පාස්කු ඉරිදා දිනයේ මෙරටට එල්ල වූ බෝම්බ ප්‍රහාරය ගැන පරීක්ෂණය කරන පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව හමුවේ තමා සාක්ෂි දීමට තමන් කැදවා ඇති බවත් ...
පාස්කු ඉරිදා දිනයේ මෙරටට එල්ල වූ බෝම්බ ප්‍රහාරය ගැන පරීක්ෂණය කරන පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව හමුවේ තමා සාක්ෂි දීමට තමන් කැදවා ඇති බවත් ඒ සදහා තමන් යන බවත් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කරයි.
එම තේරීම් කාරක සභාව පත් කරන ලද්දේ අදාල ප්‍රහාරය සම්බන්ධයෙන් බුද්ධි තොරතුරු නිසි ලෙස හුවමාරු නොවීම ගැන පරීක්ෂණ කිරීමට බවද ඔහු පවසයි.
මෙම තේරීම් කාරක සභාව සම්බන්ධයෙන් නොයෙකුත් විවේචන ඉදිරිපත් වුවද අධිකරණය විසින්ද එය නීත්‍යානුකූලව පිළිගෙන ඇතැයි ද අගමැතිවරයා කියා සිටියේය.
ඔහු මෙම අදහස් පළ කරද්දී අරලියගහ මන්දිරයේ සිට මාධ්‍ය අමතා විශේෂ ප්‍රකාශයක් කරමිනි.
ඉදිරියේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ද මෙම තේරීම් කාරක සභාවක් හමුවට කැඳවීමට සාකච්ඡා කෙරෙමින් ඇති බව වාර්තා වෙයි.
දැනටමත් මෙම තේරීම් කාරක සභාවක් හමුවේ සක්‍රීය ආරක්‍ෂක හා බුද්ධි සේවාවල ඉහළම නිලධාරීන් සියලු දෙනා පාහේ කැඳවා සාක්ෂි විමසා ඇත.
මෙම ප්‍රහාරය එල්ල වන අවස්ථාවේ ආරක්ෂක ඇමැතිවරයා ලෙස කටයුතු කරන ලද ජනාධිපතිවරයා පමණක් මෙම කමිටුව හමුවට කැඳවා නැත.
ජනාධිපතිවරයා කැඳවීම සම්බන්ධයෙන් ඉක්මනින්ම තීන්දුවක් ගන්නා බව ද තේරීම් කාරක සභාව සඳහන් කර තිබේ.

COMMENTS