දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
පොලිස්පති-හේමසිරි අත්අඩංගුවට ගැනීම වැරදියි.. චෝදනා පදනමක් නෑ.. යම් යම් අයගේ මනදොළ සපුරන්න අධිකරණයට බැහැ - අධිකරණය කියයි
Homeප්‍රවෘත්ති

පොලිස්පති-හේමසිරි අත්අඩංගුවට ගැනීම වැරදියි.. චෝදනා පදනමක් නෑ.. යම් යම් අයගේ මනදොළ සපුරන්න අධිකරණයට බැහැ - අධිකරණය කියයි

PropellerAds

පා ස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටි ආරක්ෂක අමාත්‍යංශයේ හිටපු ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ අනිවාර්ය නිවාඩු යවා සිටි...

ඊයේ දිනට පමණක් මෙරට කොරෝනා ආසාදිතයින් 9ක් !
කන්ජිපානි ඉම්රාන්ගේ පියාට තියුණු ආයුධයකින් පහරදෙයි
“පාස්කු ප්‍රහාරයේ වගකීම මං මොකටද බාර ගන්නේ?”- හිටපු ජනපති (video)
පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටි ආරක්ෂක අමාත්‍යංශයේ හිටපු ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති පූජිත් ජයසුන්දර ඇප මත මුදා හරින ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න අඟහරුවාදා (ජූලි 09) නියෝග කළාය.

මනුෂ්‍ය ඝාතනයන්ට අදාළ චෝදනා මත අත්අඩංගුවට ගැනුණු ඔවුන් දෙදෙනා රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප මත මුදා හරිනු ලැබුවේ, ඇප ඉල්ලීම සම්බන්ධයෙන් වූ තීන්දුව ප්‍රකාශයට පත් කරමිනි.

එම තීන්දුව ප්‍රකාශ කිරීමට පෙර ඔවුන්ට එරෙහි චෝදනා පිළිබඳ නීතිමය තත්ත්වය සම්බන්ධයෙන් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය දීර්ඝ පැහැදිලි කිරීමක් කළාය.

ඇය එහිදී ප්‍රකාශ කළේ, නීතිපතිවරයා විසින් හේමසිරි ප්‍රනාන්දු සහ පූජිත් ජයසුන්දරට එරෙහිව දණ්ඩ නීති සංග්‍රහයේ 296 වන වගන්ති ප්‍රකාරව ගොනු කර ඇති මිනීමැරීම් චෝදනා පදනම් විරහිත බවය.

“පොලිසිය ඉල්ලා සිටින නිසා ම හෝ වෙනත් පාර්ශවයක මන දොළ සපුරාලීමට යමෙකු බන්ධනාගාරගත කළ නොහැකි,” බව හිටපු අග්‍රවිනිශ්චයකාර ශිරාණි බණ්ඩාරනායකගේ අධිකරණ වාර්තාවක් උපුටා දක්වමින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න අධිකරණය හමුවේ ප්‍රකාශ කළාය.

මෙහිදී ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය පෙන්වා දුන්නේ, අදාළ රජයේ නිලධාරීන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇත්තේ ඔවුන්ගෙන් ප්‍රකාශයක් හෝ සටහන් කර ගැනීමෙන් තොරව බවය.

ජනාධිපතිවරයා විසින් පත් කරන ලද පරීක්ෂණ මණ්ඩලයක වාර්තාවක් පදනම් කරගෙන ඔවුන් අත්අඩංගුවට ගෙන ඇති බවත් එම පරීක්ෂණ මණ්ඩල වාර්තාව නීතිමය වාර්තාවක් නොවන බවත් ඇය පෙන්වා දුන්නාය.

