දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
දේවානම්පියතිස්ස වුණේ තේවානම්පියතීසන්… ඒ කාලයේ සිංහලයන් හිටියෙ නෑ - විග්නේශ්වරන්
Homeප්‍රවෘත්ති

දේවානම්පියතිස්ස වුණේ තේවානම්පියතීසන්… ඒ කාලයේ සිංහලයන් හිටියෙ නෑ - විග්නේශ්වරන්

PropellerAds

උ තුරු පළාත් සභාවේ හිටපු මහ ඇමැතිවරයා මෙන්ම දෙමළ ජාතික එකමුතුව නම් පක්ෂයේ නායකයා ද වන සී. වී. විග්නේශ්වරන් මහතා 2019 දෙසැම්බර් 14 වන දින නි...

මාලිමා මන්ත‍්‍රීලාට විරෝධය පෑ අය රිමාන්ඩ්..
ලෑන්ඩ් රෝවර් ඩිස්කවරිය පදින්න එපා කියයි.. ඇමති වෙන වාහනයක් සොයයි
මනුෂ නානායක්කාර පවුල පිටින් රටින් පිටවෙයි!
තුරු පළාත් සභාවේ හිටපු මහ ඇමැතිවරයා මෙන්ම දෙමළ ජාතික එකමුතුව නම් පක්ෂයේ නායකයා ද වන සී. වී. විග්නේශ්වරන් මහතා 2019 දෙසැම්බර් 14 වන දින නිවේදනයක් නිකුත් කරමින් මහාවංශය පාලි භාෂාවෙන් ලියන ලද ප‍්‍රබන්ධයක් බවත්, මෙරට මුල් වැසියන් දෙමළ ජනතාව බවත්, මෙරට බෞද්ධ රටක් බව ප‍්‍රකාශ කිරීම නිවැරදි නොවන බවත් ප‍්‍රකාශ කර ඇති බව මාධ්‍ය වාර්තා කර තිබිණි.
මහාවංශයට මෙන්ම මෙරට පිළිගත් ඉතිහාසයට අභියෝග කරමින් විග්නේශ්වරන් මහතා විසින් නිකුත් කර තිබූ එම නිවේදනය මගින් පැන නඟින ප‍්‍රශ්න කිහිපයක්ම අප ඒ මහතා වෙත යොමු කළෙමු. අප විසින් විග්නේශ්වරන් මහතා වෙත යොමු කරන ලද එම ප‍්‍රශ්නවලට ඒ මහතා විසින් අප වෙත යොමු කර ඇති පිළිතුරු පහත පරිදි වේ.

මහාවංශය ප‍්‍රබන්ධයක් බව මා සඳහන් කළේ යැයි උරණ වූ අයකු විසින් නඟන ලද ප‍්‍රශ්න කිහිපයකට මම මේ සතියේ පිළිතුරු දුන්නෙමි.

ප‍්‍රශ්නය – මහාවංශය පාලි භාෂාවෙන් ලියන ලද ප‍්‍රබන්ධයක් බව ඔබ සඳහන් කරලා තිබෙනවා. එම ප‍්‍රකාශය කළේ කුමන පදනමකින්ද?

පිළිතුර – ගොතන ලද කතාවක් බව මා නොකීවෙමි. එය වනාහි බුද්ධ ධර්මයේ කීර්තිමත් භාවය දක්වමින් පාලි භාෂාවෙන් ප‍්‍රබන්ධනය කරන ලද්දකි. සෑම ගාථාවක් අවසානයේම මහානාම පවසන්නේ ඒ පිළිබඳවය. මා මෙය ඉටු කරන්නේ යම් ආගමක් හෝ දර්ශනවාදයක් කීර්තිමත්ව දැක්වීම සඳහා යැයි කිසිම ඉතිහාසඥයෙක් සෑම ගාථාවක් අවසානයේ පවසන්නේ නැත. ඔහුගේ අරමුණ වූයේ ආගමේ කීර්තිය විදහාපෑම පිළිබඳව මිස ඉතිහාසය ලිවීම පිළිබඳව නොවේ.

ප‍්‍රශ්නය – මහාවංශයේ තිබෙන තොරතුරු මෙරට තිබෙන සෙල්ලිපි, පුරාවිද්‍යා සාධකවලින් මෙන්ම, ඉන්දියාව ඇතුළු වෙනත් රටවල ඉතිහාස ග‍්‍රන්ථවලින් වගේම පුරාවිද්‍යා සාධකවලින් සනාථ වෙනවා. එසේ තිබියදී ඔබ මහාවංශය ප‍්‍රබන්ධයක් කියන්නේ කෙසේද?

පිළිතුර – ගොතන ලද කතාවක් යනු ඔබ විසින්ම යොදාගෙන ඇති වැරදි වචනයකි. අප සමහර අවස්ථාවලදී යම් දන්නා තොරතුරක් පිළිබඳව ප‍්‍රබන්ධ කරන්නෙමු. එක්තරා දිනක ගාලූ පාරේ කොල්ලූපිටියට ගමන් ගන්නා x පිළිබඳව ප‍්‍රබන්ධයක් හෙවත් කෙටි කතාන්තරයක් කළැයි සිතමු. කොල්ලූපිටියේ

ගාලූ පාරක් තිබෙන බව සත්‍ය වුව ද එම පාරේ x එදින කොල්ලූපිටියට ගියා කීම අසත්‍ය විය හැකිය. ෙඓතිහාසික වටිනාකමක් ඇති යම් තොරතුරු ඒ කාලයේ පැවැති චාරිත‍්‍රානුකූල කතාන්තරවලින් උපුටා ගෙන මහානාම විසින් ඇතුළත් කරන්නට ඇතැයි සිතිය හැකිය. දැනට සිටින බොහෝ පුවත්පත් කලාවේදීන් පවා වත්මන් තොරතුරු ඔවුන් සිතින් මවා ගන්නා කතාන්තරවලට සම්බන්ධ කොට විශේෂ ලිපි සකස් කොට එම විශේෂ ලිපිවල අඩංගු දේ සත්‍ය හා නිවැරදි බවට හැඟීමක් දෙති. අවශ්‍ය නම් එවැනි පුවත්පත් කලාවේදීන් හඳුනාගත හැකිය. ඔබ සිතන්නේ මහා වංශයේ අඩංගු එවැනි දේ සත්‍ය හා නිවැරදි කියාද? ඔබ ඒ බව මට කියන්නේ නම් ඔබගේ ප‍්‍රශ්නවලට මීටත් වඩා විස්තරාත්මකව මට පිළිතුරු දිය හැකිය.

ප‍්‍රශ්නය – ඉන්දියාවේ (භාරතයේ) හිටපු අශෝක අධිරාජයා නිවැරදිව හඳුනා ගැනීමත්, ඔහුගේ පාලන කාලය තීරණය කිරීමත් කර තිබෙන්නේ මහාවංශයේ සඳහන් තොරතුරු සහ කාල නිර්ණයන් අනුව.

ඒ අනුවත් පැහැදිලි වනවා නේද මහාවංශයට ජාත්‍යන්තර වශයෙන් පවා පිළිගැනීමක් තිබෙන බව,

පිළිතුර – මෙය සත්‍ය නොවේ. අශෝක මහ රජු ප‍්‍රසිද්ධියට පත් වූයේ මහාවංශය පැවැති නිසා නොවේ. ඔබ කරන්නෙ ඉන්දියන් ජාතිකයන්ට අවමානයකි. අශෝක රාජ්‍යයේ ආඥා ලෝ පිළිගත් ඒවාය.

ප‍්‍රශ්නය – පාහියන්ගේ දේශාටන වාර්තාව ඇතුළු මෙරට පිළිබඳව ලියැවුණු විදේශීය ග‍්‍රන්ථ විශාල ප‍්‍රමාණයක් තිබෙනවා. නමුත් එම ග‍්‍රන්ථවල දෙමළ ඊළමක් පිළිබඳව සඳහන් වන්නේ නැහැ. ඒ පිළිබඳව ඔබගේ අදහස කුමක්ද?

පිළිතුර – තමිල් ඊළාම් යන්න ඔප්පු කිරීමේ අවශ්‍යතාවක් නැත. එය දැනටත් පවතියි. ඊළාම් යනු ලංකාවට තවත් නමකි. සිලෝන්, සෙරන්ඩිප් වැනි නමකි. ශී‍්‍ර ලංකාව පවතින තුර ඊළාම් ද පවතියි. පූර්ව බෞද්ධ සමය අවධියේ සිට ශී‍්‍ර ලංකාවේ එම කොටසේ දෙමළ කතා කරන අයගේ ඊළාම් පැවතියේය. ඒ ගැන එපමණකි. ඊළාම්වලට දෙමළ කතා කරන අය මෙන්ම සිංහල කතා කරන අය ද අඩංගුය. සිංහල ජනතාවට මේ වන තෙක්ම ලබාදී ඇත්තේ වැරදි තොරතුරුය.

ප‍්‍රශ්නය – ‘යාල්පානම් වෛපවමාලේ’ නම් දෙමළ ඉතිහාස කෘතිය මෙරට දී ලියූ පැරණිම දෙමළ ඉතිහාස කෘතියක් ලෙස සැලකෙනවා. එය රචනා කරලා තිබෙන්නේ ලන්දේසි පාලන කාලයේදී ආණ්ඩුකාරවරයාගේ ඉල්ලීම පරිදි බව එම කෘතියේම සඳහන් වේ.

එම කෘතියේ ආරම්භයේ සඳහන් වන තොරතුරු බොහෝ දුරට මහාවංශයේ සඳහන් තොරතුරුවලට සමානයි. එහි පළමුවෙන්ම සඳහන් වන්නේ මහාවංශයේ සඳහන් කර ඇති ආකාරයට ‘විජය’ නමැති රජු පිළිබඳවය.

ඒ පිළිබඳව ඔබගේ අදහස,

පිළිතුර – යාල්පාන වෛපවමාලේ ඉතිහාසඥයින් විසින් ලියන ලද පොතක් නොවේ. ඔහු සිතාගෙන ඇත්තේ මහාවංශයේ තොරතුරු සත්‍ය බවට හා එහි සඳහන් දේ ගැන යොමු කොට ඇති බවය. පූර්ව බෞද්ධ සමය සිට දෙමළ අය සිටි බවට බොහෝ සාක්ෂි හෙළිදරව් වී ඇත. මහාචාර්ය ඉන්ද්‍රපාල ඔහුගේ ආචාර්ය උපාධිය සඳහා ප‍්‍රබන්ධන න්‍යායන් ඔප්පු කිරීම සඳහා ලේඛන සැකසුයේ 1960 දීය. චෝල ආධිපත්‍යයට පෙර දෙමළ අය සිටි බව සඳහන් කළා නම් ලංකා විශ්වවිද්‍යාලය ඔහුට ආචාර්ය උපාධි නොදීමට ඉඩ තිබිණි. එමනිසා ඔහු සාක්ෂියක් වශයෙන් පවසා ඇත්තේ චෝල වංශිකයන් ජීවත්ව සිටි සමයේ දෙමළ අයගේ පදිංචි වාසස්ථාන නොතිබූ බවය. මාගේ මිත‍්‍ර නීතිඥ එස්. එල්. ගුණසේකර ඉන්ද්‍රපාලගේ එම ආචාර්ය උපාධි නිබන්ධනයත් රැගෙන සමාජයට ගියා. නමුත් සිදුවූයේ කුමක්ද? මහාචාර්ය ඉන්ද්‍රපාල ඔහුගේ ඊළඟ පොත 2005 වසරේදී ලිවීය. ඔස්ටේ‍්‍රලියාවේ සිට ඔහු එහි සඳහන් කරන ලද්දේ පූර්ව බෞද්ධ සමයට පෙර දෙමළ අය පදිංචිව සිටි බවයි. දැනට ද අපේ සිංහල මහාචාර්යවරුන් සහ ගරු කටයුතු බොදු හිමිවරුන් ද ඔවුන්ගේ සියලූ ශක්තිය යොදා විශ්වාස කළ නොහැකි හැඟීම් මත පර්යේෂණ පවත්වති.

ප‍්‍රශ්නය – එම දෙමළ ඉතිහාස කෘතියේ පළමුවෙන්ම සඳහන් වන විජය රජුගේ සිට පස්වැනියා දක්වා සඳහන් වන්නේ මහාවංශයේ සඳහන් රජවරුන් පිළිබඳවය.

එම තොරතුරුවලිනුත් පැහැදිලි වනවා නේද එම කෘතිය මහාවංශය ආභාසයෙන් රචනා කර ඇති බව.

පිළිතුර – යාල්පාන වෛපවමාලේ ලියන ලද්දේ ඉතිහාසඥයකු විසින් නොවේ. මහාවංශයේ අඩංගු විස්තර සහතික කළ ඒවා යැයි සිතා ඔහු පොත ලියන්නට ඇත. මහාවංශය යනු බෞද්ධාගම කීර්තියට පත් කිරීම සඳහා කරන ලද ගොතන ලද කතාවක් යන ප‍්‍රකාශයට එයින් කිසිම හානියක් නොවේ. තම සිංහල කතාන්තරය ඔප්පු කිරීම සඳහා එස්. එල්. ගුණසේකර ඉන්ද්‍රපාලන්ගේ පොත යොදා ගත්තා මෙන් ඓතිහාසික පොතක් නොවන යල්පාන වෛපවමාලේ ඔබ ගෙන ඇත්තේ ඔබගේ කරුණු ඔප්පු කිරීමටය. නමුත් පසුගිය වසර 10 ශී‍්‍ර ලංකාවේ දෙමළ අයගේ පෞරාණික භාවය පිළිබඳව ඕනෑ තරම් සාක්ෂි ලබාදී ඇත. ඒ බව ජ්‍යෙෂ්ඨ මහාචාර්යවරයෙක් නෝබෝදා පැවැති පුවත් රැස්වීමකදී පැවසුවා.

ප‍්‍රශ්නය – ‘යාල්පානම් වෛපවමාලේ’ කෘතියේ වසර 2400 කට වඩා දීර්ඝ ඉතිහාසයක් පිළිබඳව සඳහන් වුවත්, එහි සඳහන් වන්නේ රජවරුන් 20 දෙනකු පිළිබඳව පමණයි.

එසේ වීම සඳහා ඔබ දකින හේතුව කුමක්ද?

පිළිතුර – යාල්පාන වෛපවමාලේ පිළිබඳව මට තවදුරටත් විවේචනය කිරීමට අවශ්‍ය නැත. යාල්පාන වෛපවමාලේ ලියූ කතුවරයා අද ජීවත්ව සිටියේ නම් ඔහු ද ඉන්ද්‍රපාලන් මෙන් යළිත් පොතක් ලියනු ඇත. සත්‍යය ඔබට බොහෝ කාලයක් සඟවා තබාගත නොහැකිය.

ප‍්‍රශ්නය – ‘යාල්පානම් වෛපවමාලේ’ නම් කෘතියේම සඳහන් වනවා මේ රටේ උතුරුපස අතීතයේදී වාලිගොඩ නමින් හැඳින්වූ බව. එම කාලයේදී ඉන්දියාවේ සිට පැමිණි වීරරාඝවන් නම් අන්ධ කවියකු ඉදිරිපත් කළ වීණා වාදනයකට පැහැදුණු සෙංකඩගල රාජධානියේ සිටි ජයතුංගවර රාජසිංහ නමැති රජු විසින් එම අන්ධ කවියාට රටේ උතුරුපස නින්දගමක් ලෙස පවරා දුන් බවත්, ඉන් අනතුරුව එම ප‍්‍රදේශය වීණාකරුගේ නින්දගම යන අරුත ඇති ‘යාල්පානම්’ යන නමින් හැඳින් වූ බවත් එම කෘතියේ සඳහන් වනවා.

