ජ නාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට විරුද්ධව දෝෂාභියෝගයක් ගෙන ඒමට එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව විසින් මුල් පියවර තබා ඇති බව අද ලංකාදීප පුවත්පත ව...
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට විරුද්ධව දෝෂාභියෝගයක් ගෙන ඒමට එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව විසින් මුල් පියවර තබා ඇති බව අද ලංකාදීප පුවත්පත විශ්වාස කටයුතු ආරංචි මාර්ගයක් උපුටා දක්වමින් වාර්තා කර ඇත.
පාස්කු ඉරිදා දිනයේ මෙරටට එල්ල වූ බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් පරීක්ෂණය කරන පාර්ලිමේන්තු විශේෂ තේරීම් කාරක සභාවෙන් හෙළිවන තොරතුරු හරහා මෙම දෝෂාභියෝග ගෙන ඒමට කටයුතු කරමින් ඇතැයිද වාර්තාව සදහන් කරයි.
මේ අතර ජනාධිපතිවරයා දැනුම් දී ඇත්තේ මෙම තේරීම් කාරක සභාවේ කටයුතු නතර නොකරන්නේ නම් ධුරවලින් ඉල්ලා අස්වූ මුස්ලිම් ඇමතිවරුන්ට නැවතත් එම ධුරවල දිවුරුම් දීමේ අවස්ථාවක් නොලැබෙනු ඇති බවයි.
සිකුරාදා දින පැවති හදිසි කැබිනට් මණ්ඩල රැස්වීමේ දී ජනාධිපතිවරයා මේ බව දන්වා ඇති අතර මෙම කාරක සභාව මගින් විමර්ශන කටයුතුවලට බාධා සිදු වන බවත් ජාතික ආරක්ෂාව ගැන සංවේදී තොරතුරු හෙළිදරව් වන බවත් ජනාධිපතිවරයා පවසා ඇත.
මෙම තත්ත්වය මත පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව සම්බන්ධයෙන් විධායකය හා ව්‍යවස්ථාදායකය අතර ගැටුමක් හටගෙන තිබෙන අතර එමගින් නැවත තවත් දේශපාලන අර්බුදයක් අනිවාර්යෙන් හට ගනු ඇති බව දේශපාලන ආරංචි මාර්ග කියයි.

COMMENTS