දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
එංගලන්තයට සහ නවසීලන්තයට සම ශූරතාව ලබා දිය යුතුයි - ලෝක ශූර ක‍්‍රිකට් නායකයා කියයි
Homeප්‍රවෘත්ති

එංගලන්තයට සහ නවසීලන්තයට සම ශූරතාව ලබා දිය යුතුයි - ලෝක ශූර ක‍්‍රිකට් නායකයා කියයි

PropellerAds

මෙ වර ලෝක කුසලාන තරගාවලියේ සම ශූරතාව එංගලන්තයට සහ නවසීලන්තයට දිය යුතුව තිබුණු බව ලෝක ශූර ක්‍රිකට් නායක අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පවසයි. ...

ධම්මික පැණිය බිවුවාට කමක් නෑ..- GMOA සභාපති පාදෙණිය…
ආණ්ඩුව මුස්ලිම් මන්ත‍්‍රීන් ගන්න හකීම්-බදියුදීන් සමග සාකච්චා කලා.. ඒ ටිරාන් අලස්ගේ නිවසේදී..
ආණ්ඩුව වැරදි පාරේ යනවා පෙරළා දානවා.. බැසිල්ගේ ප‍්‍රකාශය දැඩිව හෙලා දකිනවා..- GMOA
මෙවර ලෝක කුසලාන තරගාවලියේ සම ශූරතාව එංගලන්තයට සහ නවසීලන්තයට දිය යුතුව තිබුණු බව ලෝක ශූර ක්‍රිකට් නායක අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පවසයි.

මේබව කියා සිටියේ මීරිගම ප්‍රදේශයේ පැවැති ක්‍රීඩා උත්සව කිහිපයකදී අදහස් දක්වමිනි.

මව්රට සහ සේව්ද ස්පෝර්ට්ස් සංවිධානය මෙම ක්‍රීඩා උත්සව සංවිධානය කර තිබිණ. මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පැවසුවේ ක්‍රිකට් පරිපාලනය නරක තත්ත්වයක තිබියදී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ දියුණුවක් අපේක්ෂා කළ නොහැකි බවයි.

“මෙවර ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය ලෝක කුසලාන ඉතිහාසයේ මම දැක්ක හොඳම තරගය. මෙම තරගයේදී කණ්ඩායම දෙකේම ලකුණු සම වීම නිසා කණ්ඩායම් දෙකටම සම ශූරතාව ලබා දුන්නා නම් හොඳ යැයි මම පෞද්ගලිකව සිතනවා. එම තරගාවලියේදී අපේ කණ්ඩායම දිහා බැලූවිට අපේ කණ්ඩායම හිතුවට වඩා දක්ෂතා පෙන්නුම් කළා. නමුත් අපි හරි කණ්ඩායමක් තෝරා තිබුණේ නැහැ. ‍එසේ හරි කණ්ඩායමක් තෝරාගෙන තිබුණා නම් අපිට අවසන් පූර්ව තරගයට පැමිණීමේ හැකියාව තිබුණා. අපේ කණ්ඩායමේ නවක ක්‍රීඩකයෝ තරගාවලියේදී ක්‍රමානුකූලව තම දක්ෂතා වර්ධනය කර ගත්තා. නමුත් මැදපෙළේ දුර්වලතාව නිසා අපි ‍බොහෝ වෙලාවට අසරණ වුණේ. වැදගත්ම‍ දේ අපේ ක්‍රිකට් පරිපාලනය නරක තත්ත්වයක තියෙන විට ක්‍රිකට් කණ්ඩායමේ දියුණුවක් දකින්නට ලැබෙන්නේ නැහැ.

අද ක්‍රිකට් පරිපාලනය සිදු කරන්නේ කිසිම විදියකින් ක්‍රිකට් දැනුමක් නැති අය. ඔවුන්ගේ ආශිර්වාදයෙන් ක්‍රිකට් මුදල් වියදම් කරමින් හතලියක් පමණ ලෝක කුසලාන තරගාවලිය බලන්න යනවා. නමුත් අපේ රටේ පාසලකට ක්‍රිකට් ක්‍රීඩාව උදෙසා සල්ලි දෙන්නැයි කිව්වම ක්‍රිකට් පරිපාලනය අඩනවා. ගමේ දරුවන්ට කී‍්‍රඩාවට අවශ්‍ය පහසුකම් ලබා දෙන්නේ නැහැ. ගමේ කී‍්‍රඩකයින්ට අවශ්‍ය බෝලයක් බැට් එකක් ලබා දෙන්නේ නැහැ. ගමේ පාසලට, ගමට බැට් එකක් බෝලයක් නොදී අපි කොහොමද ලෝකය දිනන්නේ. මේ වන විට කි‍්‍රකට් කී‍්‍රඩාව විනාශ වෙලා තියෙන්නේ. මේකට මේ ආණ්ඩුව සම්පූර්ණයෙන්ම වග කියන්න ඕන. අද කි‍්‍රකට් පරිපාලනය අන්ත දූෂිතයි. සුදුකාරයෝ, රේස්කාරයෝ නිසා අද කි‍්‍රකට් මුදලට ගිහිල්ලා තියෙන්නේ.

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ තරග දිහා බලන්න. අයි. පී. එල්. තරගාවලියට ගිය ක්‍රීඩකයින් ඉන්දියාව හමුවේ සාර්ථක වුණාද ? අයි. පී. එල්. ක්‍රීඩා කළ කිසිම ‍ක්‍රීඩකයෙක් ඉන්දියාව හමුවේ සාර්ථක වුණේ නැහැ. නමුත් අද කිසිම ක්‍රිකට් පරිපාලකයෙක් මේවා ගැන කථා කරන්නේ නැහැ. අවුරුදු හතරමාරක් මේ ආණ්ඩුව ක්‍රිකට් විනාශ කළා. හිටපු ක්‍රීඩා අමාත්‍යවරු විශාල වශයෙන් මේ ක්‍රිකට් ක්‍රීඩාව විනාශ කළා. සූදු කාරයින්ට නැවත වරක් බලය අල්ලන්න අවස්ථාව ලබා දුන්නා. ක්‍රිකට් පරිපාලනය කරන සූදු කාරයොත් ක්‍රීඩා අමාත්‍යවරුන්ට යටි අල්ලස් දුන්නා. හිටපු ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතාගේ ප්‍රදේශයේ හෙට්ටිපොළ ක්‍රීඩාංගණය හදන්න 2017 වර්සයේදී රුපියල් මිලියන 55 ලබා දුන්නා. නැවත රුපියල් මිලියන 65ක් ලබා දුන්නා. ඔක්කොම රුපියල් මිලියන 120ක්. දැන් ඉන්න ක්‍රීඩා අමාත්‍යවරයාගේ ප්‍රදේශයේ බදුල්ල ක්‍රීඩාංගණයක් හදන්නත් මෙවර ක්‍රිකට් නිලවරණයට පෙර රුපියල් මිලියන 45ක් දුන්නා. මේවා එක්තරා විදියකින් යටි අල්ලසක් විදියටයි මම දකින්නේ. කොහාම නමුත් දැන් ඉන්න ක්‍රීඩා අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහතා මගේ හොද මිත්‍රයෙක්. ඔහුත් මේ ක්‍රිකට් ක්‍රීඩාව හරි මාර්ගයකට ගෙන ගියේ නැත්නම් ඔහුගේ නමත් ක්‍රිකට් විනාශ කළ හිටපු ක්‍රීඩා අමාත්‍යවරුන්ගේ නම් ගොන්නට එකතු වේවි…”යි අමාත්‍ය අර්ජුන රණතුංග මහතා මෙහිදී කියා සිටියේය.

– තමීර මංජු


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29304,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: එංගලන්තයට සහ නවසීලන්තයට සම ශූරතාව ලබා දිය යුතුයි - ලෝක ශූර ක‍්‍රිකට් නායකයා කියයි
එංගලන්තයට සහ නවසීලන්තයට සම ශූරතාව ලබා දිය යුතුයි - ලෝක ශූර ක‍්‍රිකට් නායකයා කියයි
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEie0thu1HnAC6qqbsPK3k73AMCossxerv79QQe0LEygV1B1_FWTsINVdeIQ3xxj75iSSdelCZYop56JfVhG0inOY3IrvNX2e5L-mcdR0KSVECa3gVY0y-oFUW8iLqwLAo8aHTqY1okX5yBx/s320/4455.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEie0thu1HnAC6qqbsPK3k73AMCossxerv79QQe0LEygV1B1_FWTsINVdeIQ3xxj75iSSdelCZYop56JfVhG0inOY3IrvNX2e5L-mcdR0KSVECa3gVY0y-oFUW8iLqwLAo8aHTqY1okX5yBx/s72-c/4455.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2019/07/blog-post_369.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2019/07/blog-post_369.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy