මු ලතිව් නයාරු ගුරුකන්ද පුරාණ රජමහා විහාරයේ වාර්ෂික කඨින පිංකම වෙනුවෙන් පැවති වස් ආරාධනා පිංකම පොලිසිය මැදිහත් වී නතර කළ බවට පුවතක් මින්පෙර...
මුලතිව් නයාරු ගුරුකන්ද පුරාණ රජමහා විහාරයේ වාර්ෂික කඨින පිංකම වෙනුවෙන් පැවති වස් ආරාධනා පිංකම පොලිසිය මැදිහත් වී නතර කළ බවට පුවතක් මින්පෙර සමාජජාලා මාධ්‍ය මුල් කරගෙන කතාබහට ලක් වුණා.
කෙසේ වෙතත් එලෙසට වාර්තා අසත්‍ය බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක, පොලිස් අධිකාරී රුවන් ගුණසේකර පවසනවා.
මේ පිළිබඳව අප කළ විමසීමක දී පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියේ විහාරාධිපති හිමියන් නොමැති අවස්ථාවක වෙනත් පාර්ශ්වයක් විසින් සංවිධාන කරනු ලැබ තිබූ උත්සවයක් නතර කිරීමට පියවර ගත් බවයි.
අදාළ සිද්ධිය සම්බන්ධයෙන් අප මුලතිව් නයාරු ගුරුකන්ද පුරාණ රජමහා විහාරයේ විහාරාධිපති කොළඹ මේධාලංකාරකිත්ති හිමියන්ගෙන් ද විමසීමක් කළා.
එහිදී නායක හිමියන් පැවසූවේ "මටනම් කවුරුත් එහෙම කියලා නෑ. නවත්වන්න කියලා මට උපදෙස් දීලත් නෑ. කියන්න තියෙන්නේ මම පිංකම කරගෙන යනවා." යනුවෙනි.

COMMENTS