දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
රටේ ජනතාවගෙන් 90%ක් මා සමගයි.. මා තනි වී නෑ – ජනපති
Homeප්‍රවෘත්ති

රටේ ජනතාවගෙන් 90%ක් මා සමගයි.. මා තනි වී නෑ – ජනපති

PropellerAds

ම ත්ද්‍රව්‍ය විරෝධි සටනේ දී තමා තනි වී නොමැති බවත්, රටේ ජනතාව සියයට 90ක් පමණ එම සටනට තමා සමඟ එක්ව සිටින බවත් ජනාධිපතිතුමා පවසයි. මත්ද්‍රව්‍...

රටේම මිනිස්සුන්ගෙ කෑමවල ප්‍රමිතිය ගැනයි මං කතා කළේ. ලැජ්ජයි ආණ්ඩුව ගැන ! - අසේල සම්පත් - (VIDEO)
පරිපාලන ලොක්කන් දේශපාලකයින් නොමග යවලා - ලොකු පුටු වලට මත ගැටුමක් !
පිලිප් කුමරුගේ අභාවයට දෙමළ ඊළමේ ශෝකය පල කරයි.. කොටි ඇදුමෙන් බකිංහැම් මාලිගය ඉදිරියේ !
ත්ද්‍රව්‍ය විරෝධි සටනේ දී තමා තනි වී නොමැති බවත්, රටේ ජනතාව සියයට 90ක් පමණ එම සටනට තමා සමඟ එක්ව සිටින බවත් ජනාධිපතිතුමා පවසයි. මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට මරණීය දණ්ඩනය ලබාදීමට තමා ගත් තීරණයට එරෙහිව ආණ්ඩුවේ වගකිව යුතු පිරිස් පාරට බහිද්දී මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්, අපරාධකරුවන් සහ දූෂිතයන් ජය පැන් බොන්නට පටන්ගත් බව ද ජනාධිපතිතුමා ප්‍රකාශ කළේ (29) පෙරවරුවේ රත්නපුරයේ පැවති උත්සවයක් අමතමිනි.
තමා සියලු තීන්දු තීරණ ගන්නේ රටේ අනාගත පරපුර වෙනුවෙන් යහපත් රටක් ගොඩනැගීමට බව මෙහිදී පැවසූ ජනාධිපතිතුමා දේශපාලනඥයා ද, රාජ්‍ය නිලධාරියා ද උගතුන් බුද්ධිමතුන් සියලුදෙනා අද දවසේ මාතෘ භූමිය වෙනුවෙන් ඉටු කළ යුතු වගකීම නිසි ලෙස ඉටු කිරීමට පෙරට ආ යුතු බව ද කියා සිටියේය.

“සබරගමුව ලස්සනයි” වැඩසටහන හඳුන්වාදීම සහ කිතුල් සම්බන්ධ ප්‍රඥප්තිය එළිදැක්වීම වෙනුවෙන් සබරගමුව පළාත් සභා සංකීර්ණයේ දී මෙම උත්සවය පැවැත්විණි.

සබරගමු පළාතත්, සබරගමු ජනතාවත්, ආර්ථිකයත් නංවාලීමට සබරගමුව පළාත් ආණ්ඩුකාර ධම්ම දිසානායක මහතාගේ සංකල්පයක් අනුව ක්ෂේත්‍ර 15ක් ඔස්සේ “සබරගමුව ලස්සනයි” වැඩසටහන හඳුන්වා දී තිබේ.

“සබරගමුව ලස්සනයි” නාම පුවරුව දුරස්ථ පාලකයක් මඟින් නිරාවරණය කිරීම ද ජනාධිපතිතුමා අතින් සිදු විය.

මේ වෙනුවෙන් සම්පාදනය කරන ලද ග්‍රන්ථය ද සබරගමුව පළාත් ආණ්ඩුකාර ධම්ම දිසානායක මහතා විසින් ජනාධිපතිතුමා වෙත පිළිගැන්වීය.

“කිතුල – කිතුළ” වෙබ් අඩවිය සහ සබරගමුව පළාතේ පාසල් තොරතුරු ඇතුළත් “සිප් තතු” වෙබ් අඩවිය එළිදැක්වීම සිදු කෙරුණේ ද ජනාධිපතිතුමා අතිනි.

සබරගමුව පළාත් සභාව විසින් ක්‍රියාත්මක කරන ‘අපේ ගෙදර ලස්සනයි’ නිවාස ව්‍යාපෘතිය යටතේ තෝරාගත් පවුල් සියයකට නිවාස ඉදිකරගැනීමට අනුග්‍රහය දැක්වීමට නියමිත අතර එම නිවාසලාභීන්ට සංකේතවත්ව ලියකියවිලි භාරදීම ද ජනාධිපතිතුමා අතින් සිදු කෙරිණි.

ජනාධිපතිතුමා වෙනුවෙන් ද සිහිවටන තිළිණයක් පිළිගැන්විණි.

අනතුරුව ජනාධිපතිතුමා කිතුල් ආශ්‍රිත නිෂ්පාදන ඇතුළත් ප්‍රදර්ශනය නැරඹීමට ද එක් විය.

මහා සංඝරත්නය ප්‍රමුඛ අන්‍යාගමික පූජකවරුන් ද, උතුරු පළාත් ආණ්ඩුකාර සුරේන් රාඝවන්, ඌව පළාත් ආණ්ඩුකාර නීතිඥ මාර්ෂල් පෙරේරා, දුෂ්මන්ත මිත්‍රපාල, දුනේෂ් ගන්කන්ද, ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සංවිධායක අතුල කුමාර රාහුබද්ධ යන මහත්වරුන් ඇතුළු පළාතේ දේශපාලන නියෝජිතයන් ද, සබරගමුව පළාත් සභාවේ ප්‍රධාන ලේකම් කේ.ඩී.එම්. මාලනී මහත්මිය ඇතුළු රාජ්‍ය නිලධාරින් පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

එමෙන්ම සබරගමුව ලස්සනයි වැඩසටහන යටතේ සබරගමුව පළාත් සභාවේ රුපියල් මිලියන 125ක ප්‍රතිපාදන යටතේ ඇහැලියගොඩ මහ රෝහලේ ඉදිකරන ලද පස්මහල් ගොඩනැඟිල්ලේ ඇඳන් 120කින් යුත් වාට්ටු සංකීර්ණය, ඇහැලියගොඩ ප්‍රදේශයේ පරිත්‍යාගශීලින් දෙදෙනෙකුගේ රුපියල් ලක්ෂ 65ක වියදමින් ඉදිකරන ලද නව භික්ෂු වාට්ටු සංකීර්ණ සහ ව්‍යාපාරික මහතෙකු විසින් රුපියල් ලක්ෂ 50ක වියදමින් ඉදිකරන ලද එක්ස්රේ අංශය ද අද ජනතා අයිතියට පැවරුණේ ජනාධිපතිතුමා අතිනි.

මෙම සංවර්ධන කටයුතු ජනතා අයිතියට පවරාදුන් ජනාධිපතිතුමා රෝහලේ නිරික්ෂණ චාරිකාවක ද නිරත වෙමින් කාර්ය මණ්ඩල සමඟ සුහද කතා බහක නිරත විය.

එමෙන්ම සංවර්ධන කටයුතු සඳහා දායක වූ පරිත්‍යාගශීලින්ට ඇගැයීම් සම්මාන පිරිනැමීම ද ජනාධිපතිතුමා අතින් සිදු විය.

ඇහැලියගොඩ මූලික රෝහලේ ඓතිහාසික සංවර්ධනය උදෙසා පුරෝගාමී මෙහෙවරක් ඉටුකළ හිටපු වෛද්‍ය අධිකාරි ශාන්ත අබේවික්‍රම මහතා වෙනුවෙන් ද ජනාධිපතිතුමා අතින් ඇගැයීම් සම්මානයක් පිරිනැමිණි.

“ළඟම පාසල හොඳම පාසල” වැඩසටහන යටතේ තලාවිටිය සිරි සමන් විද්‍යාලයේ රුපියල් මිලියන 15.89 ක වියදමින් ඉදිකළ ගුරු නිවාසය විවෘත කිරීම සහ මිලියන 22.83ක වියදමින් ඉදිකළ විද්‍යාගාරය, ගණිතාගාරය, පුස්තකාලය, සිසු අයිතියට පැවරුණේ ද ජනාධිපතිතුමා අතිනි.

විද්‍යාලය වෙත ගිය ජනාධිපතිතුමා සිසු දරුවන් විසින් මහත් සෙනෙහසින් පිළිගත් අතර සමරු ඵලකය නිරාවණය කර නව ඉදිකිරීම් සිසු අයිතියට පැවරූ ජනාධිපතිතුමා සිසු ක්‍රියාකාරකම් නිරික්ෂණය කිරීමට ද එක් විය.

– ජනාධිපති මාධ්‍ය ඒකකය


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29301,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: රටේ ජනතාවගෙන් 90%ක් මා සමගයි.. මා තනි වී නෑ – ජනපති
රටේ ජනතාවගෙන් 90%ක් මා සමගයි.. මා තනි වී නෑ – ජනපති
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjSe6DKSAhW4S83NnmhKeXwQvTbT3zLG9q4WXJSgshTZy-LxOhA3HzMj7vf5S7n6vJ6Y0PPCY0Op2dH9MN2UQlHaAi5oY6pjq_GwzGYWZtQNXjONiZQUobMydQK8r2zZueI-HoBH88t2RRn/s320/maithripala.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjSe6DKSAhW4S83NnmhKeXwQvTbT3zLG9q4WXJSgshTZy-LxOhA3HzMj7vf5S7n6vJ6Y0PPCY0Op2dH9MN2UQlHaAi5oY6pjq_GwzGYWZtQNXjONiZQUobMydQK8r2zZueI-HoBH88t2RRn/s72-c/maithripala.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2019/07/90.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2019/07/90.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy