වෛද්‍ය සභාවේ සභාපතිවරයා ලෙස කාලෝ ෆොන්සේකා මහතා සයිටම් ගැටලුවේදී රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමයේ අවශ්‍යතාවලට අනුව කටයුතු කරන බව රජයේ ස්ථාවර...
වෛද්‍ය සභාවේ සභාපතිවරයා ලෙස කාලෝ ෆොන්සේකා මහතා සයිටම් ගැටලුවේදී රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමයේ අවශ්‍යතාවලට අනුව කටයුතු කරන බව රජයේ ස්ථාවරයයි. ඒ අනුව තවදුරටත් ඔහුගේ පත්වීම දීර්ඝ නොකරනු ඇති බවයි රජයේ ආරංචි මාර්ග පවසන්නේ.
පසුගිය රාජපක්ෂ රෙජීමය සමයේ කාලෝ ෆොන්සේකා සයිටම් හිතවාදී මතයක් දැරුවා පමණක් නොව ඒ සඳහා ප්‍රසිද්ධියේ පෙනී සිටියේය. වෛද්‍ය සංගමය ද එකළ එම ප්‍රතිපත්තියම දැරූ අතර එහෙත් වර්තමානයේදී වෛද්‍ය සංගම් මෙන්ම වෛද්‍ය සභාවේ සභාපතිවරයා ද දැඩි සයිටම් විරෝධී ප්‍රතිපත්තියක් අනුගමනය කරයි.
කෙසේ වෙතත් සිය ධූරය තවදුරටත් ආරක්ෂා කරගැනීම සඳහා කාලෝ ෆොන්සේකා මහතා මේ දිනවල සෞඛ්‍ය අමාත්‍යවරයා වෙත ඉල්ලීම් කරමින් සිටින බවයි වාර්තා වන්නේ. එහෙත් වෛද්‍ය සභාව සඳහා ස්වාධීන පුද්ගලයෙකු පත්කිරීම කෙරෙහි සෞඛ්‍ය අමාත්‍යවරයාගේ අවධානය යොමුව ඇති අතර විවිධ අංශවලින් ස්වාධීන පුද්ගලයෙකු පත්කරන ලෙස සෞඛ්‍ය අමාත්‍යවරයා වෙත ඉල්ලීම් විශාල ප්‍රමාණයක් ලැබී තිබේ.
ශ්‍රී ලංකා වෛද්‍ය සභාව සඳහා සාමාජිකයන් පත්කිරීමේ බලය සෞඛ්‍ය අමාත්‍යංශයට සහ උසස් අධ්‍යාපන අමාත්‍යංශයට හිමිවන අතර එහි වැඩි බලයක් හිමිවන්නේ සෞඛ්‍ය අමාත්‍යංශය වෙතයි.
නව සභාපතිවරයා ලෙස විශේෂඥ වෛද්‍ය කොල්වින් ගුණරත්න මහතා පත්කිරීමට යෝජනා වී ඇති අතර ඔහු මෙරට සිටින ජ්‍යෙෂ්ටතම විශේෂඥ වෛද්‍යවරයෙකි. එසේම ඔහු වෛද්‍යවරුන් ඇතුළු සියලුදෙනාගේ ගෞරවයට පාත්‍ර වී ඇති ශ්‍රී ලාංකිකයෙකි.
COMMENTS