රි ෂාඩ් බදූර්දීන් අමාත්‍යවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාව සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලයත් පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම...
රිෂාඩ් බදූර්දීන් අමාත්‍යවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාව සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලයත් පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායමත් එක්ව තීරණයක් ගනු ඇති බවත් එය පක්ෂය නියෝජනය කරන සියලු දෙනාගේම තීරණය ලෙස පිළිගත යුතු බවත් නියෝජ්‍ය අමාත්‍ය බුද්ධික පතිරණ මහතා පවසයි. පක්ෂයේ තීන්දුවත් සමඟ සිටිය හැකි අය සිටිනු ඇති අතර නොහැකි අය සිටී නම් ඔවුන් ඉවත්ව යනු ඇති බවයි ඒ මහතා අවධාරණය කළේ.
දේශපාලන පක්ෂය යමෙක් සිටින්නේ නම් ඔහුට පුද්ගලික මතයක් නියෝජනය කළ නොහැකි බව පැවසූ ඒ මහතා පුද්ගලික මතයක් තබාගෙන සිටීමට නම් තමන්ම පක්ෂයක් හදාගත යුතු බවත් පෙන්වා දුන්නේය.
"සමහර දේශපාලනඥයෝ පක්ෂයේ මතය කෝක වුණත් මගේ මතය මේකයි කියනවා. ඕනෙම දේශපාලන පක්ෂයක එහෙම කියන අය පක්ෂ අභ්‍යන්තර ප්‍රජාතන්ත්‍රවාදය සහ පක්ෂ විනය ගැන දන්නෙ නැති අය. ඒ ගොල්ලොන්ව දේශපාලන විද්‍යා පංතියකට යවලා පක්ෂ විනය ගැන උගන්නන්න ඕනෙ" යනුවෙන් බුද්ධික පතිරණ මහතා සඳහන් කළේය.
බදූර්දීන් මහතාට එරෙහි විශ්වාසභංගයේදී පක්ෂයේ තීරණය කුමක් වුවත් තමන් ඊට පක්ෂව ඡන්දය භාවිතා කරන බව රාජ්‍ය අමාත්‍ය නිරෝෂන් පෙරේරා මහතා අවස්ථා කිහිපයකදීම පවසා තිබිණි.

COMMENTS