දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ගෝ්ඨා ඇතුළු නාවික හමුදාපතිවරුන් උසාවි ගෙන යාම ගැන ජනපතිගේ අප්‍රසාදය
Homeප්‍රවෘත්ති

ගෝ්ඨා ඇතුළු නාවික හමුදාපතිවරුන් උසාවි ගෙන යාම ගැන ජනපතිගේ අප්‍රසාදය

PropellerAds

කිසිදු අවස්ථාවක ආරක්ෂක අංශ දුර්වල කිරීමට සහ රණවිරුවන් අපකීර්තියට පත්වන සිදුවීම් සඳහා ඉඩ තැබීමට තමා කටයුතු නොකළ බව ජනාධිපති මෛත්‍රීපාල සිර...

මන්ත‍්‍රිලාට හොද පඩියක්, වාහනයක් නොදුන්නොත් හොරකම් කරාවි…
ඇස්ට්‍රාසෙනෙකා එන්නත අවුල් බව සමාගම පිළිගනිද්දී “බය වෙන්න එපා” යැයි ලංකාව කියයි
නිමල්-දුමින්ද-අමරවීර නිල වශයෙන් ශ්‍රීලනිපය රනිල්ට හේත්තු කරයි
ගෝ්ඨා ඇතුළු නාවික හමුදාපතිවරුන් උසාවි ගෙන යාම ගැන ජනපතිගේ අප්‍රසාදය

කිසිදු අවස්ථාවක ආරක්ෂක අංශ දුර්වල කිරීමට සහ රණවිරුවන් අපකීර්තියට පත්වන සිදුවීම් සඳහා ඉඩ තැබීමට තමා කටයුතු නොකළ බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

ජනාධිපතිවරයා මේ බව ප‍්‍රකාශ කළේ අද (12) පෙරවරුවේ ශ්‍රී ලංකා පදනම් ආයතනයේ පැවති “සත්විරු සංහිඳ” නිවාස හා ඉඩම් හිමිකම් ප‍්‍රදානෝත්සවය අමතමිනි.

හිටපු නාවික හමුදාපතිවරුන් තිදෙනෙකු අධිකරණය හමුවට කැඳවීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සිය අප්‍රසාදය ප්‍රකාශ කර ඇත.

පසුගිය දිනවල හිටපු ආරක්ෂක ලේකම්වරයා සහ හිටපු නාවික හමුදාපතිවරු තිදෙනෙකු උසාවියට ගෙන යාමේ සිදුවීමට ද රටේ ආරක්ෂක අමාත්‍යවරයා ලෙස තමාට එකඟවිය නොහැකි බව හෙතෙම කියා සිටියේය.

'මීට සතියකට කලින් හිටපු ආරක්ෂක ලේකම්වරයා සහ නාවික හමුදාවේ නාවික හමුදාපතිවරු තුන් දෙනෙක් උසාවියට අරගෙන ගියා. මම සම්පුර්ණයෙන් මගේ අප්‍රසාදය පළ කරනවා යුද්ධය කරපු නාවික හමුදාපතිවරු තුන් දෙනෙක් උසාවියට දක්කාගෙන යාම පිළිබඳව.' යනුවෙන් ජනාධිපතිවරයා පැවසීය.

අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව හෝ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය දේශපාලන න්‍යාය පත්‍ර මත ක්‍රියා කරන්නේ නම් ඊට එරෙහිව දැඩි පියවර ගන්නා බවට ජනාධිපතිවරයා මෙහිදී අනතුරු ඇඟවීය.

'මම විවෘතව මේ රටේ ජනතාවට කියනවා, මම ජනාධිපති වුණේ උසාවියට ටෙලිෆෝන් කෝල් දෙන්න නෙමෙයි. මම කිසිම වෙලාවක හමුදාව දුර්වල කරන්න කටයුතු කරන්නේ නැහැ. හමුදාව දුර්වල කරන්න මම ඉඩ දෙන්නෙත් නැහැ.' යැයි ද ජනාධිපතිවරයා අවධාරණය කළේය. 

 

රජයක් ලෙස මෙන්ම ජනාධිපතිවරයා ලෙස මාතෘ භූමිය වෙනුවෙනුත්, රටේ ජනතාව හා වීරෝදාර රණවිරුවන් වෙනුවෙන් ඉටු කළ යුතු වගකීම් පසුගිය මාස 18 ක කාලය තුළ තමා නොපිරිහෙළා ඉටු කළ බවද පැවසූ ජනාධිපතිවරයා තමන් බලය පිළිබඳ අනවශ්‍ය සිහින මවන පුද්ගලයෙකු නොවන බවත් රට වෙනුවෙන් තමන්ට පැවරුන වගකීම නිසි ලෙස ඉටුකර ඕනෑම අවස්ථාවක බලය අතහැරීමට තමා සූදානම් බවත් ජනාධිපතිවරයා කියා සිටියේය.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29283,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ගෝ්ඨා ඇතුළු නාවික හමුදාපතිවරුන් උසාවි ගෙන යාම ගැන ජනපතිගේ අප්‍රසාදය
ගෝ්ඨා ඇතුළු නාවික හමුදාපතිවරුන් උසාවි ගෙන යාම ගැන ජනපතිගේ අප්‍රසාදය
http://ift.tt/2dRl2if
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2016/10/blog-post_586.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2016/10/blog-post_586.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy