ශ්‍රී ලංකා රේගුවේ ඇති පැරණි නීති වෙනුවට අලුත් නීති හඳුන්වා දී රේගුව අභ්‍යන්තරයේ සිදු වන මාෆියා කටයුතු වහාම නතර කිරීමට පියවර ගන්නා ලෙස මුද...
ශ්‍රී ලංකා රේගුවේ ඇති පැරණි නීති වෙනුවට අලුත් නීති හඳුන්වා දී රේගුව අභ්‍යන්තරයේ සිදු වන මාෆියා කටයුතු වහාම නතර කිරීමට පියවර ගන්නා ලෙස මුදල් හා ජනමාධ්‍ය ඇමැති මංගල සමරවීර උපදෙස් දී තිබේ.
මේ අනුව වසර 150 කට වඩා පැරණි රේගු පනත මුළුමනින්ම සංශෝධනය කිරීමට නියමිත අතර, රේගුවේ අභ්‍යන්තර ව්‍යුහයන්ගේ ද පූර්ණ ප්‍රතිසංවිධානයක් සිදු කිරීමට සැලසුම් කර තිබේ. ශ්‍රී ලංකා රේගුව හරහා රජයට ලැබිය යුතු රුපියල් කෝටි ගණනක මුදලක් දිනපතා අහිමි වන බවත්, ඒ මුදල් ජාවාරම්කරුවන් සමග එක්ව රේගු නිලධාරීන් සාක්කුවේ දමාගන්නා බවත් පසුගිය කාලයේදී ඇමැතිවරයා විසින් කැඳවන ලද වාර්තා වලින් සනාථ වී තිබේ. මේ නිසා අදාළ මුදල් විධිමත්ව රජයට ලැබෙන පරිදි නීති වෙනස් කිරීම අත්‍යවශ්‍ය බවත්, ඉන්පසු සියලු තොරතුරු පරිගණකගත කළ යුතු බවත් ඇමැතිවරයා පවසා ඇත.
ශ්‍රී ලංකා රේගුව සහ මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් දෙපාර්තමේන්තුව ඇතුළු මුදල් අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක ආයතන කිහිපයක් එක් කර එක පරිගනක පද්ධතියක් ස්ථාපිත කිරීමට සැලසුම් කළද, රේගුවේ ඉහළ පෙළේ නිලධාරීන් ඇතුළු බහුතරයක් ඊට විරුද්ධ වී තිබේ. මීට හේතුව ලෙස හඳුනාගෙන ඇත්තේ ද අදාළ මූල්‍ය මාෆියාව හෙළිදරව් වන නිසා එසේ එක් පරිගනක පද්ධතියක් යටතට තොරතුරු රැස්කිරීමට ඉඩ නොදෙන බව ය. මේ නිසා ඇමැතිවරයා උපදෙස් දී ඇත්තේ කඩිනමින් මේ තත්ත්වය වෙනස් කර රේගුව පූර්ණ ප්‍රතිසංවිධානයකට යටත් කරන ලෙසයි. නව රේගු පනත සකස් කිරීමේ කටයුතු කඩිනමින් ආරම්භ කරන ලෙස ද, ඒ සඳහා වෙනත් රටවල මේ ක්‍රමවේද ක්‍රියාත්මක වන ආකාරය අධ්‍යයනය කරන ලෙස ද වැඩිදුරටත් ඇමැතිවරයා අදාළ නිලධාරීන්ට උපදෙස් දී ඇත.
-තේජා සුදසිංහ
COMMENTS