මරණ දඬවම ක‍්‍රියාත්මක කිරීම සදහා බන්ධනාගාර දෙපාර්තමේන්තුව විසින් බදවා ගන්නා ලද අලුගෝසුවන් දෙදෙනා මේ වන විට වැලිකඩ බන්ධනාගාරයේ රහස් කාමරයක...
අලුගෝසුවන් කවුරුන්දඅයි කිසිවෙකුට නොහැගෙන ලෙස මොවුන් සෙසු නිලධාරීන්ගෙන් වෙන්කර ඇති අතර ඔවුනගේ අනන්‍යතාවයද හෙලි නොකිරීමට තීරණය කර ඇති අතර ඔවුනට බන්ධනාගාරයෙන් පිටවීමද තහනම් කර තිබේ.
බන්ධනාගාර කොමසාරීස් ජනරාල්වරයාගේ අධීක්‍ෂණය යටතේ මෙම අලුගෝසුවන් දෙදෙනා පසුවෙයි.
මේ අතර මරණ දඬුවමට ලක් කරන අය වෙනුවෙන් අවශ්‍ය ඇඳුම් පැලදුම් හා කඹය ඇතුළු උපකරණද ආරක්‍ෂිත කාමරයක තැන්පත් කර තිබේ.
කෙසේ වෙතත් මරණ දඬුවම ක‍්‍රියාත්මක කිරීම ඔක්තෝම්බර් මස 29 වන දින තෙක් අත්හිටුවමින් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කර ඇත.
COMMENTS