කුරුණෑගල රෝහලේ වෛද්‍ය ෂාෆි ෂිහාබ්දීන්ගේ රැදවුම් නියෝගය අවලංගු කරන්නැයි පොලිස් අපරාධා පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව විසින් ආරක්ෂක ලේකම්වරයා වෙත ල...
කුරුණෑගල රෝහලේ වෛද්‍ය ෂාෆි ෂිහාබ්දීන්ගේ රැදවුම් නියෝගය අවලංගු කරන්නැයි පොලිස් අපරාධා පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව විසින් ආරක්ෂක ලේකම්වරයා වෙත ලිපියක් යොමු කරමින් සඳහන් කර තිබෙනවා.
තම දෙපාර්තමේන්තුව බාරයේ තවදුරටත් රඳවා තබා ගැනීම යුක්ති සහගත නොවන බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ.
මෙම වෛද්‍යවරයා ජාතික තවුහිද් ජමාද් හෝ වෙනත් කිසිදු ත්‍රස්තවාදී කණ්ඩායමක සාමාජිකයකු බවට කිසිදු තොරතුරක් අනාවරණ වී නොමැති බවද ලිපියෙන් සදහන්.
එනිසා ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අනුව ඔහු තවදුරටත් තම දෙපාර්තමේන්තුවේ රදවා ගත නොහැකි බවද එමගින් පෙන්වාදී ඇත.
ඒ අනුව මෙම රැඳවුම් නියෝගය අවලංගු කළහොත් ඒ සම්බන්ධයෙන් අධිකරණයට වාර්තා කිරීමෙන් පසු සැකකාර වෛද්‍යවරයා මුදාහැරීමට සිදුවිය හැකි බවද වාර්තා වේ.
COMMENTS