සැ කසහිත ලෙස වත්කම් උපයා ගැනීම සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනයකට අදාලව කුරුණෑගල ශික්ෂණ රෝහලේ වෛද්‍යවරයෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබුණි...
සැකසහිත ලෙස වත්කම් උපයා ගැනීම සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනයකට අදාලව කුරුණෑගල ශික්ෂණ රෝහලේ වෛද්‍යවරයෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබුණි.
තවත් නීති විරෝධී ක්‍රියා කිහිපයක් සම්බන්ධයෙන්ම මොහුට එරෙහිව චෝදනා එල්ල වී ඇත.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ සෙයිගු සියාබ්දීන් මොහොමඩ් සාෆි නැමැති 42 හැවිරිදි කුරුණෑගල ශික්ෂණ රෝහලේ සිසේරියන් සැත්කම් සිදුකරන වෛද්‍යවරයෙකි.
සැකසහිත ආකාරයට වත්කම් උපයා ගැනීමක් සම්බන්ධයෙන් ඔහුට එරෙහිව කුරුණෑගල පොලිස් ස්ථානය වෙත තොරතුරු ලැබී ඇත.
ඒ අනුව ඊයේ (24) රාත්‍රී 10ට පමණ කුරුණෑගල පොලීසිය විසින් කුරුණෑගල පිහිටි ඔහුගේ නිවසේදී අදාල වෛද්‍යවරයා අත්අඩංගුවට ගෙන ඇත.
මේ අතර අද මාධ්‍ය හමුවක් කැඳවමින් එම රෝහලේ අධ්‍යක්ෂවරයා සඳහන් කළේ මෙම වෛද්‍යවරයා සිය වෘත්තියේ නියලෙන අතරතුදී සිදු කළ තවත් නීතිවිරෝධී ක්‍රියා සම්බන්ධයෙන් මේ වන විටත් පරික්ෂණ සිදු කෙරෙන බවයි.
මෙම වෛද්‍යවරයා රිෂාඩ් බදියුදීන් අමාත්‍යවරයාගේ නායකත්වයෙන් යුත් සමස්ථ ලංකා මුස්ලිම් කොංග්‍රසයේ සාමාජිකයෙකු වන අතර ඉකුත් මහමැතිවරණයට කුරුණැගල දිස්ත්‍රික්කයෙන් එක්සත් ජාතික පක්ෂයේ අංක 18 න් තරග කර ඇත.

COMMENTS