අ මාත්‍ය රිෂාඩ් බදුර්දීන් මහතා විදෙස් ගත වූයේ නීත්‍යානුකූලව බැවින් ඒ සඳහා චෝදනා එල්ල කළ නොහැකි බව දකුණු පළාත් සභාවේ හිටපු විපක්ෂයේ ප්‍රධාන ...
අමාත්‍ය රිෂාඩ් බදුර්දීන් මහතා විදෙස් ගත වූයේ නීත්‍යානුකූලව බැවින් ඒ සඳහා චෝදනා එල්ල කළ නොහැකි බව දකුණු පළාත් සභාවේ හිටපු විපක්ෂයේ ප්‍රධාන සංවිධායක එක්සත් ජාතික පක්ෂ බලපිටිය ආසන සංවිධායක අශෝක ධනවංශ ද සිල්වා මහතා බළපිටියේදී ප්‍රකාශ කළේය.
කෙසේ වෙතත් රට තුළ ඇතිවූ ගැටලුව සම්බන්ධයෙන් දිගින් දිගටම තමා වෙත චෝදනා එල්ල වෙමින් තිබූ තත්ත්වයක් තුල එම චෝදනා සඳහා පැහැදිලි පිළිතුරු ඉදිරිපත් කිරීමට රිෂාඩ් බදුර්දීන් අමාත්‍යවරයා අපොහොසත් වූ බවද අශෝක ධනවංශ මහතා අවධාරණය කළේය.
රටේ ඇතිව තිබෙන වත්මන් තත්ත්වය සම්බන්ධයෙන් මාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් කරමින් අශෝක ධනවංශ ද සිල්වා මහතා මේ බව ප්‍රකාශ කළේය.
මේ සම්බන්ධයෙන් තව දුරටත් අදහස් දැක්වූ හිටපු දකුණු පළාත් සභා මන්ත්‍රි බළපිටිය එජාප ප්‍රධාන සංවිධායක අශෝක ධනවංශ ද සිල්වා මහතා මෙසේද කීය.
පසුගිය අප්‍රේල් 21 ඉරිදා ම්ලේච්ඡ ප්‍රහාරය සම්බන්ධයෙන් මුස්ලිම් අන්තවාදීන්ට මෙන්ම අපේ රජයේ රිෂාඩ් බදුර්දීන් අමාත්‍යවරයාටත් චෝදනා එල්ල වුණා. එසේ චෝදනා එල්ල වීම තවමත් අඩුවක් නැහැ. අපි දැක්කා විපක්ෂයේ ඩලස් අලහප්පෙරුම, උදය ගම්මන්පිල වගේ දේශපාලනඥයින්ට චෝදනා එල්ල වුණාම ඔවුන් ක්ෂණිකව පිළිතුරු දුන්නා. ඒ පිලිතුරු හරිද වැරදිද කියන කාරණය නොවෙයි මම කියන්නේ. නමුත් රිෂාඩ් බදුර්දීන් ඇමතිතුමාට චෝදනා එල්ල වුණාම එතුමාට සාර්ථක පිළිතුරක් දෙන්න බැරි වුණා. එය අපේ රජයට හොද නැති බවයි, මගේ පෞද්ගලික අදහස.
තමන්ට චෝදනා එල්ල වන විට එතුමාට තිබුණේ අඩුම වශයෙන් ලංකාවේ රැදී සිටිමින් තමන්ගේ වැරදි නොකල ජනතාව වෙනුවෙන් යුතුකම ඉටු කරන්න. එතුමාගෙන් ප්‍රශ්ණ කරන්න යනවාය කියල ආරංචිත් පැතිර ගියා. එතුමාට තිබුණේ මේ වෙලාවේ රට නොයා ඉන්නයි. දිගින් දිගටම චෝදනා එල්ල වන රජයේ අමාත්‍යවරයෙක් වූ එතුමා පිළිබඳව නිසි පරීක්ෂණයක් පැවැත්වීමට රජයත් අපොහොසත් වුණා.
ඒ එල් එම් හිස්බුල්ලා, අසාද් සාලි, මුජිබර් රහුමාන් වගේ අයටත් චෝදනා එල්ල වුණා. මේ අයත් චෝදනා සම්බන්ධයෙන් සාර්ථක පිළිතුරක් ලබා දීලා නැහැ. හිස්බුල්ලා සහ අසාද් සාලී ආණ්ඩුකාරවරුන් වශයෙන් කටයුතු කරනවා. රජයත් මොවුන්ට එල්ල වන චෝදනා සම්බන්ධයෙන් නොසලකා හැර තිබෙන තත්ත්වයක් පෙනෙන්නට තිබෙනවා. විශේෂයෙන්ම ආරක්ෂක අමාත්‍යාංශය ජනාධිපතිතුමා යටතේ තිබෙන තත්ත්වයක් තුල ආණ්ඩුකාරවරුන්ට එල්ල වන චෝදනා සුළුවෙන් තැකිය නොහැකියි.
අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල්තුමන්ගේ වචනයට එතුමා නියෝජනය කරන ජනතාව කීකරු වුණා. අපි එය අගය කල යුතුයි. කිසිදු ක්‍රිස්තියානි භක්තිකයෙක් ප්‍රකෝපකාරී ලෙස හැසිරුණේ නැහැ. ඒ නිසා ඇතැම් විට සිදුවීමට ගිය විශාල විනාශයක් වැළකී ගියා යැයි කිව හැකියි. රජයට වගකිව යුතු ලෙස ක්‍රියාත්මක වීමට ඉඩ ලබාදුන් අගරදගුරුතුමන් වන්දනීය නායකයෙකු ලෙස රටේ ගෞරවාදරයට පාත්‍ර විය යිතුයි. කුමන නිකායකට අයත් වුවත් සියලුම කිතුණුවන් එතුමන්ගේ වචනයට අවනත වීම අගය කළ යුතුයි.
රටේ ජනතාව සංසුන්ව සිටින තත්ත්වයක් තුළ රට තුළ ආරක්ෂාව තහවුරු කරන්න රජයට ඉතාම පහසු වුණා. එම නිසා ත්‍රස්තවාදය පරාජය කිරීමට රජයට පූර්ණකාලීන අවධානය යොමු කළ යුතුයි. රටේ ආරක්ෂාව පිළිබදව දැනුම තිබෙන සියළු දෙනාම ඒකරාශී කරගෙන මව්බිම අංක 01 හි තබාගෙන කටයුතු කල යුතු වෙනවා යැයිද පැවසීය.
– ජයකාන්ත ලියනගේ

COMMENTS