මෙ රට මුස්ලිම් නායකයන්ගේ එකමුතුව ඉදිරියේදී තම මුස්ලිම් ප්‍රජාවට විරුද්ධ බලවේගයන්ට එරෙහිව කටයුතු කරන බව ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රස් නායක ර...
මෙරට මුස්ලිම් නායකයන්ගේ එකමුතුව ඉදිරියේදී තම මුස්ලිම් ප්‍රජාවට විරුද්ධ බලවේගයන්ට එරෙහිව කටයුතු කරන බව ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රස් නායක රවුෆ් හකීම් මහතා පවසයි. දේශපාලනික වශයෙන් මුස්ලිම් නායකයන් අද වනවිට එකමුතු වී ඇති බවත් ඉදිරියේ දී සිය ජනතාවගේ අයිතීන් දේශපාලන තීන්දු තීරණ වලදී කැප නොකරන බවත් ඔහු කියා සිටියි.
පාස්කු ඉරිදා දිනයේ කිහිප දෙනෙකු විසින් එල්ල කරන ලද කුරිරු ප්‍රහාරයේ ප්‍රතිඵලයක් ලෙස මුළු මහත් මුස්ලිම් සමාජයම විත්තිකරුවන් බවට පත්කර ඇති බවද ඔහු පෙන්වා දෙයි.
මුස්ලිම් ජනතාව පත් ව ඇති පීඩාවන්ගෙන් බේරාගැනීමට මුස්ලිම් නායකයන් තමන්ගේ තනතුරුවලින් ඉවත් වූ බව ද ඔහු සඳහන් කරයි.
අප දේශපාලන වශයෙන් එකමුතු වී තිබෙන බවත් මුස්ලිම් ජනතාව බේරාගැනීම ගැනීමේ එකම අරමුණ වෙනුවෙන් ඉදිරියේදී ජනතාවගේ අයිතීන් කිසි විටෙක කැප නොකරන බවද ඔහු කියා සිටියේය.
ඔහු මෙම අදහස් පල කරන්නේ රාමසාන් උත්සවය වෙනුවෙන් සිය සුබ පැතුම් පණිවුඩය එක් කරමිනි.

COMMENTS