අ මාත්‍ය රිෂාඩ් බදියුදීන්ට එරෙහි විශ්වාසභංග යෝජනාවට සහය පළකළහොත් ආණ්ඩුවෙන් ඉවත්වෙන බවට ආණ්ඩු පක්ෂයට සම්බන්ධ කතෝලික මැති ඇමැතිවරුන් අනතුරු ඇ...
අමාත්‍ය රිෂාඩ් බදියුදීන්ට එරෙහි විශ්වාසභංග යෝජනාවට සහය පළකළහොත් ආණ්ඩුවෙන් ඉවත්වෙන බවට ආණ්ඩු පක්ෂයට සම්බන්ධ කතෝලික මැති ඇමැතිවරුන් අනතුරු ඇඟවීමක් කර තිබෙනවා. එසේම පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසු ආණ්ඩු පක්ෂයේ ඇතැම් ක්‍රියාකාරකම් වලට එකඟ විය නොහැකි බවත් ඊට එරෙහිව ක්‍රියාකරන ලෙසත් කතෝලික ආගමික නායකයන් විසින් කතෝලික දේශපාලනඥයන්ට ප්‍රකාශ කර ඇති බව වාර්තා වනවා.
පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසු මෙතෙක් ආණ්ඩුව ක්‍රියාකර ඇති ආකාරය අනුව තම ප්‍රදේශවල ජනතාවට මුහුණ දීමට නොහැකි තත්ත්වයක් උදාවී ඇති බව ආණ්ඩුවට සම්බන්ධ ඇතැම් කතෝලික මැති ඇමැතිවරු තම දේශපාලන ප්‍රධානීන්ට දන්වා ඇති බවද වාර්තා වනවා.
මේ අතර අමාත්‍ය රිෂාඩ් බදියුදීන්ට එරෙහිව ඉදිරිපත්ව ඇති විශ්වාසභංග යෝජනාව පිළිබඳව ආණ්ඩුව තේරීම්කාරක සභාවක් පත්කිරීමට තීරණය කළ අතර එම තේරීම් කාරක සභාවට පත් කෙරුණු කතෝලික බැතිමතෙකු වන කාවින්ද ජයවර්ධන එම තේරීම් කාරක සභාවෙන් ඉල්ලා අස්වී තිබුණා.
එසේම රාජ්‍ය අමාත්‍ය නිරෝෂන් පෙරේරාද රිෂාඩ් බදියුදීන්ට එරෙහිව පියවරක් ගන්නා ලෙස ආණ්ඩුවට දැඩි බලපෑමක් එල්ලකර ඇති අතර පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී හෙක්ටර් අප්පුහාමිද පාස්කු ප්‍රහාරය පිළිබඳව රජයේ ඇතැම් ක්‍රියාකලාපයන් හෙළා දැක තිබෙනවා.
ලක්බිම

COMMENTS