උ තුරුමැද පළාත් සභාවේ හිටපු විපක්ෂ නායක ජෙනරාල් ජානක පෙරේරා මහතා ඇතුළු 28 දෙනකු මරාගෙන මැරෙන බෝම්බ ප‍්‍රහාරයකින් ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන...
උතුරුමැද පළාත් සභාවේ හිටපු විපක්ෂ නායක ජෙනරාල් ජානක පෙරේරා මහතා ඇතුළු 28 දෙනකු මරාගෙන මැරෙන බෝම්බ ප‍්‍රහාරයකින් ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අනුරාධපුර මහාධිකරණය හමුවේ අධිචෝදනා 48ක් ලබා සිටි දෙවැනි විත්තිකරු චෝදනා 48න් චෝදනා 31 කට වරදකරු බවට ඊයේ (21දා) තීරණය කළ අනුරාධපුර විශේෂ මහාධිකරණයේ හිටපු විනිසුරු සහ ගම්පහ පළාත්බද සිවිල් අභියාචනා මහාධිකරණ විනිසුරු ඛේමා ස්වර්ණාධිපති මහත්මිය ඔහුට ජීවිතාන්තය දක්වා සිරද`ඩුවම් නියම කළාය.
මෙසේ දඬුවම් නියම වූයේ මැදවච්චිය, සියඹලාගස්කඩ මොහොමඞ් උමාර් හබ්තාබ් නමැත්තාටයි.
ඊට අමතරව පළමු, දෙවැනි සහ තුන්වැනි චෝදනාවන්ට විත්තිකරුට වසර 20 බැගින් වෙන් වෙන් වශයෙන් වසර 60 ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක් නියම කළ මහාධිකරණ විනිසුරුවරිය එම සිර දඬුවම් කාලය වෙන් වෙන් වශයෙන් ගෙවී යා යුතු බවට ද නියෝග කරනු ලැබුවාය.
විත්තිකරුට එරෙහිව නීතිපතිවරයා විසින් නගා තිබූ 32 සිට 48 දක්වා චෝදනාවන්ට ඔහු නිවැරදිකරු බවට නිගමනය කළ මහාධිකරණ විනිසුරුවරිය එම චෝදනාවන්ගෙන් විත්තිකරු නිදහස් කිරීමට ද නියෝග කළාය.
විත්තිකරුට අයත් සියලූ දේපල රාජසන්තක කිරීමට ද තවදුරටත් නියෝග කළ මහාධිකරණ විනිසුරුවරිය, එල්ටීටීඊ සංවිධානයේ නායක වේළුපිල්ලේ ප‍්‍රභාකරන් විසින් විත්තිකරුට තෑගි ලෙස ලබා දී තිබූ ඉහළ වටිනාකමකින් යුත් ස්විස් වර්ගයේ අත්ඔරලෝසුව, සයනයිඞ් කරල සහ කමිසය ත‍්‍රස්ත විමර්ශන කොට්ඨාසය මගින් ස්ථාපිත කිරීමට අපේක්ෂිත කෞතුකාගාරයට බාර දෙන ලෙසට ද නියෝග කළාය.
මේ අතර මෙම අපරාධයට ආධාර අනුබල දුන් බවටත්, ඒ සඳහා කුමන්ත‍්‍රණය කළ බවටත් අධිකරණය හමුවේ වරද පිළිගත් එල්.ටී.ටී.ඊ සංවිධානයේ මරාගෙන මැරෙන බෝම්බ පුපුරුවා හැරීම් අංශයේ හිටපු කර්නල්වරයකුට වසර 20 බරපතළ වැඩ සහිත සිර දඬුවමක් උතුරුමැද පළාත්බද මහාධිකරණයෙන් මීට පෙර නියම කර තිබුණි.
මෙම අපරාධයට ආධාර අනුබල දීමේ වරදට වසර දහයක්ද, කුමන්ත‍්‍රණය කිරීමේ වරදට වසර දහයක් ද වශයෙන් වෙන් වෙන්ව මෙම විසි වසරක බරපතළ වැඩ සහිත සිර දඬුවම නියම කෙරිණ.
මේජර් ජෙනරාල් ජානක පෙරේරා මහතා ඇතුළු 31 දෙනකු අනුරාධපුරයේදී මරාගෙන මැරෙන බෝම්බ ප‍්‍රහාරයකින් ඝාතනය කෙරුණේ 2008 වසරේ ඔක්තෝබර් 6 වැනිදාය.
මේජර් ජෙනරාල් ජානක පෙරේරා මහතා සමඟ අනුරාධපුරයේ හිටපු කීර්තිමත් දක්ෂ ජ්‍යෙෂ්ඨ නීතිඥයකු වන ඒ.සී.එස්.හමීඞ්, නීතිඥ එම්.අනුර්දීන් සහ නීතිඥ තනුජා රාජපක්ෂ යන මහත්ම මහත්මීන් එම ස්ථානයේදීම මිය ගිය අතර වෛද්‍ය නන්ද පුෂ්පකුමාර මහතා ඇතුළු තවත් පිරිසක් බරපතළ තුවාල ලැබූහ.
මෙම නඩුවේ සාක්ෂිකරුවන් ලෙස 152 දෙනෙක් නීතිපතිවරයා විසින් නම් කරනු ලැබ සිටිති. එල්.ටී.ටී.ඊ. ත‍්‍රස්ත සංවිධානයේ හිටපු ස්වයං ඝාතකයෙකු වූ වසන්තන් නොහොත් යක්කලමුල්ල සමන් කුමාර නමැත්තා යොදවා ජානක පෙරේරා මහතා ඇතුළු පිරිස ඝාතනය කිරීමට, පළමු විත්තිකරු සමග එක්ව කුමන්ත‍්‍රණය කිරීම සම්බන්ධයෙන් වරද පිළිගත් නඩුවේ දෙවන විත්තිකරු වු කලූවන්කේනි චෙන්කලාඩි මඩකලපුව ලිපිනයේ පදිංචි එල්.ටී.ටී.ඊ. ත‍්‍රස්ත සංවිධානයේ හිටපු කර්නල්වරයෙකු වූ සම්මුගන් සුදාහරන් (45) යන අය මීට වසර තුනකට ඉහතදී අධිකරණය හමුවේ වරද පිළිගැනීමෙන් පසුව විසි වසරක බරපතළ වැඩ සහිත සිර ද`ඩුවමක් නියම විය.
පැමිණිල්ල වෙනුවෙන් රජයේ නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් සුදර්ශන ද සිල්වා සහ රහස් පොලිසියේ නිලධාරීහු පෙනී සිටිති.
අගතියට පත් පාර්ශ්වයේ අයිතිවාසිකම් වෙනුවෙන් ජ්‍යෙෂ්ඨ නීතිඥයින් වන නිමල් මාරසිංහ, සජීව ගුණරත්න, චාන්දනී හටංගල, ආරියරත්න වික‍්‍රමආරච්චි, ආනන්ද පේ‍්‍රමරත්න යන මහත්ම මහත්මීන් සමඟ නීතිඥ කාලිංග රවින්ද්‍ර මහතා ඇතුළු නීතිඥවරු කණ්ඩායමක් පෙනී සිටියහ. විත්තිකරු වෙනුවෙන් නීතිඥ මහින්ද ජයවර්ධන මහතා පෙනී සිටියේය.

COMMENTS