ක ර්මාන්ත හා වාණිජ්‍ය කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන්ට එරෙහි විශ්වාසභංග යෝජනාවක් ඒකාබද්ධ විපක්ෂය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව ඒකාබ...
කර්මාන්ත හා වාණිජ්‍ය කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන්ට එරෙහි විශ්වාසභංග යෝජනාවක් ඒකාබද්ධ විපක්ෂය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව ඒකාබද්ධ විපක්ෂයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රි ඩලස් අලහප්පෙරුම පැවසුවා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකදී මන්ත්‍රිවරයා මේ බව සඳහන් කළා.
බදියුදීන්ට එරෙහිව ඉදිරිපත් කරන විශ්වාසභංග යෝජනාව මේ වන විට කෙටුම්පත් කර තිබෙන බවද අද (14දා) විපක්ෂ නායකවරයාගේ ප්‍රධානත්වයෙන් රැස්වන ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රි කණ්ඩායම් රැස්වීමේදී සාකච්ඡා කර විශ්වාසභංග යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන දිනය තීරණය කරන බවද මන්ත්‍රිවරයා පැවසුවා.
පාර්ලිමේන්තු මන්ත්‍රි අතුරලියේ රතන හිමි, විජයදාස රාජපක්ෂ, ආනන්ද අලුත්ගමගේ යන එජාප මන්ත්‍රිවරුන් සමඟ ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රිවරුන් පිරිසක්ද මෙම යෝජනාවට පක්ෂව ජන්දය දීමට කැමැත්ත පළ කර ඇති බවද මන්ත්‍රිවරයා මෙහිදී පෙන්වා දුන්නේය.
ජයසූරිය උඩුකුඹුර

COMMENTS