ කරුණු කියා සිටියේ ඒ නිසා අපේ දැඩි විශ්වාසයක් තිබෙනවා.

දෙවියොත් මම හිතනවා අද මේ රටේ දුර්දාන්ද පාලකයන් කරන වැඩ පිළිවෙල දැක දේව කෝපය ඇති වි දැන් වහින කාලයට වහින්නේ නැහැ පායන කාලයට පායන්නේ නැහැ. ඊර්තු සියල්ලක්ම විනාශ වේලා රටත් විනාශ කර තිබෙනවා. අනික් පැත්තෙන් බලපුවාම මේ රටේ සියලූම දේශිය සම්පත් අද විකුණා අවසන් කුණු කොල්ලයට ඒ වාගේම තමයි අද අධිරාජ්‍යවාදීන්ට යටත් වේලා ඇමැරිකන් ගැත්තන්ට යටත් වේලා ඔවුන් කියන තාලයට නටන්න තමයි මේ පාලයන් හදන්නේ. අන්න ඒ නිසා අපේ එකම බලාපොරොත්තුව දෙවියන්ගේ නාමයෙන් මේ දුර්දාන්ද පාලකයෝ ටික පලවා හැරලා මේ රට ගොඩගන්න පුළුවන් නායකයෙක් පත් කර ගැනිමට දෙවියන්ගේ ආශිර්වාද ඉල්ලිමත් අපේ බලාපොරොත්තු ඉටු කර දිමට තමයි අද මේ පුද පූජා පැවැත්තුවේ.

දැන් මේ රට ගොඩ ගන්න කියලා නායකයෝ ගොඩාක් ඇවිත් ඉන්නවා මටත් සමහර අය කියනවා ඉල්ලන්න කියලා. දිනන්න බැරි වුනත් මටත් ඉල්ලන්න පුළුවන් නමුත් අපේ බලාපොරොත්තුව තමයි රට ගොඩ ගන්න පුළුවන් එකම නායකයා ගෝඨාභය රාජපක්ෂ මහත්මයායි. එතුමාට තමයි මේ රට ගොඩගන්න පුළුවන් ඒ වාගේම ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරිපත් කරන්න අපේ මහින්ද රාජපක්ෂ මහතාටත් ඥාණය පැදෙවා කියලා අපි ප‍්‍රාර්ථනා කලා.

ජනතාවටත් දැන් හොඳට තේරිලා තියෙන්නේ ඒ නිසා ජනතාවගෙත් යුතුකමත් තියෙනවා මේ රට බේරාගන්න ඔනෑ නම් පත් කර යුතු නායකයා කවුද කියන එක.

– සමන් විජය බණ්ඩාර


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29300,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: හිස්බුල්ලා කියන්නේ සහරාන්ගේ ගෝඩ් ෆාදර් - සද්ධාතිස්ස හිමි
හිස්බුල්ලා කියන්නේ සහරාන්ගේ ගෝඩ් ෆාදර් - සද්ධාතිස්ස හිමි
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhydSAb3xT4K38vORi_u2_DadFc92AZOG9iTLk8UTBW2b5E_SHAUa7gVvv19IVx1ktLsPpnCBYq1P_maRSnp_ucdZnTNrhUcEFdfc7un71N8n_B8mIo2TfQJd2RP27VS0xIkBbIjzbmq9QW/s320/saddathissa.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhydSAb3xT4K38vORi_u2_DadFc92AZOG9iTLk8UTBW2b5E_SHAUa7gVvv19IVx1ktLsPpnCBYq1P_maRSnp_ucdZnTNrhUcEFdfc7un71N8n_B8mIo2TfQJd2RP27VS0xIkBbIjzbmq9QW/s72-c/saddathissa.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2019/08/blog-post_20.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2019/08/blog-post_20.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy