දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
මගේ ඩොලර් බිලියන 18 කෝ - නාමල් අසයි
Homeප්‍රවෘත්ති

මගේ ඩොලර් බිලියන 18 කෝ - නාමල් අසයි

PropellerAds

රා ජපක්ෂ ආණ්ඩුවේ ප්‍රජාතන්ත්‍රවාදය නැතැයි කියමින් බටහිර රටවල් සමග එකතුවී ප්‍රජාතන්ත්‍රවාදය ගෙන එනවා යැයි කියූ යහපාලන ආණ්ඩුව අද වන විට මැතිව...

වසර 15කදි ශ්‍රී ලංකාව සිංගප්පූරුව පරදා දියුණූ රටක් කරනවා…
රේගුවට සුද්දයක් පනතට වෙනසක්.
තීන්දුව අද - විජයදාස, ඉවත් කරන්න ජනාධිපති එකඟයි?
රාජපක්ෂ ආණ්ඩුවේ ප්‍රජාතන්ත්‍රවාදය නැතැයි කියමින් බටහිර රටවල් සමග එකතුවී ප්‍රජාතන්ත්‍රවාදය ගෙන එනවා යැයි කියූ යහපාලන ආණ්ඩුව අද වන විට මැතිවරණය කල් දැමීමේ වැඩ පිළිවෙලක නිරත වන බව හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පිටබැද්දර ප්‍රදේශයේදී පැවසීය.

ඔහු මෙසේ පවසා සිටියේ පොදුජන පෙරමුණේ දෙනියාය ආසන බල මණ්ඩලයට සහභාගී වෙමිනි.

වැඩි දුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේ කීය.

එක පැත්තකින් රටේ ජන ජීවිතය කඩා වැටෙනවා.අනෙක් පැත්තෙන් නීතිය ප්‍රජාතන්ත්‍රවාදය කඩාගෙන වැටෙනවා.යහපාලන ආණුඩුව බලයට ආවේ ප්‍රජාතන්ත්‍රවාදය ලබා දෙනවා කියලා.අද මොකක්ද වෙලා තියෙන්නේ..ප්‍රාදේශීය සභා මැතිවරණය අවුරුදු දෙකහමාරකින් කල් දැම්මා.අද වන විට පළාත් සභා මැතිවරණය කල් දාලා තියෙනවා.අද හෙට තියන්න තියෙන ජනාධිපතිවරණය කල් දැමීමේ උත්සහයක් ආණ්ඩුව ගන්නවා කියලා අපිට දැනගන්න ලැබිලා තියෙනවා.

අනිත් පැත්තෙන් දින සීයෙන් අලුත් රටක් හදන්න ආපු ආණ්ඩුව දින සීයෙන් මහා බැංකුව කොල්ලකෑවා.රටේ ආර්ථිකය කඩා වැටෙන්න ගත්තා.එදා රාජපක්ෂලා හොරු,ඒකාබද්ධ විපක්ෂයේ ඉන්නේ හොරු කියලා නඩු දාලා,හිරේ දාලා එෆ්.සී.අයි.ඩී කියන ආයතන හදලා දේශපාලන පළිගන්න දඩබිමක් කරලා ගම්වල ප්‍රාදේශීය සභා මන්ත්‍රී වරුන්ගේ ඉඳලා පාර්ලිමේන්තු මන්ත්‍රීවරු දක්වා ගමේ අහිංසක දෙමව්පියන්වත් අරන් ගිහිල්ලා ප්‍රශ්න අහලා බොරු නඩු දාන අතර තුරේදී ආණ්ඩුව මහ බැංකුව මංකොල්ල කෑවා.

රුපියල කඩාගෙන වැටෙන්න පටන් ගත්තා.සංවර්ධනය නැවැත්තුවා.පොර්ට් සිටි එක නැවැත්තුවා.හම්බන්තොට වරාය කුණු කොල්ලයට විජාතික සමාගමකට විකිණුවා.දැන් මත්තල ගුවන් තොටුපලත් පලාලි ගුවන්තොටුපලත් කුණු කොල්ලෙට විකුනන්න ලෑස්තිවෙලා තියෙනවා කියන එක තමයි අපිට දැනගන්න ලැබිලා තියෙන්නේ.රාජ්‍ය සම්පත් ටික විකුණුවා,රටේ සංවර්ධනය නැවැත්තුවා. පාරවල් හදන එක නැවැත්තුවා.ඇළ වේලි හදන එක නැවැත්තුවා.එදා වැඩබිමක් බවට පත්වෙලා තිබුණු රට යහපාලන ආණ්ඩුව මුඩු බිමක් බවට පත් කළා.අද විනිමය අනුපාතය එන්න එන්නම වැඩි වෙනවා.අද තරුණ තරුණියන්ගේ රැකියා අවස්ථා කප්පාදු කරලා.රාජ්‍ය සේවකයාගේ විශ්‍රාම වැටුප කප්පාදු කළා.රාජ්‍ය සේවය කප්පාදු කිරීමේ වැඩ පිළිවෙලක් මේ ආණ්ඩුව පටන් ගත්තා.ආයෝජන රටට ගලාගෙන එන එක නැවැත්තුවා.අවසානයේ අද තරුණ තරුණියන්ගේ විරැකියා ප්‍රශ්නය එන්න එන්නම් වැඩි වෙනවා.අවුරුදු විස්සත් තිස්පහත් අතර තරුණ තරුණියන්ගේ විරැකියා ප්‍රතිශතය සියයට දහසයි(16%).මහින්ද රාජපක්ෂ ආණ්ඩුවේ රටේ විරැකියා ප්‍රතිශතය සියයට හතරයි පහයි (4% සහ 5%).බැංකුවට ගිහින් නායක ගන්න විදියක් නැහැ.අද පොලී අනුපාතය සියයට දහතුනයි,දාහතරයි පහලවයි (13%-14%-15%).මුල්‍ය සමාගම්වල අනුපාතය සියයට දහ අටයි විස්සයි(18%-20%).අද ව්‍යාපාර කරගන්න විදියක් නැහැ.මහින්ද රාජපක්ෂ ආණ්ඩුවේ බැංකු පොළී අනුපාතය සියට දහයට (10%) අඩුවෙන් පාලනය කරගන්න පුළුවන් වුනා.රුපියල ශක්තිමත්ව පාලනය කරන්න වැඩපිළිවෙලක් තිබුණා.



එදා පොහොර සහනාධාරය දුන්නා.ගොවියා,ධීවරයා,කම්කරුවා ආරක්ෂා කෙරුවා.සමහර ගොවි මහත්වරු හිතුවා රජරටින් ජනාධිපති කෙනෙක් එනකොට ගොවියා රජ කරන්න පුළුවන් වෙයි කියලා.ඒ ජනාධිපති රජරටින් මුලින්ම ගැහුවේ ගොවියාගේ බඩට.කැපුවා  පොහොර සහනාධාරය.හතලිස් පහක සහතික මිලක් දෙනවා කිව්වා.මහින්ද මහත්තයාගේ ආණ්ඩුවෙන් හම්බවෙච්ච රුපියල් හතළිහත් අන්තිමට නැති වුනා.වී ටික ගිහින් දැම්මා මත්තල ගුවන් තොටුපලට.වී ටික දාලා ලෝකෙටම කිව්වා මේ ගුවන් තොටුපල වැඩක් නැති ගුවන් තොටුපලක් කියලා.ලෝකෙටම වැඩක් නැහැ කියපු ගුවන් තොටුපළ අද ඉන්දියාවට විකුනන්න ලෑස්ති වෙනකොට ජනාධිපති කොමිසමක් දාලා ප්‍රශ්න අහනවා.එතකොට කියනවා මත්තල ගුවන් තොටුපලට වී දාපු නිසා එකේ තිබුණු උපකරණ වලට හානි සිද්දවෙලා කියලා.එදා ඒ ගැන මතක් වුනේ නැද්ද?..

අද  රටේ ආර්ථිකය කඩා වැටෙන තත්වයට මේ ආණ්ඩුව විසින් ඒ තත්වයට රට ගෙනවිත් තියෙනවා.ඩොලර් එක එකසිය දහ අටේ ඉඳලා එකසිය තිස් හතර දක්වා තියෙන කාලසීමාවේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමන්ගේ ආණ්ඩුවේ ගම්මිරිස් ගොවියාට කිලෝ එකකට එක්දහස් දෙසීයක ආදායමක් ලැබුණා.තේ දළු සඳහා රුපියල් සියයකට වැඩි ආදායමක් ලැබුණා.අද තේ දළු මිල රුපියල් අසූ පහයි.අද ඩොලර් එක එකසීය අසුවයි.දැන් එකසිය තිස් හතරේ ඉදන් එකසීය අසුවට  වැඩිවුණු ලාභය කාගේ ගාවද?..

රාජිත සේනාරත්න ඇමතිතුමා කිව්වා නාමල් රාජපක්ෂ ඩොලර් බිලියන දහ අටක් කරේ තියාගෙන යනවා දැක්කා කියලා.පාර හැදුවම ප්‍රාදේශීය සභා මන්ත්‍රී හොරකම් කළා කිව්වා.අනුර කුමාර මහත්තයා කිව්වා ගියපු වියදමට අධිවේගී මාර්ගය රත්තරන් වලින් හදන්න්න තිබුනා කියලා.දැන් අනුර කුමාර මහත්තයාගේ කතාවක් නැහැ.දැන් ඊට වඩා දෙතුන්ගුනයක් වැඩියෙන් ඇස්තමේන්තු කරන්නේ.ඒවා ගැන කතා කරන්න අනුර මහත්තයා හොයාගන්න නැහැ.

හැබැයි දැන්..තේ ගොවියාට ලැබෙන අදායම අඩුවෙනවා.හැබැයි ඩොලර් එක වැඩි වෙනවා.ආණ්ඩුවට සම්බන්ධ අතරමැදි ව්‍යාපාරිකයෝ ලාභ ලබනකොට ගොවියා අසරණ කරනවා.මේක තමයි මේ ආණ්ඩුව කරන්නේ.ආණ්ඩුවේ සමහර ඇමතිවරු කියනවා ඩොලර් එක වැඩිවෙන එක හොඳයි කියලා..එකේ ප්‍රතිලාභය ගමට යනවළු.එකේ ප්‍රතිලාභය ගමට ගියානම් තේ දළු මිල අසුපහට බහින්න විදියක් නැහැ.එකසිය දහ අටට (118) තියෙන විටත් එකසියඑකසිය තිස් හතර තියෙනකොට රුපියල් සියයට තේ දළු ටික ගත්තා නම් එකසිය අසුව වෙනකොට එකසිය විස්සකවත් තේ දළු මිලක් දෙන්න ඕන.අද එහෙම වැඩ පිළිවෙලක් මේ ආණ්ඩුවේ නෑ.සම්පුර්ණයෙන් කරන්නේ එක පැත්තකින් ජනතාව නොමග යවනවා.අනිත් පැත්තෙන් ආණ්ඩුවේ පැවැත්මට අතුරු අයවැය ගෙනල්ලා ඇමතිවරුන්ට වාහන ගත්තා.හැබැයි ජනතාවට කියනවා පටි තද කරගන්න කියලා..

රනිල් වික්‍රමසිංහ මහත්තයට අවශ්‍ය විදියට මෛත්‍රීපාල ජනාධිපතිතුමාගේ අවශ්‍ය විදියට තමන්ගේ අවශ්‍යතාවය ඉටු කරගන්න පුළුවන් වැඩ පිළිවෙලක් ක්‍රියාත්මක කරනවා.හැබැයි රටේ ජනතාවගේ අවශ්‍යතාවයන් ඉටු කරන්න ආණ්ඩුව මැදිහත් වෙන්නේ නැහැ.

පාස්කු ඉරිදා සිදුවීමට කව්ද වග කියන්න ඕන?..අද පොලිස්පතිවරයා,හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහත්තයා වග කියන්න ඕන.හැබැයි ඒ දෙන්නා විතරද වග කියන්න ඕන.රටේ ජනාධිපතිවරයෙක් අගමැතිවරයෙක් නැද්ද?..කැබිනට් මණ්ඩලයක් නැද්ද?ආරක්ෂක ලේකම් වග කියන්න ඕන කාටද?.කවුද කැබිනට් මණ්ඩලයේ ප්‍රධානියා?..ඒ අය මේකට වග කියන්නේ නැද්ද?..



අද ආණ්ඩුව උත්සහ කරන්නේ මොකක්ද?එක් පැත්තකින් පාර්ලිමේන්තු කාරක සභාවක් දාලා මේ සිද්දිය යට ගහනවා.මේකට සැබෑ ලෙසම වග කියන්න ඕන අය මේක පිටිපස්සේ ඉඳලා මේ අය ආරක්ෂා කරපු අය කාරක සභාවෙන් ආරක්ෂා කරන ගමන් නිලධාරීන්ට වැරැද්ද පටවන්න උත්සහ ගන්නවා.මේක නිලධාරීන්ගේ වැරද්දක් බවට පත් කළා.බුද්ධි අංශ අඩපන කරනකොට රටේ ජාතික ආරක්ෂාවට තර්ජනයක් කියන එක ජනතාව දැක්කා.හමුදාවේ බුද්ධි අන්ශේ නිලධාරීන් හිරේ දාන විදියට අපේ රටේ ආරක්ෂාව නැතිවෙයි මන්ත්‍රීතුමා කියලා අපිට ගමේ වැඩිහිටියෝ කිව්වේ..මහා සංඝරත්නය හතලිස් අට නමක් රක්ෂිත බන්ධනාගාර ගත කළා.අවසානයේ පෙරහරකට යන්න අලියෙක් නැති ගානට ගෙනාවා.රටේ සංස්කෘතියට ආරක්ෂාවට ගහලා රටේ ජනජීවිතය අඩාල කළා.අඩාල කරලා මැතිවරණ කල් දැම්මා.ජනාධිපතිවරණය කල් දාන්න අද උත්සහ ගන්නවා.බලහත්කාරයෙන් හරි මේ මාස කිහිපය ආණ්ඩුවේ ඉන්න ඕන කියලා..

මහින්ද රාජපක්ෂ මහත්තයාගේ ආණ්ඩුවේ වැඩ පිළිවෙලක් තිබුනා.පාරවල් අධිවේගී මාර්ග නිකමට හැදුවේ නැහැ.එදා මහින්ද මහත්තයට බැනපු අය අද කොළඹ යන්නේ ඒ අධිවේගී මාර්ගය හරහා.මත්තල ගුවන් තොටුපල,නැගෙනහිර ගුවන්තොටුපල හදනකොට අපිට සැලැස්මක් තිබුනා. ආර්ථික,නාවික කේන්ද්‍රස්ථාන බවට පත් කරලා තේ,රබර් එළවලු පලතුරු පිටරට ගෙනියන්න වැඩපිළිවෙලක් තිබුනා.දෙනියාය සංචාරක කලාපයක් බවට පත් කරන්න.මත්තල ගුවන් තොටුපළ දියුණු වෙනකොට ගොමදිය,වරාපිටිය,ඇඹිලිපිටිය උඩවලව සංචාරක කලාප නැවට දියුණු වෙන්න අපිට වැඩ පිළිවෙලක් තිබුනා.අවාසනාවට මේ ආණ්ඩුව බලයට ආවේ පලිගැනීම සහ වෛරය පදනම් කරගෙන විතරයි.ඒ අයට සැලැස්මක් වැඩපිළිවෙලක් නැහැ.ඒ නිසා අද මර්ධනය කරමින් රට පාලනය කරන්න උත්සහ ගන්නේ.මේ ආණ්ඩුව බලයට ආපු දවසේ ඉඳලා ශිෂ්‍ය ව්‍යාපාර,වුර්තීය සංගම් මර්ධනය කළා.එදා ශිෂ්‍ය ව්‍යාපාර තම ඉල්ලීම් දිනාගන්න පාරට බැස්සම යහපාලන ආණ්ඩුවෙන් ගහලා එලෙව්වා.පහුගිය අවුරුදු හතරේ උපාධිධාරීන් අසුදහසක් විරැකියාවෙන් දුක් විඳිනවා.අවුරුදු දහයක් ඇතුලත මහින්ද රාජපක්ෂ ආණ්ඩුව උපාධිධාරීන් අනුඅටදහසකට රැකියා ලබාදුන්නා.

දකුණ,නැගෙනහිර සංවර්ධනය කිරීමේ සැලැස්මක් තිබුණා.රට යා කරන්න රේල් පාරවල් අධිවේගී මාර්ග,ගුවන්තොටුපළවල් හදන්න අපිට සැලැස්මක් තිබුනා.අන්න ඒ සැලැස්ම තමයි යහපාලන ආණ්ඩුවෙන් විනාස කරලා දැම්මේ.

අද අපේ රට දේශපාලන සහ ආර්ථික වශයෙන් අවිනිශ්චිත රටක් බවට පත්වෙලා.ආයෝජකයින් එන්නේ නැහැ.රටේ රැකියා බිහිවෙන්නේ නැහැ.

දේශපාලන වශයෙන් ආණ්ඩුව පුළුවන් තරම් මැතිවරණ යට ගහලා මැතිවරණ කල් දැමීම සඳහා ක්‍රියා කරනවා.ජනතාවගේ ප්‍රශ්න වෙනතැනකට අරගෙන යනවා. එකේ අවසාන ප්‍රතිපලය විදියට රටක් විදියට ජාතීන් විදියට බෙදන්න උත්සහ ගන්නවා.අවසාන ප්‍රතිපලය තමයි බටහිර අධිරාජ්‍යවාදීන් දෙදහස් පහලවේ ජනවාරි අටවෙනිදා අතිගරු මෛත්‍රීපාල සිරිසේන ජනාධිපති මහතා බලයට ගෙනාපු උවමනාව ඉටු කරගන්න ක්‍රමයක් බවට මේ බෙදීම පරිවර්තනය කරන්න උත්සහ ගන්නවා.සෝෆා,එට්කා,මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් වැනි ගිවිසුම් මගින් අවසානයේ අපේ රට ඇමරිකාවේ කොලනියක් බවට පත් කරන්න  ව්‍යාපාරය රනිල් මෛත්‍රී ආණ්ඩුව ඉටුකරන්න හදන්නේ.

ඇමරිකාව වගේ බටහිර රටවල් කොහොමද ලිබියාව,ඉරානය,සුඩානය,සිරියාව ඇෆ්ගනිස්තානය  විනාස කරන්න දැවැන්ත වැඩ පිළිවෙලවල් ක්‍රියාත්මක කළා.ඔවුන්ගේ ඊළඟ ගොදුර බවට දකුණු ආසියාවේ ලංකාව පරිවර්තනය වෙමින් පවතිනවා.අපේ ආණ්ඩුව දැන හෝ නොදැන ඒ ගොදුරට ගමන් කරනවා.

අපි සමාජයක් විදියට ශ්‍රී ලාංකික ජාතියක් විදියට බෙදුනොත් එකේ අවසන් පරිච්චේදය තමයි මේ රට ආක්‍රමණිකයෝ වශයෙන් වෙනත් හමුදාවන් මේ රටට ගොඩ බහින්නේ.

ඒ නිසා මේ මැතිවරණය තීරණාත්මක මැතිවරණයක්.ඉදිරියේ තියෙන ජනාධිපතිවරණයක්. මහින්ද රාජපක්ෂ කඳවුර සහ පොදුජන පෙරමුණ ජයග්‍රහණය කිරීම තුල පමණයි ඔබේ අනාගතය ගොඩනගන්න පුළුවන් වැඩපිළිවෙලක් සහ සැලැස්මක් තියෙන්නේ.

මහිද රාජපක්ෂ ජනාධිපතිතුමා අපේ අපේක්ෂකයා ගැන අගෝස්තු එකලොස්වෙනිදාට කියාවි.දැන් ප්‍රශ්නය එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂකයා කවුද කියන එක අර්බුධයක් වෙලා.ඒක පක්ෂයේ සහ අපේක්ෂකයාගේ අර්බුධයක්.එක්සත් ජාතික පක්ෂය බලයට ආපු හැම අවස්ථාවකම බටහිර රටවල් අපේ රට ආක්‍රමණය කළා.

ආර්ථික,සමාජීය සහ දේශපාලන වශයෙන් පක්ෂයේ කවුරු අපේක්ෂකයට වුනත් මේ රටට වෙන වින්නැහිය නවත්තන්න ඒ පක්ෂයේ කිසි කෙනෙකුට හැකියාවක් නැහැ.උවමනාවකුත් නැහැ.ඔය පක්ෂය ආයේ බලයට එන්නේ දාහත් අවුරුද්දක් ඇදගෙන ගියා වගේ ඊළඟ අවුරුදු ගානත් බලහත්කාරයෙන් ඇදගෙන යන්න වැඩපිළිවෙළ නිර්මාණය කළා. යනුවෙන් පැවසීය.

– මොරවක ප්‍රියංකර ගමගේ


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29286,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: මගේ ඩොලර් බිලියන 18 කෝ - නාමල් අසයි
මගේ ඩොලර් බිලියන 18 කෝ - නාමල් අසයි
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhDYZERbCbwa6va_ciVSmN7XoY6Qx6wqSYrG03qs9dui7IwQ3FoctEg7kKcqBi5Xd4iZhssa7KuoFV4tEUlaptkVtZ59Q7U1IIPAxfjNeFa-hfVac84VEw_yE_BAdVoEt6PASvKW4k3vlnr/s320/Namal.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhDYZERbCbwa6va_ciVSmN7XoY6Qx6wqSYrG03qs9dui7IwQ3FoctEg7kKcqBi5Xd4iZhssa7KuoFV4tEUlaptkVtZ59Q7U1IIPAxfjNeFa-hfVac84VEw_yE_BAdVoEt6PASvKW4k3vlnr/s72-c/Namal.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2019/07/18.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2019/07/18.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy