එ ක්සත් ජාතික පක්ෂයේත්, ආණ්ඩුවේත් ප්‍රතිපත්ති වලට අනුව කටයුතු නොකර ඊට විරුද්ධව ජනාධිපතිවරයා සමග කටයුතු කරන කැබිනට් ඇමතිවරුන් කිහිප දෙනෙක් ස...
එක්සත් ජාතික පක්ෂයේත්, ආණ්ඩුවේත් ප්‍රතිපත්ති වලට අනුව කටයුතු නොකර ඊට විරුද්ධව ජනාධිපතිවරයා සමග කටයුතු කරන කැබිනට් ඇමතිවරුන් කිහිප දෙනෙක් සිටින බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පවසා ඇත.
එක්සත් ජාතික පක්‍ෂ කැබිනට් ඇමතිවරුන් සමග පැවති රැස්වීමේදී අගමැතිවරයා එසේ පවසමින් දොස් පවරා ඇති බව වාර්තා වේ.
තමන්ගේත්, ආණ්ඩුවේත්, පක්ෂයේත් තීරණයට එකඟ නොවී ජනාධිපතිවරයා සමග කටයුතු කරන ඇමතිවරුන් කිහිප දෙනකු සිටින බවත් එසේ තිබියදී ආන්ඩුව සහ පක්ෂය එක් ප්‍රතිපත්තියකට ගමන් කරන්නේ කෙසේ දැයි අගමැතිවරයා ප්‍රශ්න කර තිබේ.
කැබිනට් ඇමතිවරුන් කිහිප දෙනෙකු ජනාධිපතිවරයා සමග හොර රහසේ කටයුතු කරන්නේ විවිධ වරප්‍රසාද ගැනීමට බවත් එය කිසිලෙසකින්වත් අනුමත කළ හැකි කටයුත්තක් නොවන බවත් වික‍්‍රමසිංහ මහතා පෙන්වා දී ඇත.
එහිදී ඇමති ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ද පවසා ඇත තමන් පක්ෂය සහ ආණ්ඩුව වෙනුවෙන් විධායකය සමග ගැටුම බවත් එනිසා යම් යම් දේ තමාට අහිමි වූ බවත්ය.

COMMENTS