දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
හලීම්, මරික්කාර්, අමීන් හිතන්නේ සෙසු ජන කොටස් ගොන්නු කියලද? වහාබ්වාදය අද මරාගෙන මැරෙන ත‍්‍රස්තවාදයක් වෙලා
Homeප්‍රවෘත්ති

හලීම්, මරික්කාර්, අමීන් හිතන්නේ සෙසු ජන කොටස් ගොන්නු කියලද? වහාබ්වාදය අද මරාගෙන මැරෙන ත‍්‍රස්තවාදයක් වෙලා

PropellerAds

මු ස්ලිම් ජන සමාජය තුළ වහාබ්වාදී අන්තවාදය මතවාදයක් ලෙස පමණක් නොව මරාගෙන මැරෙන සන්නද්ධ ක‍්‍රියාකාරීත්වයක් දක්වා වර්ධනය වී ඇති බව දැන්වත් මුස...

ලබන අවුරුද්දේ ධන බද්දක්!
ෆොන්සේකා SJB තනතුරින් නෙරපයි..
ජනමත විචාරණයක් තියන්න පුළුවන්ද? ඕන ඕන වෙලාවට ව්‍යවස්ථාව වෙනස් කරන්න පුළුවන්ද? ජනාධිපති ක්‍රමය වෙනස් කරන්න පුළුවන්ද? හිටපු අගවිනිසුරු සරත් සිල්වා උදාහරණ-වගන්ති එක්කම ඇත්ත කතාව කියයි
මුස්ලිම් ජන සමාජය තුළ වහාබ්වාදී අන්තවාදය මතවාදයක් ලෙස පමණක් නොව මරාගෙන මැරෙන සන්නද්ධ ක‍්‍රියාකාරීත්වයක් දක්වා වර්ධනය වී ඇති බව දැන්වත් මුස්ලිම් ජන නායකයන් පිළිගත යුතුව ඇති බවත් එසේ තිබියදී මුස්ලිම් කටයුතු අමාත්‍ය හලීම්, එජාප පාර්ලිමේන්තු මන්ත‍්‍රී මරික්කාර් හා මාධ්‍යවේදී අමීන් එම තත්වය පිළි නොගනිමින් ‘කඩු ගැන කියන කතා’ ඇසෙන විට වැටහෙන්නේ ඔවුන් සිංහල – දෙමළ බෙෘද්ධ හා කිතුණු ජනකොටස් හරක් රැුළක් සේ සලකා කටයුතු ආකාරය යැයි ද ජාතික නිදහස් පෙරමුණ පවසයි.
එසේම මුස්ලිම් ජන සමාජය සන්නද්ධ කිරීම සඳහා ගෙන ආ ආනයනික කඩු, කිනිසි, මන්නා, කෙටේරි ආදී ආයුධ මුස්ලිම් පල්ලි හා වහාබ් ත‍්‍රස්තවාදීන්ගේ කඳවුරු තුළින් හමු වෙද්දී හලීම් ඇමතිවරයා, කඩු ගෙනාවේ තණකොළ කැපීමට බවත් එජාප මන්ත‍්‍රී මරික්කාර්, කඩු ගෙනාවේ උක්ගස් කැපීමට බවත් අමීන් මාධ්‍යවේදීයා කඩු ගෙනාවේ ගෑණු දරුවන් ආරක්‍ෂා කිරීමට බවත් පවසද්දී පෙනී යන්නේ ඔවුන් මෙම මනුෂ්‍ය සංහතියටම අගතිගාමී වහාබ් අන්තවාදය ආරක්ෂා කරන ආකාරය යැයි ද එම පෙරමුණ වැඩිදුරටත් පවසයි.

පිටකෝට්ටේ පිහිටි ජානිපෙ ප‍්‍රධාන කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවක් අමතමින් එහි ජාතික සංවිධායක ජයන්ත සමරවීර මෙසේ පැවසීය.

කඩු, කිනිසි, බෝම්බ සාදන උපකරණ, ත‍්‍රස්ත කඳවුරු, මරාගෙන මැරෙන බෝම්බ ආදී සියල්ල මේ වන විට මුස්ලිම් ජන සමාජය තුළින් හමු වී ඇති නිසා දැන්වත් තම ජන සමාජය තුළ වහාබ්වාදී අන්තවාදය මතවාදයක් ලෙස පමණක් නොව සන්නද්ධ ක‍්‍රියාකාරීත්වයක් ලෙස ද වර්ධනය වී ඇති බව මුස්ලිම් ජන නායකයන් නොපිළිගතහොත් යළි ගොඩගත නොහැකි ලෙස මුළු රටම ලේ විලක් වනු ඇති බවත් ඒ මහතා සඳහන් කළේය.

