දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ලෝක කුසලාන ගේන්න ගිය කණ්ඩායමේ කිසිම සැලැස්මක් නෑ.. ක‍්‍රිඩකයන් 15 අමතරව නිලධාරීන් තිස් ගණනක් විනෝද චාරිකා ගිහින් !
Homeප්‍රවෘත්ති

ලෝක කුසලාන ගේන්න ගිය කණ්ඩායමේ කිසිම සැලැස්මක් නෑ.. ක‍්‍රිඩකයන් 15 අමතරව නිලධාරීන් තිස් ගණනක් විනෝද චාරිකා ගිහින් !

PropellerAds

ලෝ ක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායමට ලබා දුන් තණතිලි ගැන සාධාරණ පරීක්ෂණයක් අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයෙන් ඉල්ලා සිටීමේ ව...

ලංකා IOC පෙට්‍රල් මිල යළිත් ඉහළ දමයි!
මම ධම්මික පෙරේරා එක්ක කතා කළා... ඔහුට දේශපාලනයට එන්න අයිතියක් තියෙනවා... ඔහුගෙන් දැනුම ලබා ගන්න මුණගැහෙන්නත් කැමැතියි - ජවිපෙ-ධම්මික අලුත් සන්ධානයක් එළියට එයි (VIDEO)
"රිදියගම සෆාරි උද්‍යානයේ සතුන් ඝාතනය වෙනවා" - පහරකෑමට ලක්ව ප්‍රතිකාර ලබන පශු වෛද්‍ය ප්‍රියසාද් එදිරිවර්ණගෙන් ආන්දෝලනාත්මක හෙළිදරව්වක්! (VIDEO)
ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායමට ලබා දුන් තණතිලි ගැන සාධාරණ පරීක්ෂණයක් අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයෙන් ඉල්ලා සිටීමේ වැදගත්කම හිටපු ටෙස්ට් ක්‍රිකට් නායක අමාත්‍ය අර්ජුන රණතුංග අවධාරණය කරයි.
මව්රට සංවිධානයේ ගමේ පන්සල ගමට සවියක් ප්‍රජා සත්කාරයකට එක් වූ අවස්ථාවේදී මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් අමාත්‍ය අර්ජුන රණතුංග මහතා වැඩිදුරටත් කියා සිටියේ ශ්‍රී ලංකා කණ්ඩායමට ලබාදුන් තණතිලිවල ස්වභාවය ගැන තමන්ටද සැකයක් ඇති බවයි.

එහෙත් වත්මන් පරිපාලනය ඒ කිසිවක් කථා නොකර සිය මුනිවත රකිනු ඇතැයිද අර්ජුන රණතුංග මහතා අවධාරණය කළේය.

“ක්‍රිකට්වල දිනනවා පරදිනවා. ඒක සාමාන්‍යයි. නමුත් අපේ ශ්‍රී ලංකා කණ්ඩායමේ ප‍්‍රශ්න ගෝඩාක් තියෙනවා. මේ පහුගිය කාලේ සුදු කාරයෝ කී‍්‍රඩාවට ඇවිල්ලා තම තමන්ට හිතවත් අය ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට එකතු කරලා කි‍්‍රකට් කී‍්‍රඩාව විනාශ කරලා තියෙනවා. ඒ වගේම අසන්ත ද මෙල් මහතා තණතිලි ගැන කියූ කථාව ගැන මමත් හිතනවා ශ්‍රී ලංකාවට තණතිලි ලබා දීමේදී යම් අසාධාරණයක් සිද්ධ වුණාද කියලා මමත් හොයනවා. මම නම් කියන්නේ ඒ ගැන සාධාරණ පරීක්ෂණයක් කරන්න කියලා ලෝක කි‍්‍රකට් කවුන්සිලයට ලියලා බලන්න ඕනි. නමුත් එවැනි ක්‍රියාමාර්ගයකට යන්න කි‍්‍රකට් පරිපාලනයේ අද ඉන්න අයට කි‍්‍රකට් දැනුම තියෙනවද කියලා මම දන්නේ නැහැ. මොකද ඒ අය දන්නේ අශ්වරේස් යන්න විතරයි. ඒ නිසා ක්‍රීඩා අමාත්‍යවරයා හරි මේ ගැන ලෝක ක්‍රිකට් කවුන්සිලයට ලියලා සාධාරණ පරීක්ෂණයක් ඉල්ලන්න ඕන…”යිද එහිදී අමාත්‍ය අර්ජුන රණතුංග පැවසීය.

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඕස්ට්‍රේලියාවට එරෙහිව පැවැති තරගයේ පරාජයට හේතු වූ තාක්ෂණික කරුණු ගැන අදහස් දක්වමින් ඔහු කියා සිටියේ ශ්‍රී ලංකා කණ්ඩායම තවමත් එක කණ්ඩායමක් ලෙසට ක්‍රීඩා නොකරන බවයි.

“ඕස්ට්‍රේලියාට එරෙහි තරගයේදී අපේ කණ්ඩායම සෑහෙන්න දුරට හොඳින් ක්‍රීඩා කළා. අපේ ආරම්භක පිතිකරුවෝ විශාල සේවයක් කළා. නමුත් අපේ කණ්ඩායමට එකට සෙල්ලම් කරනවද කියන ප‍්‍රශ්නය දකින්න තිබුණා. මැද පෙළ පිතිකරුවන්ගේ විශාල අඩුපාඩුවක් තිබුණා. විශේෂයෙන්ම ඇතැම් පිතිකරුවන් හොඳට කී‍්‍රඩා කරන කී‍්‍රඩකයින්ට පීඩනය වැඩි කරනවා. අනවශ්‍ය ලෙස ඇති කළ එම පීඩනය නිසා තමයි හොඳට ක්‍රීඩා කරන කී‍්‍රඩකයා පවා අනවශ්‍ය පහරවල් ගහන්න ගියේ. නමුත් සමහර වෙලාවට ඒ වගේ කී‍්‍රඩා කරන්න සිද්ධ වෙනවා.

සනත් ජයසූරියට අපිට කියන්න බැහැ මාවන් අතපත්තු වගේ කී‍්‍රඩා කරන්න කියලා. ඉතිං එක එක පිතිකරුවන් එක එක විදිහට කී‍්‍රඩා කරනවා. නමුත් අපිට සැලස්මක් තියෙන්න ඕන සනත් දැවී ගියාම තරගය ඉදිරියට ගෙනියන්න. එවැනි සැලැස්මක් අපේ කණ්ඩායමට නැති මට පෙනුණා.

විශේෂයෙන්ම දිමුත් කරුණාරත්න වගේ කී‍්‍රඩකයින්ට පන්දුවාර 50ම ගහන්න දීලා අනිත් පැත්තෙන් තමයි ලකුණු ගහන්න ඕන. තමන්ට දැනට තියෙන සම්පත් එක්ක ජයග‍්‍රණය කරන්න අපි දැන ගන්න ඕන. ඒ කලාව අපේ කණ්ඩායමට දැන් නැහැ. පරිපාලනය දන්නේ නැහැ කී‍්‍රඩකයින්ගේ මනස හදන්න.

අපි දැක්කා මේ තරගාවලිය නරඹන්න පරිපාලනයේ තිස්ගාණක් එංගලන්තයට යනවා. විනෝද චාරිකාවක් වගේ. මේ රටේ සල්ලි. මේවා විනාශ කරනකම් අපි බලාගෙන ඉන්නවා. ආණ්ඩුවත් බලන් ඉන්නවා. කී‍්‍රඩා ඇමතිතුමත් බලන් ඉන්නවා. ඉතිං මේවට මං හිතන්නේ මහජනතාව ඉදිරියේදි දඩුවම දෙයි…”යිද හිටපු ටෙස්ට් ක්‍රිකට් නායක අමාත්‍ය අර්ජුන රණතුංග මහතා වැඩිදුරටත් පැවසීය.

– තමීර මංජු


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29301,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ලෝක කුසලාන ගේන්න ගිය කණ්ඩායමේ කිසිම සැලැස්මක් නෑ.. ක‍්‍රිඩකයන් 15 අමතරව නිලධාරීන් තිස් ගණනක් විනෝද චාරිකා ගිහින් !
ලෝක කුසලාන ගේන්න ගිය කණ්ඩායමේ කිසිම සැලැස්මක් නෑ.. ක‍්‍රිඩකයන් 15 අමතරව නිලධාරීන් තිස් ගණනක් විනෝද චාරිකා ගිහින් !
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgnaG2hUOIorLM0wUQ7kzCvJXQrg0AC4AnTHuvSirXqiyTD24US81fsu78VbZRP3ShmEE5bet6l_Eam1f5m0uVA0DFzNaZillFFNU-ndbxW2Fgy_BCqHiWgt93hFFw0YmIobgVV4V40QEi5/s320/cricket1.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgnaG2hUOIorLM0wUQ7kzCvJXQrg0AC4AnTHuvSirXqiyTD24US81fsu78VbZRP3ShmEE5bet6l_Eam1f5m0uVA0DFzNaZillFFNU-ndbxW2Fgy_BCqHiWgt93hFFw0YmIobgVV4V40QEi5/s72-c/cricket1.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2019/06/15.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2019/06/15.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy