මු ස්ලිම් රටවල් නියෝජනය කරමින් මෙරට සිටින තානාපතිවරුන් හා විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා අතර හමුවක් මාර්කස් ප්‍රනාන්දු මාවතේ පිහිටි විපක්ෂ...
මුස්ලිම් රටවල් නියෝජනය කරමින් මෙරට සිටින තානාපතිවරුන් හා විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා අතර හමුවක් මාර්කස් ප්‍රනාන්දු මාවතේ පිහිටි විපක්ෂ නායක කාර්යාලයේ දි පැවැත්විනි. මෙම හමුවට තුර්කිය, පකිස්ථානය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, ඇෆ්ගනිස්තානය, ඉන්දුනීසියාව, සෞදි අරාබිය, පලස්තීනය, බංගලාදේශය, කුවෙට් රාජ්‍ය, කටාර්, මාලදිවයින, ඉරානය, ලිබියාව සහ ඉරාකය යන රටවල තානාපතිවරු සහභාගී විය.
පසුගිය පාස්කු ඉරුදින සිදු වූ ත්‍රස්ත ප්‍රහාරය සහ ඉන් පසුව ඇති වී තිබෙන තත්වය පිළිබඳ සාකච්ඡා කිරීම මෙම හමුවේ ප්‍රධානම අරමුණ විය.
පසුගිය පාස්කු ඉරුදින සිදුවූ ත්‍රස්ත ප්‍රහාරය තරයේ හෙලා දකින බව සියලූම තානාපතිවරු මෙහිදී පැවසීය.
ත්‍රස්ත ප්‍රහාරයට පසු මෙරට වෙසෙන මුස්ලිම් ජනතාව ඉතාම අපහසුතාවයට පත්ව සිටිනවා. ත්‍රස්තවාදීන් විසින් කළ අමානුෂික ක්‍රියාව නිසා සමස්ථ මුස්ලිම් ජනතාවම එම ත්‍රස්තවාදී ගොඩට නොදමන ලෙස ඔවුන් ඉල්ලා සිටියා.
පාස්කු ඉරිදා සිදු වූ ත්‍රස්ත ප්‍රහාරය අපි අනිසි ලෙසට දේශපාලන වාසි ලබා ගැනීමට උපයෝගී කරගන්නේ නැත. එසේම මුස්ලිම් ව්‍යාපාරිකයන් සහ ව්‍යාපාර ස්ථාන ප්‍රතික්ෂේප කරන ලෙස කිසිසේත්ම ජනතාවට ප්‍රකාශ කර නැත. එම ව්‍යාපාර වල සිංහල සහ දමිළ ජාතීන්ද සේවය කරනවා. එම ස්ථාන වසා දැමුවහොත් ඒ සියලු දෙනාටම රැකියා අහිමි වෙනවා. විපක්ෂය ලෙස අප සියලුම ශ්‍රී ලාංකිකයන්ගේ අයිතිවාසිකම් සහ ආරක්‍ෂාව වෙනුවෙන් පෙනී සිටින බවත් මැදපෙරදිග රටවල රාජ්‍ය නායකයින් අපට දැක්වූ සහයෝගය අගය කරමින් එයට ස්තුතිවන්ත වන බවත් වැඩිදුරටත් විපක්‍ෂ නායකතුමා තානාපතිවරුන්ට පැවසීය.
එසේම වසර 30ක යුද්ධය අවසන් කර ශ්‍රී ලංකාව සංවර්ධනය කිරීමට ඔබලාගේ රාජ්‍ය නායකයන් අපට සහයෝගය ලබා දුන්නා. එසේම මෙරට මුස්ලිම් ජනතාවත් අපට සහය ලබා දුන්නා.
මුස්ලිම් ජනතාවගේ බිය සැක දුරු කර ඔවුන්ට සාමාන්‍ය පරිදි ජන ජීවිතය ගත කිරීමේ තත්වයන් උදාකර දීම විපක්ෂයේ අරමුණ බවද විපක්ෂ නායකතුමා මෙහිදී පැවසීය.
මෙම අවස්ථාවට දිනේෂ් ගුණවර්ධන, ඩලස් අලහප්පෙරුම, ෂෙහාන් සේමසිංහ සහ තාරක බාලසූරිය යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ද සහභාගී වූහ.
රොහාන් වැලිවිට
මාධ්‍ය ලේකම්

COMMENTS