අ ධි බලැති විදුලි ධාරිතාවක් හේතුවෙන් ලක්ෂපාන ප්‍රදේශයේ විදුලි පාරිභෝගිකයන් රැසකගේ ගෘහස්ථ විදුලි උපකරණ වලට අලාභ හානි සිදු වු බව හා දින තුනක...
අධි බලැති විදුලි ධාරිතාවක් හේතුවෙන් ලක්ෂපාන ප්‍රදේශයේ විදුලි පාරිභෝගිකයන් රැසකගේ ගෘහස්ථ විදුලි උපකරණ වලට අලාභ හානි සිදු වු බව හා දින තුනක් තිස්සේ තම නිවාස වලට විදුලි බලය නොමැති බව පවසමින් ලක්ෂපාන ප්‍රදේශයේ ගම්මාන රැසක විදුලි පාරිභෝගිකයන් කළුගල ලක්ෂපාන ප්‍රධාන මාර්ගය අවහිර කරමින් උද්ඝෝෂනය කිරිම හේතුවෙන් එම මාර්ගයේ ගමනා ගමන කටයුතු අද (29) උදැසන 7 සිට 8.30 දක්වා සම්පුර්ණයෙන්ම ඇණ හිට තිබුණි.
ගිනිගත්හේන පොල්පිටිය හරහා ලක්ෂපාන ප්‍රධාන මාර්ගයේ මොරහේනගම ප්‍රදේශයේ ගම්මාන රැසක විදුලි පාරිභොගිකයන් ප්‍රධාන මාර්ගය අවහිර කරමින් උද්ඝෝෂනය කිරිම නිසා ලක්ෂපාන ජල විදුලි බලාගාර සංකිර්ණයේ සේවා මුරයට යන විදුලි සේවකයන් මෙන්ම එම මාර්ගයේ ගමන් ගන්නා මගින්ද පැය 2 කට ආසන්න කාලයක් දැඩි අසිරුතාවයට පත් වුණ.
උද්ඝෝෂනය සිදු කල විදුලි පාරිභෝගිකයන් චෝදනා කර සිටින්නේ ඉකුත් 27 දින පස්වරුවේ එක් වරම අධි බැලැති විදුලි ධාරිතාවක් තම නිවාස වලට පැමිණිම හේතුවෙන් එක් අයෙකු තුවාල ලබා ලක්ෂපාන රෝහලට ඇතුලත් කර ඇති බවත්, අධි බැලැති විදුලි ධාරිතාවක් ගලා ඒම හේතුවෙන් තම ගම්මානයට විදුලි බලය ලබා දුන් විදුලි ට්‍රාන්ස්ෆෝමරය, දුරකථන සම්බන්ධතා ලබාදෙන උපකරණයක් ,විනාශ වි ඇති බවත්, ඒ තුලින් තම නිවාස වල තිබු ගෘහස්ථ විදුලි උපකරණ රැසක්ම පිලිස්සි දින තුනක් තිස්සේ තම නිවාස වලට විදුලි බලය ඇණ හිට ඇති බවයි.
පිලිස්සි ගිය විදුලි උපකරන වලට වන්දි ලබාදෙන ලෙසත් ඇණ හිට තිබෙන විදුලි බලය යලිත් ලබාදෙන ලෙස ඉල්ලමන ලක්ෂපාන මොරහේනගම, කිරිවැල්හින්න ගම , ඉහල හම්මාව , පාහල හම්මාව ,පොල්හේන , මහවැල්පොල සහ වක්ගම යන ප්‍රදේශවල ජනතාව උද්ඝෝෂනය කරමින් කියා සිටියේය.
එම ගම්මන වල විදුලි පාරිභෝගිකයන් 900 කට පමණ දින තුනක් තිස්සේ විදුලිය ඇණ හිට ඇති බව උද්ඝෝෂනයේ නියැලි සිටි විදුලි පාරිභෝගිකයන් කියා සිටි.
උද්ඝෝෂනයේ නියැලි සිටි විදුලි පාරිභෝගිකයන් හමුවට පැමිණි නෝටන්බ්‍රිජ් පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරික්ෂක උඩුගම මහතා කියා සිටියේ විදුලි ඉන්ජිනේරුවන් සමග සාකච්ඡා කිරිමට අවස්තාවක් ලබාදෙන බවයි.
පොලිස් ස්ථානාධිපතිවරයාගේ පොරොන්දු විමත් සමග ප්‍රධාන මාර්ගයේ ගමනා ගමනයට බාධා නොවන සේ උද්ඝෝෂනය සිදු කිරිමට විදුලිපාරිභෝගිකයන් කටයුතු කලා.
මෙම ගැටළුව සම්බන්ධයෙන් අප ගිනිගත්හේන ප්‍රාදේශිය විදුලි ඉන්ජිනේරු පුෂ්පික දිසානායක මහතාගෙන් අපකල විමසුකමකට ඔහු කියා සිටියේ පසුගිය දිනවල පොල්පිටිය ප්‍රදේශය හරහා ගමන් කල දැඩි සුලං තත්ත්වයක් හේතුවෙන් ගස් අතු කැපිමේදි පොල්පිටියේ සිට ලක්ෂපාන දක්වා ඇද ඇති එක්ලක්ෂ තිස්තුන්දහසක විදුලි ධාරිතාවකින් යුක්ත විදුලි රැහන් එම ගම්මාන වලට විදුලි පාරිභෝගිකයන්ට ලබාදෙන විදුලි රැහන් පද්ධතියක් මතට අධි බලැති විදුලි රැහන් පද්ධතිය ගැටිමෙන් විදුලි පාරිභෝගිකයන්ගේ ගෘහස්ථ විදුලි උපකරණ වලට අලාභ හානි සිදු වි විදුලි බලය ඇණ හිට ඇති බවයි .
විනාශ වි ඇති විදුලි ට්‍රාන්ස්ෆෝමරය වෙනුවට නව විදුලි ට්‍රාන්ස්ෆෝමරයක් සවි කර අද දිනය තුල විදුලි බලය ලබා දිමටත් විනාශ වි ඇති විදුලි උපකරණ සම්බන්ධයෙන් වාර්තාවක් කැදවා තක්සේරු කර එම විදුලි පාරිභෝගිකයන්ට වන්දි ගෙවිමටද කටයුතු කරන බව විදුලි ඉන්ජිනේරුවරයා පැවසිය.
– හැටන් රංජිත් රාජපක්ෂ

COMMENTS