පසුගිය දිනෙක බිලියන විස්සකට අදික ඖෂධ වංචාවක් සිදු කල බව කියමින් රජයේ වෛද්යය නිලධාරීන්ගේ සංගමය විසින් අමාත්යප රාජිත සේනාරත්න මහතාට චෝදනා එ...
මේ සම්බන්දයෙන් අදහස් ඉදිරිපත් කරනු ලැබූ ඇමතිවරයා කියා සිටියේ මෙලෙස තමාට එරහිව අභූත චෝදනා එල්ල කරන්නන්ට එරහිව අධිකරණය ඉදිරියට ගොස් සිදුවූ අපහාසය සම්බන්දයෙන් රුපියල් බිලියනයක වන්දි මුදලක් අයකර ගැනීමට තමන් සුදානම් බවයි . ඒ සදහා අවශ්යි පියවරයන් තමන් මේ වන විටත් අනුගමනකර ඇති බවත් ඇමතිවරයා වැඩිදුරටත් අදහස් දක්වමින් කියා සිටි.
එසේම කිසිදු සාධාරණ පදනමකින් තොරව චෝදනා එල්ල කරන්නන්ට සහ මේ සම්බන්ධ අසත්‍ය පුවත් ප්‍රචාරය කරන මාධ්‍ය ආයතනයන්ට එරෙහිවද අවශ්ය පියවර ගන්නා බව ප්රාකාශ කර සිටින ලදී .
මෙලෙස අසත්ය පුවත් මවන වෛද්ය වරුන් මහජනයාගේ සුබ සෙත උදෙසා කටයුතු කරන ආචාර ධර්ම පද්ධතියකින් යුතු වෘතිකයන් ලෙස කිසිසේත් සැලකිය නොහැකි බවත් මොවුන් හුදු දේශපාලන අරමුණු පෙරදැරිව කටයුතු කරන පිරිසක් පමණක් බවත් මෙතෙක් කල් මොවුනට එරෙහිව ක්‍රියාත්මක නොකළේ වෛද්ය වෘත්තියට ඇති ගෞරවය නිසා බව කියා සිටි අමාත්‍යවරයා මොවුන් තව දුරටත් වෛද්‍ය වරුන් සේ නොසලකා අවශ්‍ය ක්රිකයාමාර්ග ගැනීමට තමන් සූදානම් බවද කියා සිටින ලදී .
තවද දුම්කොළ සහ ඖෂධ සමාගම් ඇතුළු බහු ජාතික සමාගම් වැනි ගලිවර්ලා සමග හැප්පෙන තමන් බහු ජාතික සමාගම් වල සාක්කුවේ සිටිනා මෙවැනි ලිලිපුට්ටන්ට බිය නොවන බවත් දුම්කොළ විරෝධී සහ ජනතාවාදී ක්‍රියාමාර්ග ගන්නා සෑම අවස්ථාවකදීම දිනකට හෝ දෙකකට පසුව මොවුන් මාධ්‍යහමු කැදවා තමන්ට චෝදනා කරන්නේ ඇයි දැයි ජනතාව සිතා බැලිය යුතු බව එතුමා තව දුරටත් සදහන් කළේය.
COMMENTS