එළඹෙන ශ්‍රී පාද වන්දනා සමයේදී වාර්ෂික සහ තාවකාලික බලපත්‍ර මත නල්ලතන්නියේ සිට ශ්‍රීපාද මළුව දක්වා පවත්වාගෙන යන සංචාරක හෝටල්, වෙළඳසැල් සහ වෙ...
එළඹෙන ශ්‍රී පාද වන්දනා සමයේදී වාර්ෂික සහ තාවකාලික බලපත්‍ර මත නල්ලතන්නියේ සිට ශ්‍රීපාද මළුව දක්වා පවත්වාගෙන යන සංචාරක හෝටල්, වෙළඳසැල් සහ වෙහෙර විහාරස්ථානවලට දැඩි කොන්දේසි පැනවීමට තීරණය කර තිබේ.
ශ්‍රීපාදස්ථානාධිපති සබරගමු පළාතේ ප්‍රධාන සංඝනායක හා ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ කුලපති, අතිපූජ්‍ය බෙංගමුවේ ධම්මදින්න මහනාමියන්ගේ ප්‍රධානත්වයෙන් ඊයේ (08) නල්ලතන්නිය බෞද්ධ මධ්‍යස්ථානයේදී පැවති විශේෂ රැස්වීමකදී මෙම තීරණය ගෙන ඇත.
සෑම ශ්‍රීපාද වන්දනා වාරයේකදිම නල්ලතන්නියේ සිට ශ්‍රීපාද මළුව දක්වා ලියාපදිංචි නොකළ විහාරස්ථාන මුවාවෙන් ඇතැම් පිරිස් සම්මාදම් එකතු කරමින් වන්දනාකරුවන්ට තුන්භිය ඇතිකර පිරිත් නුල් ගැට ගසා සම්මාදම් එකතු කරන බවත් එය සම්පුර්ණයෙන්ම තහනම් කිරිමට මෙම රැස්වීමේදී තීරණය කර තිබේ.
සෑම වන්දනා වාරයකදිම මෙවැනි අකටයුතුකම් සිදුවන බවට වන්දනාකරුවන් විසින් ශ්‍රීපාදස්ථානාධිපති මහානායක හිමියන් වෙත ලැබුණු පැමිණිලි ගණනාවක් මත මෙම තීරණයන්ට එළඹ ඇත.
වාර්ෂික බලපත්‍රයක් මත ගගුලතැන්නේ පවත්වාගෙන යන පෞද්ගලික සංචාර හෝටලයක් සංචාරක මණ්ඩලයේ අනුමැතිය ද ලබා ගෙන ඇති බව මෙම විශේෂ රැස්විමේදී අනාවරණය වූ තවත් කරුණක් විය.
මින් ඉදිරියට ශ්‍රීපාද මාර්ගයේ කිසිදු වෙහෙර විහාරස්ථානයක් තමන්ගේ අවසරයකින් තොරව ලියාපදිංචි කිරිමට නොහැකි බවට බෞද්ධ කටයුතු පිළිබද කොමසාරිවරයා විසින් චක්‍රලේඛනයක් නිකුත් කර ඇති බවද ශ්‍රීපාදස්ථානාධිපති හිමියන් මෙම රැස්වීමේදී කරුණු අනාවරණය කළේය.
මෙහිදී අනුශාසනාවක් පවත්වමින් ශ්‍රීපාදස්ථානාධිපති හිමියන් ප්‍රකාශ කළේ ජාතිය, ආගමදහම, සංස්කෘතියට එහා තමන්ට යමක් සිදුකළ නොහැකි නමුත් ඉදිරියේදීත් ශ්‍රීපාදස්ථානයට බලහත්කාරයෙන් යමක් සිදුකිරීමට ඉඩ නොදෙන බවයි.
මෙම විශේෂ රැස්වීමට අඹගමුව ප්‍රාදේශීය ලේකම් අයි.සි.බි සුමනසිරි මහතා, හැටන් පොලිස් අධිකාරි බුද්ධික උඩුගමසුරිය මහතා ඇතුළු නිළධාරින් රැසක් සහභාගී වී සිටියහ.
හැටන් - රංජිත් රාජපක්ෂ
COMMENTS