ඉස්ලාම් දහම අදහන මුස්ලිම් ජන සමාජ අතුරින් ඉස්ලාම් මූලධර්මවාදී අන්තවාදයක් වන වහාබ්වාදය අදහන තැනට පත්ව ඇති මුස්ලිම් ජන සමාජ තුළ ත‍්‍රස්තවාදය හිස ඔසවා ඇති බවත් එම වහාබ් අන්තවාදය මනුෂ්‍ය සංහතියට අගතිගාමී, විසකුරු, මරාගෙන මැරෙන ත‍්‍රස්තයන් බිහි කරන අන්තවාදයක් යැයි පිළිගැනීම එය පැරදවීමේ පළමු පියවර බවත් මුස්ලිම් ජන නායකයන්ට යළිත් අවධාරණය කරන බව ද ජයන්ත සමරවීර මහතා සඳහන් කළේය.

බුද්ධි අංශ අඩපණ කොට මේ වහාබ්වාදී අන්තවාදයට රිසි සේ වැඞීමට ඉඩ දුන් සිරිසේන – වික‍්‍රමසිංහ පාලනය පමණක් නොව, එවැනි පාලනයකට පාර කැපූ ජාතික හෙළ උරුමයේ චම්පික රණවකලා සහ ජවිපෙ අනුර දිසානායකලා ද මෙම තත්වයට වගකිව යුතු බව ද ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

එසේම දැන් ලංකාවේ කඩු ළ`ග තබා ගැනීම වරදක් නොවී එසේ ළඟ තබාගත් කඩු මාධ්‍ය මගින් පෙන්වීම වරදක් වී ඇති බවත් එමගින් ආණ්ඩුව දැනටමත් මුද්‍රිත හා විද්යුත් මාධ්‍යවලට අත තබා ඇති බවත් ළ`ගදීම සමාජ මාධ්‍යවලට ද අත තබනු ඇති බවත් ජයන්ත සමරවීර මහතා පෙන්වා දුන්නේය.

එමගින් සිදු වනුයේ කටකතා පැතිර යාම සහ ජන සමාජය තුළ අවිශ්වාසය පැතිර යාම බවත් මේ ත‍්‍රස්ත ක‍්‍රියාකාරකම් මැඩලිය හැක්කේ ඒවායේ සැබෑ තතු මුළුමහත් ජාතිය හමුවේ තබා ඒවා මැඩලීමට ජනතා සහයෝගය ලබා ගැනීමෙන් පමණක් බවත් ඒ මහතා සඳහන් කළේය

මෙම මාධ්‍ය හමුවට කොළඹ මහා නගර සභා මන්ත‍්‍රී සමන්ත නෙළුම්දෙණිය, කඩුවෙල මහා නගර සභා මන්ත‍්‍රී ධනවංශ යන මහත්වරු ද එක්ව සිටියහ.

අනුරුද්ධ බණ්ඩාර රණවාරණ
මාධ්‍ය ලේකම්
ජාතික නිදහස් පෙරමුණ


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29301,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: හලීම්, මරික්කාර්, අමීන් හිතන්නේ සෙසු ජන කොටස් ගොන්නු කියලද? වහාබ්වාදය අද මරාගෙන මැරෙන ත‍්‍රස්තවාදයක් වෙලා
හලීම්, මරික්කාර්, අමීන් හිතන්නේ සෙසු ජන කොටස් ගොන්නු කියලද? වහාබ්වාදය අද මරාගෙන මැරෙන ත‍්‍රස්තවාදයක් වෙලා
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjwtY-2y4bBo4_YIUFpEytd6c7Y14uchKVbfuAWUwTcwOEQB5bEjnJ1mPmLO25-XBvXKOM1ezuSqNGat49Ed_L7OVZxhKHnwojqXro8-DcdEFNIPx02Wonl57i3hExVYlA__mqoDC9Md-QQ/s320/Jayantha.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjwtY-2y4bBo4_YIUFpEytd6c7Y14uchKVbfuAWUwTcwOEQB5bEjnJ1mPmLO25-XBvXKOM1ezuSqNGat49Ed_L7OVZxhKHnwojqXro8-DcdEFNIPx02Wonl57i3hExVYlA__mqoDC9Md-QQ/s72-c/Jayantha.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2019/05/blog-post_246.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2019/05/blog-post_246.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy