ස කල ලෝවාසී බොදු දනන්ට සුවිශේෂී වූ වෙසක් පුන් පෝදා අදයි. ආමිස පූජාවෙන් මෙන්ම ප‍්‍රතිපත්ති පූජාවෙන් ද අප ශාන්ති නායකයාණන් වහන්සේගේ ඉපදීම, බු...
සකල ලෝවාසී බොදු දනන්ට සුවිශේෂී වූ වෙසක් පුන් පෝදා අදයි. ආමිස පූජාවෙන් මෙන්ම ප‍්‍රතිපත්ති පූජාවෙන් ද අප ශාන්ති නායකයාණන් වහන්සේගේ ඉපදීම, බුදුවීම, පිරිනිවීම අද ලෝවාසී බෞද්ධයන් විසින් සිහිපත් කරනු ලබයි. ලංකාවාසී ජනතාවම දාන, සීල, භාවනාමය වශයෙන් ප‍්‍රතිපත්ති පූජාවේ මෙන්ම තොරණ සැරසිලි බැති ගී ආමිස පූජාවන් ආදී විවිධ පිංකම්වල මෙන්ම විවිධ පරාර්ථ චර්යාවන්හි යෙදෙමින් මහා කෘතවේදීත්වය පළ කරනුයේ මේ වකවානුවෙයි.
දීපංකර බුදුරජුන්ගෙන් සුමේධ තාපසයාව විවරණ ලැබීම, කතරගම තිස්සමහාරාම කිරිවෙහෙර ඇතුළු සොළොස්මස්ථානවලට වැඩම කර සමවත් සුවයෙන් කාලය ගත කළ ලොව්තුරා බුදුපියාණන් වහන්සේ එම උතුම් පූජනීය ස්ථාන පිහිටිය යුතු තැන් බුදු පහසින් ස්පර්ශ කිරීම, ආදී සිදුවීම් රැුසක් වෙසක් පුන් පෝදා සිදුවිය.
රටේ අද ඇතිවී තිබෙන අවාසනාවන්ත තත්ත්වය හමුවේ දන්සල්, තොරණ ආදියේ අඩුවක් තිබුණ ද වෙනදාට වඩා ප‍්‍රබෝධයකින් වෙසක් සැරසිලි සඳහා ජනතාව පෙළගැසීම තිබීම සතුටට කරුණකි. එහි සුවිශේෂී කරුණ වනුයේ අප සහෝදර කිතුණු ජනයා ද ඇතැම් ස්ථානවල මුස්ලිම් ජනයාද බෞද්ධයන් සමග එකතුව මෙම වෙසක් සැරසිලිවලට සහභාගීවීමයි.

COMMENTS