බුද්ධි අංශ විසින් සපයන ලද තොරතුරු කිසිවක් නිශ්චිත තොරතුරු නොවන අතර එම තොරතුරු අනුව ක්‍රියාමාර්ග නොගැනීම නිසා හේමසිරි ප්‍රනාන්දු සහ පූජිත් ජයසුන්දර බෝම්බ ප්‍රහාරයට වගකිව යුතු බවට ගොනු කර ඇති චෝදනා පදනම් විරහිත බව ද මහේස්ත්‍රාත්වරිය උදාහරණ සමගින් පැහැදිලි කළාය.

අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති පූජිත් ජයසුන්දර සහ හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු ජූලි 09 වෙනිදා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න නියෝග කළේ, ජූලි 03 වෙනිදාය.

එදින ඉදිරිපත් කළ ඇප ඉල්ලීමේ තීන්දුව ජූලි 09 වෙනිදා ප්‍රකාශයට පත් කිරීමට තීන්දු කර තිබිණි.

නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් තුසිත් මුදලිගේ ජූලි 03 වෙනිදා කරුණු දක්වමින් කියා සිටියේ අදාළ සැකකරුවන් දෙදෙනාට එරෙහිව දණ්ඩ නීති සංග්‍රහයේ 296, 298, 327, 328, 329 සහ 410 යන වගන්ති යටතේ චෝදනා ඉදිරිපත් කරන බවය.

296 වගන්තිය මනුෂ්‍ය ඝාතනයන්ට අදාළ චෝදනා බැවින් එම චෝදනා ඉදිරිපත් කරන්නේ දණ්ඩ නීති සංග්‍රහයේ 294 වගන්තිය පදනම් කරගනිමින් බවට ඔහු එහිදී නීතිමය තර්ක ඉදිරිපත් කළේය.

මෙහිදී හේමසිරි ප්‍රනාන්දු සහ පූජිත් ජයසුන්දර වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අනුජ ප්‍රේමරත්න පෙන්වා දුන්නේ තම සේවාදායකයන්ට 296 වගන්තිය යටතේ චෝදනා එල්ල කිරීමට ඔවුන් වරදක් කර නොමැති බවය.

එමෙන් ම, ලද බුද්ධි වාර්තා පදනම් කරගෙන තම සේවාදායකයන් තමන්ගේ වගකීම් ඉටුකර ඇති බව ඔහු කරුණු සහිතව විස්තර කළේය.

අඟහරුවාදා (ජූලි 09) ඇප ඉල්ලීම් තීන්දුව ප්‍රකාශයට පත් කරමින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය සඳහන් කළේ, 296 වන වගන්තියට අමතරව අනෙක් චෝදනා ද පිළිගත නොහැකි බව පෙනී යන බවය.

– BBC


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29330,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: පොලිස්පති-හේමසිරි අත්අඩංගුවට ගැනීම වැරදියි.. චෝදනා පදනමක් නෑ.. යම් යම් අයගේ මනදොළ සපුරන්න අධිකරණයට බැහැ - අධිකරණය කියයි
පොලිස්පති-හේමසිරි අත්අඩංගුවට ගැනීම වැරදියි.. චෝදනා පදනමක් නෑ.. යම් යම් අයගේ මනදොළ සපුරන්න අධිකරණයට බැහැ - අධිකරණය කියයි
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgmIvC_xiB9XhgeMi75RwsTO-_l7GLBGthyHUlcQSsgTIT_dhskHSzljGd6_KonTGKdU-gZm6JUFIQnplHyaYgMuAF7-W4KYei1I2QCIfzVw4Zrmi34b-IdjNY4dKTFrrlF4KpuoqotNTee/s320/4648899.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgmIvC_xiB9XhgeMi75RwsTO-_l7GLBGthyHUlcQSsgTIT_dhskHSzljGd6_KonTGKdU-gZm6JUFIQnplHyaYgMuAF7-W4KYei1I2QCIfzVw4Zrmi34b-IdjNY4dKTFrrlF4KpuoqotNTee/s72-c/4648899.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2019/07/blog-post_398.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2019/07/blog-post_398.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy