නැ ඟෙනහිර පළාත් ආණ්ඩුකාර එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා පිළිබඳව විමර්ශන පැවැත්වීම අත්‍යවශ්‍ය වී ඇති බව දෙමළ ජාතික සන්ධාන නැඟෙනහිර පළාත් නියෝජිතය...
නැඟෙනහිර පළාත් ආණ්ඩුකාර එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා පිළිබඳව විමර්ශන පැවැත්වීම අත්‍යවශ්‍ය වී ඇති බව දෙමළ ජාතික සන්ධාන නැඟෙනහිර පළාත් නියෝජිතයෝ රජයට බල කර සිටිනවා. දෙමළ ජාතික සන්ධානය නියෝජනය කරනු ලබන නැඟෙනහිර පළාත් හිටපු නියෝජිතයන් ඉකුත්දා නැඟෙනහිරදී රැස්වූ අතර එහිදී තමිල් අරසු කච්චි පක්ෂයේ මහ ලේකම් කේ. තුරෙයිරත්නසිංගම් මේ බව පැවැසුවා.
එහිදී තුරෙයිරත්නසිංගම් මෙසේ පැවසුවා.
"හිස්බුල්ලා ආණ්ඩුකාරවරයා මඩකළපුව - ඔට්මාවඩි නගරයේ දෙමළ ජනතාවට අයත් පොදු සුසාන භූමිය හා එයට අයත් ඉඩම් නීති විරෝධී ලෙස අත්පත් කර ගැනීමේ කටයුත්තට සහයෝගය ලබාදී තිබෙනවා. එම ස්ථානයේ මේ වන විට ඔට්ටමාවඩි නගර සභාවත් පුස්තකාලයත් ඉදිකර තිබෙනවා. ඔහු මේ බව එක්තරා වීඩියෝවකින් පිළිගෙන තිබෙනවා.
තවත් වීඩියෝවක හින්දු කෝවිලක් කඩා බිඳ දමා එහි සති පොළක් ස්ථාපිත කිරීමට තමා කටයුතු කළ බව සඳහන් කරනවා. එවක නැඟෙනහිර පළාත් සංවර්ධන කමිටුවේ සභාපති ලෙස කටයුතු කරමින් ඔහු මේ සියල්ල සිදු කළායි, දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් මීට විරෝධය පළ කළද ඔහු එය තැකුවේ නැහැ.
තවත් වීඩියෝවක තමන්ට පක්ෂාතී තීරණයක් ලබා ගැනීමට විනිසුරුවරයාද වෙනස් කිරීමට තමන් කටයුතු කළ බව හිස්බුල්ලා ආණ්ඩුකාරවරයා ප්‍රකාශ කර තිබෙනවා.
එසේම මුස්ලිම් ප්‍රජාව කිසිවිටෙකත් හමුදාවට එරෙහිව අවි එසවූයේ නැති බව ප්‍රකාශ කරනවා. නමුත් හිස්බුල්ලා එම වීඩියෝවෙන් තවදුරටත් කියන්නේ මුස්ලිම් තරුණියන් සමඟ තමන්ද අවිගෙන සිය ගම රැකවල්ලා සිටිය බවයි.
ඔට්ටමාවඩි ප්‍රදේශයේ සිටි දෙමළ ජනතාව ආයුධ ගෙන එළවා දැමුවේ හිස්බුල්ලා ආණ්ඩුකාරවරයා යන සැකය දැන් අපට මතුව තිබෙනවා. ලේ විලක් වනු ඇත යන වචනය ඔහු භාවිත කළා. එය තරුණයන් ප්‍රචණ්ඩත්වයට පෙලඹවීමක්."
ලක්ෂ්මී ජයකොඩි

COMMENTS