පා තාල නායක මාකඳුරේ මධූෂ් විසින් මේවන විට ඔහු සමඟ සම්බන්ධකම් පැවැත්වූ විවිධ තරාතිරම්වල පොලිස් නිලධාරීන් සහ දේශපාලනඥයන් ගැන දැවැන්ත හෙළිදරවු...
පාතාල නායක මාකඳුරේ මධූෂ් විසින් මේවන විට ඔහු සමඟ සම්බන්ධකම් පැවැත්වූ විවිධ තරාතිරම්වල පොලිස් නිලධාරීන් සහ දේශපාලනඥයන් ගැන දැවැන්ත හෙළිදරවුවක් සිදු කරමින් සිටින බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු ආරංචි මාර්ග වලින් වාර්තා වේ.
ඒ සම්බන්ධයෙන් වූ වාර්තාව ළඟදීම නීතිපතිවරයාට යොමු කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සැලසුම් කර ඇති අතර එම උපදෙස් අනුව ඊට අදාළ පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමට නියමිත බව වාර්තා වේ.
මාකඳුරේ මධූෂ් පොලිස් නිලධාරීන් රැසක් ඉතා කිට්ටුවෙන් ඇසුරු කර ඇති අතර, ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා ද ඒ අතර සිටින බව සඳහන්ය.
නාමල් කුමාර නමැති අයෙක් සිදු කළ පැමිණිල්ලකට අනුව ජනාධිපතිවරයා හා හිටපු ආරක්ෂක ලේකම්වරයා ඝාතනය කිරීමට මාකඳුරේ මධුෂ් සැලසුම් කළ බවට තොරතුරු වාර්තා වූ අතර එවකට ත්‍රස්ත විමර්ශන ඒකකය භාරව සිටි නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා මහතා ද ඊට හවුල් බවට සැක පිට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගතකරනු ලැබීය.
ඔහු මේවන විටද සිටින්නේ රක්ෂිත බන්ධනාගාරගතවය. ඊට අමතරව මේ සම්බන්ධයෙන් හිටපු පොලිස්පති පුජිත් ජයසුන්දර මහතාගෙන්ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අවස්ථා කීපයකදී ප්‍රකාශ සටහන් කර ගත්තේය.
මේ අනුව මාකඳුරේ මධුෂ්ගෙන් රඳවා ගැනීමේ නියෝග මත තවදුරටත් ප්‍රශ්න කරන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ඉහළ නිලධාරියකු සඳහන් කළේ ය.

COMMENTS