පා ස්කු ඉරිදා (21) ප්‍රහාරය සම්බන්ධව ඉස්ලාම් අන්තවාදී සංවිධාන දෙකක් වහාම ක්‍රියාත්මක වන පරිදි තහනම් කළ බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ...
පාස්කු ඉරිදා (21) ප්‍රහාරය සම්බන්ධව ඉස්ලාම් අන්තවාදී සංවිධාන දෙකක් වහාම ක්‍රියාත්මක වන පරිදි තහනම් කළ බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් අප්‍රේල් 27 වැනිදා නිවේදනය කළද ඊට අදාල ගැසට් නිවේදනය ඊයේ (06) දිනය වන විටත් ප්‍රකාශයට පත්ව නොමැත.
ජනාධිපති මාධ්‍ය අංශය අප්‍රේල් 27 විශේෂ නිවේදනයක් නිකුත්කරමින් සදහන් කර සිටියේ 2019 අංක 1 දරණ හදිසි නීති රෙගුලාසි යටතේ ජාතික තව්හීඩ් ජමාත් (NTJ) සහ ජමාතෙයි මිල්ලතු ඊබ්‍රාහිම් ෆි සෙයිලානි(JMI) යන සංවිධාන තහනම් කිරීමට ජනාධිපති සිරිසේන මහතා නියෝග කර ඇති බවය.
කෙසේ වුවත් මේ ආකාරයට මෙම සංවිධාන තහනම් නොකිරීම හේතුවෙන් එම සංවිධාන සතු මූල්‍ය සහ අනෙකුත් දේපළ සම්බන්ධව කිසිදු පියවරක් ගැනීමට ආරක්ෂක අංශ වෙත නොහැකිව ඇත.
එමෙන්ම මෙම සංවිධාන සදහා මුල්‍ය අනුග්‍රහය ලබාදී ඇති පුද්ගලයන් , ව්‍යාපාර හෝ ආයතන මූල්‍ය වාර්තා විමර්ශනය කිරීමේ දුෂ්කරතාවක් ද මතුව තිබේ.
අපරාධකරුවන් නිදහස්වීමේ අවධානම :
එමෙන්ම සැකකරුවන් බොහෝ දෙනෙකු "තහනම් නොවන සංවිධානයක සාමාජිකයන්" පදනමින් අධිකරණ ඇප ලබා ගැනීමේ අවධානමක් ගැනද විමර්ශන කණ්ඩායම් වල අවධානය යොමුව ඇත.
මේ අතර ජනාධිපති ලේකම් උදය ආර්. තෙන්නකෝන් මහතා මාධ්‍ය වෙත පවසා ඇත්තේ අද (07) දිනය තුළ හෝ ගැසට් පත්‍රය නිකුත්කරන්න කටයුතු සකසන බවය.
නමුත් ආරක්ෂක අමාත්‍යාංශයේ නව ලේකම් ශාන්ත කෝට්ටගොඩ මහතා පවසා ඇත්තේ, ඒ සදහා ලිඛිත අනුමැතිය ලබාදිය යුතු බවයි.
එමෙන්ම මේ සංවිධාන දෙක තහනම් කිරීමට අදාල ගැසට් පත්‍රය නිකුත්කරන තීන්දුව ගෙන ඇත්තේ පසුගිය සිකුරාදා (03) ආරක්ෂක මණ්ඩලය හමුවූ අවස්ථාවේ බවත් ජනාධිපති ලේකම් පවසා ඇත.
එයින් පැහැදිලි වන්නේ ජනාධිපති මාධ්‍ය අංශය සහ ජනාධිපති ලේකම් නිකුත්කල නිවේදන අතර ඇති පරස්පර ස්වභාවයය.
බුද්ධි අංශ කළ දැනුම්දීමක් !
එපමණක් නොව යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක සුමිත් අතපත්තු මහතා සදහන් කරන්නේ අදාල ගැසට් නිවේදනය නිකුත් කරලීමේ ක්‍රියාවලිය බුද්ධි අංශ කළ දැනුම්දීමක් අනුව අඩපණ වූ බවය. ඊට හේතුව ලෙස ඔහු දක්වන්නේ මෙම සංවිධාන දෙක සමග තවත් සංවිධාන කිහිපයක් තහනම් කල යුතු බව බුද්ධි අංශ දැනුම්දී ඇති බවය.
ඒ කෙසේ වුවත් ලැබෙන විශ්වාසවන්ත කටයුතු ආරංචි මාර්ග සදහන් කරන්නේ මෙරට නීති කටයුතු සම්පාදක ආයතන මෙතෙක් අනුමැතිය ලබාදී ඇත්තේ ජාතික තව්හීඩ් ජමාත් (NTJ) සහ ජමාතෙයි මිල්ලතු ඊබ්‍රාහිම් ෆි සෙයිලානි(JMI) යන සංවිධාන තහනම් කිරීමට පමණක් බවය.
නාලක යැව් තහනම් නිවේදනය නීතිපතිගේ මේස ලාච්චුවේ !
මේ අතර පොලිසියේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකු පැවසුයේ මෙම අන්තවාදී සංවිධාන දෙක තහනම් කිරීමට අවශ්‍ය කටයුතු කරන ලෙස ඉල්ලා පොලිස් ත්‍රස්‌ත විමර්ශන ඒකකයේ හිටපු නියෝජ්‍ය පොලිස්‌පති නාලක ද සිල්වා මහතා විසින් 2017 වසරේ නීතිපතිවරයා වෙත යොමුකර ලිපිගොනුවට අත්වූ ඉරණමක් මේ දක්වා වාර්තා නොවන බවයි.
(මුලාශ්‍රය - newstube.lk)

COMMENTS