මී ළඟ ජනාධිපතිවරණය සඳහා ජනාධිපති අපේක්ෂකයා ලෙස මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරිපත් කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තීරණය කර ඇති බව පාර්ලිමේන්තු...
මීළඟ ජනාධිපතිවරණය සඳහා ජනාධිපති අපේක්ෂකයා ලෙස මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරිපත් කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තීරණය කර ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී තිලංග සුමතිපාල මහතා සඳහන් කරයි. ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ අපේක්ෂකයකු නැති වුවහොත් පක්‍ෂයක් ලෙස ඉදිරියට ගමනක් නැති බව ද ඔහු පැවසීය.
එමෙන්ම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අදහස් කර සිටින්නේ මහින්ද රාජපක්ෂ මහතාට තරඟ වැදීමට නොහැකි නිසා ගෝඨාභය රාජපක්ෂ මහතා වන පුද්ගලයෙක් ජනාධිපති අපේක්ෂකයා ලෙස ඉදිරිපත් කිරීමට බවත් ඊට ඔවුන්ට අයිතියක් නැති බවත් ඔහු කියා සිටියේය.
කෙසේ වෙතත් පක්ෂ දෙක සාකච්ඡා කර අවසානයේ එක් අපේක්ෂකයෙක් ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බවද කීවේය.
කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මෙම අදහස් පළ කළේය.

COMMENTS