ඒ අනුව පැහැදිලි වනවා නේද අතීතයේදී උතුරේ සිංහල ජනතාව වාසය කළ බව,

පිළිතුර – මොන බොරුවක්ද? දෙමළ වචන වලට සිංහල නම් පසුගිය වසර 100 තුළම යොදාගෙන ඇති අතර දැනට ප‍්‍රකාශයට පත් කොට ඇති සිංහල නම් සකස් කර ඇත්තේ දෙමළ වචන අනුසාරයෙනි. මානෙල් ආරු මෙයට කදිම නිදසුනකි. සෑම රජයේ ලේඛනවලම මානෙල් ආරු සඳහන් වී ඇත්තේ 1948 නිදහස ලබා ගැනීමට පෙර සිටය. පසුව අවුරුදු 40 ක් ගතවන තුරු ද එසේ භාවිත කොට ඇත. ඉන්පසුව මානෙල් ආරු යන්න වැලිඔය බවට රාජ්‍ය ලේඛනවල ඇතුළත් කරනු ලැබිය. දැන් පවසන්නේ ඒ ප‍්‍රදේශය මූලික වශයෙන් වැලිඔය වශයෙන් පැවති බව සහ දෙමළ ජනයා විසින් තම යටතට ගෙන මානෙල් ආරු යනුවෙන් නම් කළ බවය. බි‍්‍රතාන්‍ය සමයේ රාජ්‍ය ලියවිලි පරීක්ෂා කිරීමෙන් සහ නිදහස ලැබූ වසර කිහිපය ඇතුළත ඒවා බැලීමෙන් ඔබට එය පරීක්ෂා කර බැලිය හැකිය. මේ රට සිංහල සහ බෞද්ධ රටක්ව තිබූ බවට බොහෝ වංචා සහගත දේ සිදුෙවිමන් පවතියි. මුත සිවන්ගේ පුත‍්‍රයා වන තේවානම් පියතිසන්, දේවානම්පියතිස්ස යනුවෙන් වෙනස් කොට ඇත. ඔවුන් ජීවත්ව සිටි සමයේ සිංහල භාෂාවක් තිබුණේ නැත.

ප‍්‍රශ්නය – ඒ වගේම එම කෘතියේ සිංහල පරිවර්තනයේ 51 වැනි පිටුවේ සඳහන් වනවා ‘‘බුද්ධාගම ඇදහූ සියල්ලෝම සිංහලයෝ වූහ. යාපනය රාජධානියේ බෞද්ධ සිංහලයන් බොහෝ ගණනක් විසුවෝය.’’ යනුවෙන්.

එහෙම නම් ඔබ කොහොමද කියන්නේ අතීතයේදී යාපනයේ දෙමළ බෞද්ධයන් විසූ බව.

පිළිතුර – සියලූම සිංහලයන් බෞද්ධයන් වෙන්ට පුළුවන. නමුත් සියලූම බෞද්ධයන් ඇත්ත වශයෙන්ම සිංහලයන් නොවේ. දෙමළ බෞද්ධයේ නමින් සුනිල් ආරියරත්න පොතක් ලියා ඇත. ඔහු එයට නම යොදා ඇත්තේ ද ඒ අනුවය. කරුණාකර යාල්පාන වෛපවමාලේ පිළිබඳව නැවත නැවතත් නොකියන්න. මාගේ මිත‍්‍ර එස්. එල්. ගුණසේකර ඔහුගේ එකම සාක්ෂිය වශයෙන් මහාචාර්ය ඉන්ද්‍රපාලගේ පළමු පොත ගෙන හැර දැක්වීය. එසේ කළේ ඔහුගේ විකෘති කරන ලද ඓතිහාසික දැක්ම සනාථ කිරීම සඳහාය. මා කතා කරන්නේ අලූතින්ම සොයා ගන්නා ලද ඒවා පදනම් කරගෙනය. අලූතින් සොයා ගැනීම යනු යම් වසා තිබූ දෙයක ආවරණය ඉවත් කිරීමය. මෑතකදී සොයා ගන්නා ලද දෙමළ අය පිළිබඳ සාක්ෂිවලින් අනාවරණ වී ඇත්තේ සිංහල ඉතිහාස විශේෂඥයින්ගේ වැරදි අදහස්ය.

ප‍්‍රශ්නය – ‘යාල්පානම් වෛපවමාලේ’ කෘතියේ සඳහන් වන්නේ ආර්යචක‍්‍රවර්තී නම් වූ රජ පෙළපතක් පිළිබඳව. එම පෙළපත දෙමළ නොවන බව ඉන්දියාවේ හදිගුම්පා සෙල්ලිපියේ සඳහන් වනවා.

එසේ තිබියදී ඔබ කොහොමද කියන්නේ මේ රටේ මුල් පදිංචිකරුවන් දෙමළ ජනතාව කියලා. ඒ වගේ්ම යාපනයේ දෙමළ රාජ්‍යයක් තිබුණ බව.

