නිවසකට අයුතු ලෙස ඇතුළු වී පුද්ගලයෙකුට පහර දී දේපළ කොල්ලකෑමක් සම්බන්ධයෙන් මීගමුව ආසනයේ එක්සත් ජාතික පක්ෂ හිටපු සංවිධායක සහ මීගමුව මහ නගර සභා...
පසුගිය 23 වනදා අදාළ අපරාධය සම්බන්ධයෙන් ඉදිරිපත් කළ පැමිණිල්ලකට අනුව අද (07) දහවල් මීගමුව නගරයේදී සැකකරු අත්අඩංගුවට ගත් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ.
චීන ජාතික කාන්තාවකට අයත් නිවසකට ඇතුළු වී පුද්ගලයෙකුට පහර දී දේපළ කොල්ලකෑමක් සම්බන්ධයෙන් ඔහුට පැමිණිල්ලක් ලැබී ඇති අතර අදාළ සිදුවීම සම්බන්ධයෙන් මීට පෙර සැකකරුවන් 5 දෙනෙකු අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.
ඒ අනුව අත්අඩංගුවට ගත් සැකකරු හෙට (08) මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.
COMMENTS