මෙරටට පැමිණි සිටි තවත් බ්‍රිතාන්‍ය ජාතික රග්බි ක්‍රීඩකයෙකු හදිසි රෝගී තත්ත්වයක් හේතුවෙන් රෝහල් ගත කර ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් තිබේ...
මෙරටට පැමිණි සිටි තවත් බ්‍රිතාන්‍ය ජාතික රග්බි ක්‍රීඩකයෙකු හදිසි රෝගී තත්ත්වයක් හේතුවෙන් රෝහල් ගත කර ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් තිබේ.
සුහඳ රග්බි තරඟාවලියට සහභාගී විම සඳහා පසුගිය 10 වනදා 22 දෙනෙකුගෙන් යුත් බ්‍රිතාන්‍ය ජාතික රග්බි කණ්ඩායමට මෙරටට පැමිණ ඇත.
එම තරඟාවලිය පසුගිය 12වනදා කොළඹ ප්‍රදේශයේ ක්‍රීඩාංගණයක පැවැති අතර ඉන් අනතුරුව එම ක්‍රීඩකයින් එම ක්‍රීඩා සංකීර්ණයේ පැවැති රාත්‍රී භෝජන සංග්‍රහයට සහභාගී වී ඇති බව පොලීසිය සඳහන් කළේය.
භෝජන සංග්‍රහයෙන් අනතුරුව බ්‍රිතාන්‍ය ජාතික රග්බි ක්‍රීඩකයින් ඔවුන් නවාතැන් ගෙන සිටි සංචාරක හෝටලට පැමිණ ඇති අතර පසුව කොල්ලුපිටිය ප්‍රදේශයේ පැවති රාත්‍රී සමාජ ශාලාවකට ඔවුන් ගොස් ඇති බව සඳහන්ය.
සමාජ ශාලාවේ සිට පසුදින අළුයම 04.00ට පමණ තමන් නවාතැන් ගෙන සිටි හෝටලයකට පැමිණි අදාළ ක්‍රීඩකයින් පිරිස අතරින් ක්‍රීඩකයින් දෙදෙනෙකුට හුස්ම ගැනිමේ අපහසුතාව හේතුවෙන් පසුගියදා (13) දහවල් කොළඹ පෞද්ගලික රෝහලට ඇතුළත් කර තිබේ.
එහි ප්‍රතිකාර ලබමින් සිටියදී ඊයේ (14) දිනයේ එක් අයෙකු මියගොස් තිබුණි.
එලෙස මියගොස් තිබුණේ 26 හැවිරිදි හාවඩ් තෝමස් ඇන්ඩෘ නැමති ක්‍රීඩකයෙකු බව පොලීසිය පැවසීය.
අද (15) පස්වරුවේ ප්‍රතිකාර ලබමින් සිටි අනෙක් ක්‍රීඩකයාද මිය ගොස් තිබේ.
COMMENTS