පිළිතුර – ආර්ය චක‍්‍රවර්ති යනු තෙලිඟු ද්‍රවිඩයන්ය. ඔවුන් මේ රටේදී දෙමළ කතා කළේ අදහස් හුවමාරු කර ගැනීම සඳහාය. ඒ සමයේ අදහස් හුවමාරු කර ගත්තේ දෙමළ භාෂාවෙනි. උඩරට රජතුමා ද 1815 දී අත්සන් තැබූවේ දෙමළෙනි. ඔහු ආර්ය චක‍්‍රවර්ති අයෙකි. තෙලිඟු, මළයාලම්, කන්තඩ සහ සිංහල එදා අප රටේ පැවති විවිධ භාෂාය. දෙමළ සහ පාලි සිංහල භාෂාව ගොඩනැඟීම සඳහා උපකාරි විය. ඇත්ත වශයෙන්ම මට ඔබට පෙන්වීම සඳහා සාක්ෂි නැතත් යාපනයේ අවසාන රජතුමා වූ සංගිලියන් ද්‍රවිඩයෙකි. ඔබ සූදානම් වන්නේ ජැෆ්නා පැට්නම් සිංහල බව කීමටද? ඔබ කෙතරම් මෝඩද? සිංහල භාෂාව පැවතියේ 1300-1400 වසරක් ගත වීමෙන් පසුවය. ඊට පෙර සිංහල භාෂාව හෝ සිංහල ජාතියක් නොතිබිණි. මහාවංශය පාලි පොතකි. පස්වැනි ශත වර්ෂයේ මහාවංශය ලියද්දී සිංහල භාෂාව නොතිබිණි. මහාවංශය ලියන ලද්දේ කි‍්‍ර.ව. 6 සහ 7 ශත වර්ෂවලදීය. තවදුරටත් පවසන්නේ නම් මෑතකදී කරන ලද ඞී. එන්. ඒ. :ෘභ්) පරීක්ෂණවලින් සනාථ වී ඇත්තේ දෙමළ සහ සිංහල එකම ජාතියක් බවය.

එමනිසා මා සියලූම සිංහල සහෝදරයන් හා සහෝදරියන්ගෙන් ඉල්ලා සිටින්නේ අප සෑම එක්ව පවතින පොදු පරම්පරාවක් ලෙස සලකන ලෙසය. ශී‍්‍ර ලාංකික දෙමළ අය සිටින

නැගෙනහිර සහ උතුර එක්කොට උතුර හා

නැගෙනහිර ෆෙඩරල් විශේෂ ඒකකයක් මගින් ව්‍යවස්ථාපිත ඔක්කොම දෙමළ කතා කරන මුස්ලිම් ජනයාට ද එකට අත්වැල් අල්ලා සිංහල, දෙමළ, මුස්ලිම් එකම සහෝදරයන් මෙන් ඉදිරියට ගමන් කිරීමට සලසන ලෙසය.

සිංහල පරිවර්තනය
එස්. කේ. ජේ. කුරේරා

– Divaina


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29291,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: දේවානම්පියතිස්ස වුණේ තේවානම්පියතීසන්… ඒ කාලයේ සිංහලයන් හිටියෙ නෑ - විග්නේශ්වරන්
දේවානම්පියතිස්ස වුණේ තේවානම්පියතීසන්… ඒ කාලයේ සිංහලයන් හිටියෙ නෑ - විග්නේශ්වරන්
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhkaxqYGRDFrEnteG7dIqW6q_KGyE6BS_a_tSOARKX_xlKgkRWq7-615wQ9ujSpGSlkTI4D3O9p8WZl-sHgnHrbHudO4B0w_fdUUd3wO_KlrDiMSjuxSMgTqTFN_QoxLiqR138uXDmp_aZN/s320/cv-vigneshwaran.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhkaxqYGRDFrEnteG7dIqW6q_KGyE6BS_a_tSOARKX_xlKgkRWq7-615wQ9ujSpGSlkTI4D3O9p8WZl-sHgnHrbHudO4B0w_fdUUd3wO_KlrDiMSjuxSMgTqTFN_QoxLiqR138uXDmp_aZN/s72-c/cv-vigneshwaran.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2020/01/blog-post_237.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2020/01/blog-post_237.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy