එ ක්සත් ජාතික පක්ෂයේ ඇතිවී තිබෙන තීරණාත්මක බල අර්බුදය හමුවේ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා විසින් තීරණාත්මක පියවරක් ගැනීමට සූදානම් වන බව වා...
එක්සත් ජාතික පක්ෂයේ ඇතිවී තිබෙන තීරණාත්මක බල අර්බුදය හමුවේ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා විසින් තීරණාත්මක පියවරක් ගැනීමට සූදානම් වන බව වාර්තා වේ.
ඒ අනුව කෘත්‍යාධිකාරී මණ්ඩලයට පුරප්පාඩු වී ඇති තවත් සාමාජිකයන් 30 දෙනෙකු පත් කිරීමට නියමිතව තිබේ.
එම නව පිරිස අගමැතිවරයාට හිතවාදී පිරිසක් වනු ඇති බව එජාප ආරංචි මාර්ග කියා සිටි.
මෙම නව පත්කිරීම් මැතිවරණ කොමිසම වෙත ඉක්මනින් එජාප මහ ලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා විසින් භාරදීමට නියමිතව තිබේ.
මෙම නව පත්කිරීම් සමග එම පක්ෂයේ උප නායක සජිත් ප්‍රේමදාස මහතාට තිබූ කෘත්‍යාධිකාරි මණ්ඩලය බලය වහාම ඉවත් වී යන බව යනු ඇති බවද වාර්තා වෙයි.
ඉන්පසුව පක්‍ෂයේ ව්‍යවස්ථාව අනුව කෘත්‍යාධිකාරී මණ්ඩලයේ බහුතර කැමැත්තෙන් ජනාධිපති අපේක්ෂකයා නම් කිරීමට නියමිත බවද බොහෝ විට ඒ සජිත් ප්‍රේමදාස මහතා නොවනු ඇති බවත් ආරංචි මාර්ග කියා සිටී.
දැනටමත් එජාප ජනාධිපති අපේක්‍ෂක වීම සදහා කරු ජයසූරිය මහතා සියළු කටයුතු සූදානම් කරමින් ඇති බවද තව දුරටත් වාර්තා වෙයි.

COMMENTS