බ න්ධනාගාරගතව සිටින දරුණු ඝණයේ අපරාධවලට සම්බන්ධ අපරාධකරුවන් 25 දෙනෙකු බූස්ස බන්ධානාගාරය වෙත මාරු කර තිබේ. වැලිකඩ සහ දුම්බර බන්ධනාගාර වල ර...
බන්ධනාගාරගතව සිටින දරුණු ඝණයේ අපරාධවලට සම්බන්ධ අපරාධකරුවන් 25 දෙනෙකු බූස්ස බන්ධානාගාරය වෙත මාරු කර තිබේ.
වැලිකඩ සහ දුම්බර බන්ධනාගාර වල රඳවා සිටි අපරාධකරුවන් 25 දෙනෙකු මෙලෙස දැඩි ආරක්ෂාව මධ්‍යයේ බූස්ස බන්ධනාගරය වෙත මාරු කර යවා ඇතැයි වාර්තා වේ.
මෙලෙස මාරු කර යැවු අපරාධකරුවන් අතර මරණ දඬුවම නියමව සිටින සමන්ත කුමාර හෙවත් “වෙලේ සුදා” සහ මොහොමඩ් නවුෆර් හෙවත් “පොට්ට නවුෆර්” ද වන බවද පැවසේ.
තවත් 100ත් 150ත් අතර සිරකරුවන් බූස්සට
එම පිරිස් බන්ධනාගාරගතව සිට විවිධ ජාවාරම් සිදු කරන බවට මේවන විට බුද්ධි අංශයට තොරතුරු අනාවරණයවී තිබේ.
තවත් 100 – 150 ත් අතර සිරකරුවන් පිරිසක් බූස්ස බන්ධනාගාරයට මාරු කළ යුතු බවට හඳුනාගෙන ඇති අතර ඔවුන් සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන ක්‍රියාත්මක වෙමින් තිබේ.
විමර්ශනවලින් අනතුරුව එම පිරිසද කාණ්ඩ වශයෙන් බූස්ස බන්ධනාගාරය වෙත රැගෙන යෑමට නියමිත බව බන්ධනාගාර දෙපාර්තමේන්තු ආරංචිමාර්ග වාර්තා කරයි.

COMMENTS