‘‘සිවුරුලාගෙන භික්ෂු වේෂයෙන් නිවෙස් වෙත එන අයි එස් මුස්ලිම් අන්තවාදීන් ගැන අවධානයෙන් ඉඳලා ආරක්ෂක අංශ දැනුවත් කරන්න.’’ යැයි වැල්ලවත්ත සුගත ව...
මරාගෙන මැරෙන මුස්ලිම් අන්තවාදය නිසා අද සිංහල, දෙමළ මුස්ලිම් අහිංසක ජනතාව භීතියට පත්වී සිටින බව ද උන්වහන්සේ කියා සිටියහ.
මෙහිදී තවදුරටත් කතා කළ උන්වහන්සේ මෙසේ ද කීහ.
‘‘එදා සිංහල, මුස්ලිම්, දෙමළ, අපි හැමෝම බොහොම සමගියෙන් ජීවත්වුණේ. ඒත් මේ මුස්ලිම් අන්තවාදීන් අපි අතරේ තියෙන සමගිය බිඳ වැටෙමින් රට විනාශ කරමින් තියෙන කාලයක් මේක.
මේ සියලූම ආගමික ස්ථානවල ස්වාමීන් වහන්සේලා, පියතුමන්ලා, පූජකතුමන්ලා ආරක්ෂා කරන්න ඕන. අනිත් එක තමයි මේ මුස්ලිම් අන්තවාදීන් සමඟ සබඳතා පවත්වන සියලූම දේශපාලනඥයෝ අත්අඩංගුවට ගත යුතුයි. මොකද මේ රටේ දේශපාලන හයියක් තියෙන්න ඕන. මේ අයට නැගිටින්න.
‘‘බලන්න කඩු, බෝම්බ, ගිනි අවි, ජීව උණ්ඩ, තියුණු පිහි, ආරක්ෂක අංශ සොයාගන්න විදිහ. මෙච්චර දේවල් මේ කොට්ඨාශය තුළ මේ මුස්ලිම් අන්තවාදීන් ළඟ තියාගත්ත නම් ඉදිරියේදී මොන තරම් අපරාධ වෙන්න තිබුණද?
දිවයින

COMMENTS