ඉ න්දීය ජාතික විමර්ශන ඒකකය විසින් තමිල්නාඩුවේ ස්ථාන හතක කළ සෝදිසි මෙහෙයුමකන් ශ්‍රී ලංකාවේ පාස්කු ඉරිදා ප්‍රහාරයේ මහ මොළකරු වන සහරාන් හෂීම් ...
ඉන්දීය ජාතික විමර්ශන ඒකකය විසින් තමිල්නාඩුවේ ස්ථාන හතක කළ සෝදිසි මෙහෙයුමකන් ශ්‍රී ලංකාවේ පාස්කු ඉරිදා ප්‍රහාරයේ මහ මොළකරු වන සහරාන් හෂීම් සමග සමීප ෆෙස්බුක් ඔස්සේ සබඳතා පැවැත්වූ සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන තිබේ. මෙහිදී ඉස්ලාම් රාජ්‍ය ත්‍රස්ත සංවිධානයට සම්බන්ධ බවට සැකකෙරෙන ස්ථාන හතක සෝදිසි මෙහෙයුම්කර තිබේ.
අත්අඩංගුවට ගෙන ඇති පුද්ගලයා අවුරුදු 32ක් වන මොහොමඞ් අසාරුඩීන් නැමැත්තෙකි.එසේම සහරාන් හෂීම්ගේ අන්තවාදී අදහස් මෙම සැකකරු විසින් තම සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු කර ඇති බවත් ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.
තමිල්නාඩුවේ කොයිමබටොර් හි මෙම සොදිසි මෙහෙයුම්කර ඇති අතර අත්අඩංගුවට ගත් අසාරුඩීන්,කොයිමබටොර් හි ඉස්ලාම් රාජ්‍ය ත්‍රස්තසංවිධාන ඒකකයේ ප්‍රධානියා ලෙස කටයුතු කර ඇති බවටත් ඉන්දීය ආරක්ෂක අංශ හෙළිකරගෙන ඇත.
සංචාරක ක්ෂේත්‍රයට සම්බන්ධ ව්‍යාපාරයක් පවත්වාගෙන ගොස් ඇති සැකකරු ණය්සක්f්යඨත්‍ඞ නමින් ෆෙස්බුක් ගිණුමක් පවත්වාගෙන යමින් ඒ හරහා අයි.එස්. මතවාදය ව්‍යාප්ත කර ඇති බවත් තහවුරු කරගෙන තිබේ.
මෙම සෝදිසි මෙහෙයුමේදී දුරකතන 14ක්, සිම්පත් 29ක්, ලැප්ටොප් පරිගනක තුනක්, ඩොංගල් 13ක් ඇතුළු තාක්ෂණික හා තවත් උපකරණ හා ලියකියවිලි රාශියක් සොයාගෙන ඇත.
බදාදා දිනයේදී මෙම සෝදිසි මෙහෙයුම් දියත් කර ඇති අතර අසාරුඩීන්ට අමතරව අයි.එස්. මතවාදය ව්‍යාප්ත කිරිමේ චෝදනා යටතේ තවත් සැකකරුවන් පස් දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබේ.අක්‍රම් සින්ධා (26), සෙයික් හිදායතුල්ලා (38), අබුබකර් එම් (29), සදාම් හුසේන් ඒ (26),ඊබ්‍රහිම් නොහොත් ශාහින් ෂා (28) යන සැකකරුවන් මෙසේ අත්අඩංගුවට පත්ව ඇත.

COMMENTS