මහානාම තිලකරත්න වාර්තාවට අනුව එම ඝාතන චෝදනාව පසුගිය රාජපක්ෂ පාලනයට එල්ල වී ඇති හෙයින් ඒ සම්බන්ධයෙන් සක්‍රීයව මැදිහත් වීමේ හැකියාවක් ඇති බ...
මහානාම තිලකරත්න වාර්තාවට අනුව එම ඝාතන චෝදනාව පසුගිය රාජපක්ෂ පාලනයට එල්ල වී ඇති හෙයින් ඒ සම්බන්ධයෙන් සක්‍රීයව මැදිහත් වීමේ හැකියාවක් ඇති බවයි ප්‍රනාන්දු මහතා පෙන්වා දුන්නේ. රාජපක්ෂ පාලනයේ වැරදි වසන් කිරීමේ අවශ්‍යතාවක් වත්මන් ආණ්ඩුවට නොමැති බවත් වත්මන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා එදා විපක්ෂ නායකයාව සිටියදී කළ ප්‍රකාශයම ඒ වෙනුවෙන් මැදිහත් වීමට ප්‍රමාණවත් බව හෙතෙම සඳහන් කළේය.
තම පිරිස මෙන්ම තවත් කණ්ඩායම් දිගින් දිගටම ආණ්ඩුවට කළ බලපෑම හමුවේ මහානාම තිලකරත්න වාර්තාව එළි දැක්වීමට සිදු වූ බව පැවසූ බ්‍රිටෝ ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කළේ එම නිර්දේශ ක්‍රියාත්මක කිරීම තවදුරටත් ප්‍රමාද වන්නේ නම් නැවත වටයකින් එම අරගලය ආරම්භ කිරීමට සිදු වන බවයි.
වාර්තාව සැකසීමේදී එම සිදුවීමේ වගකීම රජය ගතයුතු බවට සෘජු සාක්ෂි නොමැති වුවත් ඊට මුහුණ දුන් හා ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වූ සියලු දෙනාගේ අදහස් අනුව ඒ සම්බන්ධයෙන් රජයට වගකීමක් ඇති බවත් සිද්ධියට සම්බන්ධ සියලුම නිලධාරීන්ට එරෙහිව නිතිය ක්‍රියාත්මක විය යුතු බවට වාර්තාවේ නිර්දේශ කර තිබුණද මෙතෙක් ඊට සාධාරණ මැදිහත් විමක් සිදුව නොමැති බවයි බ්‍රිටෝ ප්‍රනාන්දු මහතා වැඩිදුරටත් කියා සිටියේ.
ආශිකා බ්‍රාහ්මණ
[youtube height="300" width="560" align="left|right|none"]http://www.youtube.com/watch?v=v_mdlQ_yQoE[/youtube]
COMMENTS